2019 අය වැය සම්මතයි
05 April 2019
2019 අය වැය සම්මතයි
05 April 2019
පසුගිය 05 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙවර (2019) අයවැය තෙවනවර කියවීමේ විවාදය 06වනදා සිට මේ වනතෙක් පැවති අතර අද පස්වරුවේ තෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්විණි.
එම ජන්ද විමසීම පාර්ලිමේන්තුවේදී විද්‍යුත් ක්‍රමයට පැවැත්වුණු අතර අයවැයට පක්ෂව ජන්ද 119ක් ද විපක්ෂව ජන්ද 74ක්ද ලැබී ඇත.
ඒ අනුව අයවැය තෙවනවර කියවීම වැඩි ජන්ද 45 කින් සම්මත වෙයි.
ඒකාබද්ධ විපක්ෂය මෙවර අයවැයට විරුද්ධව ඡන්දය දීමට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අයවැයට ඡන්දය ලබා දීමෙන් වැළකී සිටීමට තීරණය කර තිබුණු අතර ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විරුද්ධව ඡන්දය දීමටත් දෙමළ ජාතික සන්ධානය අයවැයට පක්ෂවත් ඡන්දය ලබා දීමටත් තීරණය කළේය.