මාලදිවයින් ජාතිකයින් දෙදෙනෙකු මත් කුඩු කිලෝ 200ක් සමඟ අත්අඩංගුවට

දෙහිවල ප්‍රදේශයේදී මත්කුඩු තොගයක් සමඟ මාලදිවයින් ජාතිකයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් විශේෂ කාර්ය බලකාය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව කළ වැටලීමකදී මොවුන් ව අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇති අතර ඔවුන් සන්තකයේ තිබි මත්කුඩු කිලෝ 200 ක පමණ ප්‍රමාණ්‍යක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

Read More »

විදුලි කාන්දුවකින් පුත්තලම නගර සභාවට අයත් ඉන්ධන ගබඩාකර තිබු ගොඩනැගිල්ලක් ගිනිගනී

පුත්තලම නගර සභාවට අයත් වැඩ අංගනයේ ඉන්ධන ගබඩා කර තිබු ගොඩනැගිල්ලක හදිසි ගින්නක් හට ගෙන ඇත. විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න ඇති ඇති අතර එම ගොඩනැගිල්ලට දැඩි ලෙස හානි සිදු වී ඇති බව පොලිසිය සඳහන් කරයි. අදාළ ගොඩනැගිල්ලේ නගර සභාව සඳහා ගබඩා කර තිබු ඩිසල් නැමැති ඉන්ධන බහාලු බැරල් ගිනි ගැනීමත්[…]

Read More »

නාඋල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

මොරගහකන්ද ජලාශයට සිය කුඹුරු ඉඩම් ලබාදුන් නාඋල කොන්ගහවෙල රජාවෙල ගම්මානේ පදිංචි පවුල් හාරසියයක පමණ දෙනා 31 පෙරවරුවේ නාඋල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ විරෝධතාවයක නිරත වූහ. විරෝධතා බැනර් ප්‍රදර්ශනය කරමින් කෑ කෝ ගසමින් මාතලේ දඹුල්ල ප්‍රධාන මාර්ගය හරස් කොට මෙම විරෝධතාවය පැවැත්විණි. විරෝධතාකරුවන්ගේ ඉල්ලීම වූයේ මොරගහකන්ද ජලාශය ඉදිකිරීම සඳහා[…]

Read More »

බහින්බස්වීමක් දුරදිග ගිහින් පහර කෑ අයෙක් මරුට

ගන්දර පොලිස් වසමේ පහළ ගෙදර තලල්ල ප්‍රදේශයේ දී පුද්ගලයෙක් පහර දී ඝාතනය කර තිබේ. පහර කෑමට ලක්වු පුද්ගලයා මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති අතර ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 72 ක් වු ගන්දර ප්‍රදේශයේ පදිංචි ජෝතිමුණි ගුණතිලක නම් පුද්ගලයෙකි. මරණකරු අසල්වැසි ඥාති අඹුසැමි යුවලක් සමඟ ඉඩම් ආරවුලක් හේතුවෙන්[…]

Read More »

ඉදිරි දිනවලදී දිවයින පුරා ශීත කාලගුණ තත්වයක්

ඉදිරි දිනවල දී දිවයින පුරා විශේෂයෙන් උතුරු, උතුරු-මැද, මධ්‍යම, වයඹ සහ නැගෙනහිර පළාත්වල තරමක ශීත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දිවයිනේ බොහෝ පලාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බවත් බදුල්ල සහ මාතලේ දිස්ත්‍රික්කවල වැසි තත්වයක් ඇති විය හැකි බවත් බස්නාහිර සහ ඌව පළාත්වලත්[…]

Read More »

නොර්වුඩ් ප්‍රදේශයේ තේ වත්තක් මැණික් ජාවාරම්කරුවෝ වනසයි

නොර්වුඩ් පොලිස් වසමට අයත් පෝට්රි වතුයායේ විශාල පරිසර හානියක් සිදු කරමින් මැණික් ජාවාරම්කරුවන් පිරිසක් බලපත්‍රයක් නොමැතිව නිතිවිරෝධි ලෙස මැණික් ගැරිමක් සිදු කරන බව වතු කම්කරුවන් කියා සිටියි. කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයට පෝට්රි වතුයායේ සිට ජලය ගලා බසිනා ඇළ මාර්ගයක් අභියස තෘණ බිමක විශාල වලවල් හාරා යන්ත්‍ර[…]

Read More »

ඇන්ජලෝ වෙනුවට සධීර කණ්ඩායමට

නවසීලන්තයේ සංචාරයේ එක්දින සහ පන්දුවාර 20 තරග සදහා සධීර සමරවික්‍රම කණ්ඩායමට කැඳවා තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. නවසීලන්ත සංචාරයේ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනයේදී තරගය අතරතුර මැතිව්ස් ආබාධයකට ලක්වුණා. මේ හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස් මාස 4ක කාලයක් විවේකගන්වා තිබෙනවා.

Read More »

මිරිදිය ධීවර ජනතාව සදහා නිවාස ආධාර

මිරිදිය ධිවර කර්මාන්තයේ නිරත ධිවර ජනතාවගේ නිවාස ගැටලුවට විසදුම් ලෙස ක්‍රියාත්මක නිවාස ආධාර වැඩසටහන යටතේ තවත් මිරිදිය ධිවරයින් පිරිසක් සදහා නිවාස ආධාර පිරිනැමිම ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා අතින් සිදුකෙරිණ. රාජ්‍ය අමාත්‍යතුමා අතින් මෙලෙස නිවාස ආධාර ලබාගත් මිරිදිය ධිවර පවුල් සංඛ්‍යාව 16 කි. මෙම නිවාස[…]

Read More »

මැතිව්ස් මාස 4කට ජාත්‍යන්තර පිටියෙන් ඉවතට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්වීම හේතුවෙන් මාසයක කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමිණිය නොහැකි වී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ නවසීලන්ත සංචාරයේ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනයේදී තරගය අතරතුර මැතිව්ස් ආබාධයකට ලක්වූ බවයි. ලකුණක් ලබා ගැනීමේ අරමුණින් මැතිව්ස් දිවයන අතරතුර වම් පාදය ආබාධයට ලක්ව[…]

Read More »

නීති විරෝධිව මත්පැන් පෙරු පුද්ගලයෙකු අත්අඩංගුවට

බණ්ඩාරගම බොල්ගොඩ ගඟේ නීති විරෝධී ලෙස පවත්වා ගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ පස්වරුවේ මෙම වැටලීම සිදු කර ඇත්තේ පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාර ඒකකය විසින්ය. නීති විරෝධි මත්පැන් ජාවාරම පවත්වා ගෙන ගිය පානදුර මිරිස්වත්ත ප්‍රදේශයේ පදිංචි අදාල සැකකරු බණ්ඩාරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.[…]

Read More »

රු. ලක්ෂ 30ක මුදලක් කප්පම් ලෙස ඉල්ලා මරණීය තර්ජනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

ජංගම දුරකථන මගින් රුපියල් ලක්ෂ 30ක කප්පම් මුදලක් ඉල්ලා මරණී තර්ජනය සිදුකළ පුද්ගලයෙක් පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම මාවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගෙන් විවිධ ජංගම දුරකථන අංක මගින් ඇමතුම් ලබාදෙමින් මුදලින් රුපියල් ලක්ෂ 30ක මුදලක් ඉල්ලා ඇති බවයි. කප්පම් ලබා නොදෙන්නේ නම්[…]

Read More »
1 2 3