December2018

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩ අරඹයි

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා පත් කර ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද(31) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී මෙම පත්වීම සමරතුංග මහතා වෙත ලබා දී තිබෙන අතර මිට පෙර ද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ධූරයේ කටයුතු කරනු ලැබුවේ ඒ මහතාය.

Read More »

වෙඩි වැදී සිටි වන අලියා මියයයි

දඩයක්කරුවෙකුගේ වෙඩි පහරකට ලක්ව බරපතළ ලෙස තුවාල ලබා සිටි වන අලියෙකු අද(31) අළුයම මිය ගොස් තිබෙයි. මීට මාස දෙකකට පමණ පෙරදී වෙඩි වැදී තුවාල ලබා සිටිය දී මෙම වන අලියා සොයා ගනු ලැබූ අතර ගිරිතලේ වනජීවි පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් අවස්ථා කිහිපයක දී ප්‍රතිකාර කරනු ලැබුවද අද අළුයම අලියා මිය[…]

Read More »

2019 වර්ෂය ශික්ෂණය, සංහිදියාව හා සමෘද්ධිය සාක්ෂාත් කර ගත හැකි අධිෂ්ඨානයේ වසරයි

නව වර්ෂාරම්භයෙන් උදාවන කාලය ආදරණිය ශ්‍රී ලංකේය ජනතාවගේ හැම ප්‍රර්ථනයක්ම ඉටුවන සියල්ලන්ගේ වීර ජීවනය හා සෞභාග්‍ය සැලසෙන සමයක්ම හෘදයාංගමව ප්‍රර්ථනා කරන බවට සුබ පතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරයි. ජනාධිපතිවරයා විසින් නිකුත් කළ සුබ පැතුම් පණිවිඩය පහතින්…

Read More »

අයෝමය පුරුෂයින් ගන්නා මාරක උත්තේජක

ඈත අතීතයේ සිටි බලසම්පන්න පුරුෂයන් දැක්වෙන චිත්‍රයේද ඇත්තේ අඩුම තරමින් ‘සික්ස් පැක්’ සිරුරකි. එදා මෙදා තුර පුරුෂයාගේ පෞරුෂයේ බාහිරට එකෙනෙහිම ප්‍රකට වන ලක්‍ෂණය නම් මේ ‘සික්ස් පැක්’ වූ ‘එයිට් පැක්’ වූ මස්පිඩු ඉල්පෙන සිරුරයි. කමිසයේ අත්වලට කිටි කිටියේ හිරවුණු කලව ප්‍රමාණයේ බාහුවයි. තාරුණ්‍යයේ භාෂාවෙන් නම් එය හැඳින්වෙන්නේ ‘ඇඟ දානවා’ ලෙසිනි.[…]

Read More »

එජාපයේ සමග හවුල් ආණ්ඩුවක් පිහිටුවන්න – චන්ද්‍රිකා ශ්‍රීලනිපය අල්ලයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති තනතුරට පත්කිරීමට විරෝධය පළකර හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇයගේ මතයේ සිටින නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සමග එක්ව පක්ෂයේ බලය ඇල්ලීමට සූදානම්ව සිටියි. එහි ඉදිරි පියවරක් ලෙස ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව සන්ධානයකින් මැතිවරණයට තරග[…]

Read More »

අපරාධ සිදුවීම් වැඩිපුරම නරඹන්නේ කාන්තාවන්ලු

අපරාධ සිදුවීම් වැඩිපුරම නරඹන්නේ කාන්තාවන්ලු පසුගිය වකවානුව තුළ බොහෝ දෙනාගේ කතාබහට ලක් වූ කාරණාවක් වූයේ තරුණ ජීවිත අකාලයේ අහිමි වී යාමේ කාරණාවයි. එහෙත් ඊටත් ඉහළින් සාකච්ඡාවට බඳුන් වූයේ ඒ අපරාධ එසේ සිදුවෙද්දී එය වළකාලන්නට කිසිවකු ඉදිරිපත් නොවීමේ දුර්භාග්‍යයයි. ඇතැමකුගේ අදහස වූයේ මේ සියලු අභාග්‍ය සම්පන්න සිදුවීම් වළක්වා ගන්නට කිසිවකු මැදිහත්[…]

