බිරිඳගේ ගෙල කැපු සැමියා අත්අඩංගුවට

රත්නපුර මහවලවත්ත ප‍්‍රදේශයේ නිවසක තියුණු ආයුධයකින් තම බිරිඳගේ ගෙල කපා හිස සහිත ගෙල කොටස රැගෙන ගිය සැකකාර සැමියා කලවාන ප‍්‍රදේශයකදී අත්අංඩංගුවට ගෙන ඇත. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පිටරවුම්පාර මහවලවත්ත පදිංචිව සිටි පෙරුමාල් වසන්ති කුමාරි නැමති වයස අවුරුදු 40ක දෙදරු මවකි. කදෙන් වෙන් කළ හිස කොටස වල දමා තිබියදී සොයාගෙන ඇති[…]

Read More »

නැගණිය සමග ඔන්චිලි පදිමින් සිටි පාසැල් සිසුවෙක් ලණුව ගෙලේ සිර වීමෙන් රෝහලට

පේර ගසක ඔන්චිල්ලාවක් බැද ඔන්චිල්ලාවක් පදිමින් සිටි පාසල් සිසුවෙක් ඔන්චිල්ලාව බැද තිබු ලණුවේ ගෙල සිර වි අසාධ්‍යය තත්ත්වයේ සිටියදි එම සිසුවා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කිරිමෙන් සිසුවාගේ තත්ත්වය බරපතල නිසා සිසුවා වැඩි දුර ප්‍රතිකාර සදහා නාවලපිටිය මුලික රෝහලේ දැඩි සත්කාර එක්කය වෙත ඇතුලත් කර ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.[…]

Read More »

ගින්නකින් වෙළඳසැලක් සම්පුර්ණයෙන් විනාශ වෙයි

තලවකැලේ බස් නැවතුම්පළ අසල පිහිටි වෙළඳසැලක හටගත් ගින්නකින් එම වෙළඳසැල සම්පූර්ණයෙන් විනාශ වෙයි. අද(30) අළුයම මෙම ගින්න හට ගෙන ඇති අතර පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව එය මැඩපවත්වා ඇත. එම ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බව සඳහන් වෙයි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර

Read More »

අද වැසි තත්වය තරමක් අඩුවෙයි

දිවයිනේ බොහෝ පලාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත වියලි කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කෙරේන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කෙසේවෙතත් නැගෙනහිර පළාතෙත් බදුල්ල සහ මාතලේ දිස්ත්‍රික්කවලත් සිහින් වැසි තත්වයක් ඇති විය හැකි බවත් මධ්‍යම, වයඹ, උතුරු සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා තරමක් තද සුළං ඇතිවිය[…]

Read More »

උස්වැල්ල වෙරළ තීරයේ තිබී ජීව අත්බෝම්බ දෙකක් සොයාගැනේ

අම්බලන්ගොඩ හිරේවත්ත, උස්වැල්ල වෙරළ තීරයේ තිබී ජීව අත්බෝම්බ දෙකක් සොයාගැනීමට හැකි වී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. වෙරළ තීරයට ගොඩගසා තිබූ බහලුම් දෙකක තිබී අදාළ ජීව අත්බෝම්බ දෙක සොයාගෙන ඇති අතර එස්.එෆ්.ජී. 87 වර්ගයේ ජීව අත්බෝම්බ දෙකක් මෙලෙස සොයාගෙන ඇත. එම අත් බෝම්බ මේ වනවිට පොලිස් භාරයට ගෙන ඇත.[…]

Read More »

කිලෝ 110ක දුම්කුඩු සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

අලවතුගොඩ, අකුරණ ප්‍රදේශයේදී දුම්කුඩු කිලෝ 110 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. අලවතුගොඩ පොලිසියට ලද තොරතුරකට අනුව සිදුකරන ලද වැටලීමකිදි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර වයස අවුරුදු 36ක් වූ සැකකරු අකුරණ, තෙලබුගහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බව පොලිසිය සඳහන් කරයි.

Read More »

ලක්ෂ දෙකකට වඩා වටින භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

වැලිමඩ මාදෝවිට ප‍්‍රදේශයේ විහාරස්ථානයක් සහ නිවාස කිහිපයක ඉලෙක්ට්‍රොනික් සහ වෙනත් භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු වැලිමඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙහිදී සැකකරු සොරකම් කරන ලද විවිධ පුද්ගලයින්හට අලෙවිකල හෝම් තියේටර් , වල් කපන යන්ත‍්‍ර , කෘෂි රසායන ඉසින යාන්ත‍්‍රික මැෂීන් , ඞීවිඩි යන්ත‍්‍රයක් ඇතුඑ රුපියල් ලක්ෂ දෙකකට අධික භාණ්ඩ තොගයක් සොයා[…]

Read More »

2020 තෙක් ඡන්ද නෑ !

සියලුම මැතිවරණ එකම දිනයකදී පැවැත්වීමට ආණ්ඩුව කර ඇති යෝජනාව සද්භාවයෙන් කළ එකක්ද එසේත් නොමැතිනම් මැතිවරණය කල් දැමීමට කළ උපක්‍රමයක්ද යන්න වහා හෙළි කළ යුතු බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරිත්වය හෙවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි. එසේ වුවහොත් 2020 වන තෙක් කිසිදු මැතිවරණයක් නොපැවැත්වෙන බව[…]

Read More »

රාජ්‍ය මාධ්‍යයන්ට එන ජනපති නියෝජිතයන් නිසා ආණ්ඩුව කැලඹේ

රාජ්‍ය මාධ්‍යයන්ට එන ජනපති නියෝජිතයන් නිසා ආණ්ඩුව කැලඹේ රාජ්‍ය මාධ්‍ය ආයතනවලට පත් කිරීමට නිියමිත ජනාධිපතිවරයාගේ නියෝජිතයන් නිසා ආණ්ඩුව තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වේ. මංගල සමරවීර අමාත්‍යවරයාට අවශ්‍ය පරිදි ජනමාධ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතන සඳහා ප්‍රධානීන් පත්කර ගැනීමට ගැටලුවක් නොමැති බවත් තමාගේ නියෝජිතයකු එම ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලයට පත්[…]

Read More »

කිලි‍නොච්චියේදී ඇළකට වැටීමෙන් දරුවෙකු ජිවිත්ෂයට

කිලිනොච්චිය,ආනන්දපුරම් ප්‍රදේශයේදී ඇළකට වැටීමෙන් වයස අවුරුදු 12 ක දරුවෙකු ඊයේ (29) දහවල් ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ ජල ගැලීම්වලට ලක්වු ප්‍රදේශයක දරුවෙකු සිය මිතුරන් සමඟ සෙල්ලම් කිරීමට යාමේදී ජලය ගලා ගිය ඇළට වැටී ජලයේ ගිලීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බව මූලික පරීක්ෂණයන්ගෙන් අනාවරණය වී ඇති බවයි. කිලිනොච්චිය,ආනන්දපුරම්[…]

Read More »