Read More »

23 වන නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කේ.කේ.ටී.පී.එච් ද සිල්වා පත්කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කේ.කේ.ටී.පී.එච් ද සිල්වා පත්කර තිබේ. අද (31) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන අතර රියර් අද්මිරාල් කේ.කේ.ටී.පී.එච් ද සිල්වා 2019 ජනවාරි 01වනදා සිට එම[…]

Read More »

පැරණි සිද්ධස්ථානවලට නයා එන්නේ ඇයි

කලකට පෙර බියගම සියඹලාපේ මංසන්ධිය අද්දර වූ වගුරු බිම වෙත බොහෝ දෙනකුගේ අවධානය යොමුවිය. මුල් දිනවල උදේටත් සවසටත් කිහිප දෙනා මෙම වගුරු බිම වෙත බැලුම් හෙළන්නට වූ අතර එය සිය ගණනක් දක්වා වැඩිවුණේය. ඒ පිළිබඳ විමසා බලද්දී මට දැනගන්නට ලැබුණේ වගුරුබිමේ වනරොද අතරින් රිදී පැහැති නාගයකු පැමිණෙනු දර්ශනය වන බවයි.[…]

Read More »

අනතුරු ගණනාවක් සිදුකොට පළාගිය මෝටර් රථයක් යාපනය තරුණයින් අල්ලයි

යාපනය,ප්‍රදේශයේදී අනතුරු ගණනාවක් සිදුකොට පළාගිය මෝටර් රථයක් පසුපස හඹා ගොස් අදාළ කාර් රථය අල්ලා ගැනීමට යාපනය තරුණයින් ඊයේ(30) සමත්ව ඇති බව යාපනය ආරක්ෂක අංශ පවසති. යාපනය ආරක්ෂක අංශ පැවසූවේ පළමු අනතුරු යාපනය චුණ්ඩිකුලි ප්‍රදේශයේදී සිදුකොට පළාගිය මෝටර් රථයක් එලෙස අල්ලා ගැනීමට තරුණයින් කටයුතු කොට ඇති බවයි. කාර් රථයේ පැදවු රියදුරා[…]

Read More »

පොලිසියට බයවෙලා වැවට පැන්න තරුණයෙකු අතුරුදන්

වවුනියාව පොලිසිය විසින් යතුරුපැදියක ගමන් කළ තරුණයෙකු ලුහුබැදීම හමුවේ වවුනියාව වැවට පැනීමෙන් අතුරුදහන් වී ඇත. මත්පැන් පානය කොට ගමන් කළ යතුරුපැදියක් නැවැත්වීමට යාමේදී යතුරුපැදිකරු පොලිසියට බියෙන් පළාගොස් ඇති අතර , අනතුරුව යතුරුපැදිය දමා තරුණයා වැවට පැන ඇති බව ප්‍රදේශවාසීන් පවසයි. මෙම සිදුවීම ඊයේ රාත්‍රී 12.00 ට පමණසිදු වී ඇති අතර[…]

Read More »

ආණ්ඩුකාරවරුන් කිහිප දෙනෙකුට එම ධුර වලින් ඉවත්වෙන ලෙස ජනපති දැනුම් දෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ආණ්ඩුකාරවරුන් කිහිප දෙනෙකුට එම ධුර වලින් ඉල්ලා අස් වන ලෙස දැනුම් දී ඇත. ආණ්ඩුකාරවරුන්ගේ සංශෝධනයක් සඳහා ජනාධපතිවරයා විසින් අදාළ දැනුම් දීම සිදුකළ බවට වාර්තා වන අතර අදාළ දැනුම්දීමට අනුව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත බාරදී ඇති බවට ආරංචිමාර්ග[…]

Read More »