උතුරේ අවතැන් වූවන්ට ආධාර කිරීමට ඩයස්පෝරාවෙන් එවපු මුදල් TNA මන්ත්‍රීවරු පිල්ලි ගහලා

උතුරට බලපෑ අයහපත් කාලගුණය සමග දෙමළ ඩයස්පෝරාව විසින් එහි අවතැන්වූවන්ට සහන සැලසීම සඳහා ලබා දුන් මුදල් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් වංචා කර ඇති බවට තොරතුරු හෙළිවෙයි. මෙම තත්ත්වය මත එම මුදලින් සුළු ප්‍රමාණයකින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලට ගෙන තෝරා ගත් පිරිසකට පමණක් ලබාදී ඇත. ඩයස්පෝරාව විවිධ රටවල පදිංචි දෙමළ ජාතිකයින්ගෙන්[…]

Read More »

සේනා දළඹුවාගේ ශීඝ්‍ර ව්‍යාප්තියෙන් වී වගාවත් අනතුරේ

ශීඝ්‍රයෙන් බෝවී යන ආක්‍රමණශීලී ‘ආගන්තුක සේනා’ දළඹුවා නිසා මහකන්නයේ වී වගාව අනතුරට පත්ව ඇති බව වාර්තා වේ. ස්පොඩොප්ටෙරා ෆ්‍රැජිපර්ඩා (Spodoptera frugipeda) හෙවත් ෆෝල් ආමි වෝම් (fall army worm) නමින් හඳුන්වන සේනා දළඹුවා මෙතෙක් බඩ ඉරිඟුවලට වැඩි වශයෙන් හානි සිදුකරන බවට වාර්තා වුවත් පසුගිය සතියේදී ප්‍රථම වතාවට පොළොන්නරුව සිංහපුර ප්‍රදේශයෙන් මහකන්නයේ[…]

Read More »

මෙම වෑන් රථය සම්බන්ධයෙන් යම්කිසි තොරතුරක් දන්වා නම් පොලීසියට කියන්න

පසුගිය 26 වැනිදා පාදුක්ක අවිස්සාවේල්ල පාරේ මාවතගම ප්‍රදේශයේ මාර්ගය අයිනේ සැක සහිත ලෙස වෑන් රථයක් පාදුක්ක පොලීසිය භාරයටගෙන තිබෙනවා. මෙම වෑන් රථයේ අංකය ලෙස wp PJ – 8888 ලෙස සටහන්ව තිබුණත්, ඒය ව්‍යාජ අංකයක් බවට පොලීසිය තහවුරු කරගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ. අදාළ වෑන් රථයේ ඇතුළත් තිබී වාහන ආදයම් බලපත්‍ර[…]

Read More »

සංස්කෘතික අරමුදලේ මුදල් සසුනට අරුණට අදින සූදානමක්

මධ්‍යම සංස්කෘතික අරමුදලේ ඇති මුදල් ඇමැති සජිත් ප්‍රේමදාස විසින් ක්‍රියාවට නංවන ‘සසුනට අරුණ’ වැඩසටහන යටතේ විහාරස්ථාන සංවර්ධනයට යෙදවීමට සැලසුම් කර ඇති බවට තොරතුරු වාර්තා වේ. පසුගිය 27 වැනි දින විෂයභාර ඇමැති ලෙස ප්‍රේමදාස මහතා සංස්කෘතික අමාත්‍යංශයට අයත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන් හමුවූ අවස්ථාවේදී එහි මුදල් අධ්‍යක්ෂගෙන් විමසා ඇත්තේ වාර්ෂිකව අරමුදලට[…]

Read More »

නව ගුවන් සේවාවක් ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් අරඹයි

චීනයේ චොන්ග්චින්ග් ගුවන් සේවය ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් ආරම්භ කර තිබෙනවා. චීනයේ චොන්ග්චින්ග් ගුවන් සේවය, එරට චොන්ග්චින්ග් ගුවන් තොටුපළ වෙත නොනවතින ඝෘජු ගුවන් ගමන් සේවා ඊයේ (28) රාත්‍රීයේ සිට ආරම්භ කළා. චොන්ග්චින්ග් නිරිත දිග චීනයේ විශාලතම වානිජ සහ කාර්මික නගරය ද වනවා. එහි චොන්ග්චින්ග් ගුවන් තොටුපළේ සිට ඊයේ (28)[…]

Read More »

ශ්‍රී ලංකාව ලකුණු 231ට කඩුළු 6යි – සිව්වැනි දිනය නිමාවට පත්වෙයි

නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය සදහා තරගය මේ වන විට නතර කර තිබෙනවා. දිනය නිමාවන විට ලකුණු 660ක අභියෝගයක් භාර ගනිමින් පිළිතුරු දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුළ 6ක් දැවී ලකුණු 231ක් රැස්කරගෙන සිටිනවා. ඒ අනුව මෙම තරගය ජය ගැනීමට[…]

Read More »

තෙල් අඩුවුණාට දුම්රිය ගාස්තු අඩු කරන්න බැහැ – සාමාන්‍යාධිකාරී

අවස්ථා තුනකදී ඉන්ධන මිල අඩු වීමට සාපේක්ෂව දුම්රිය ගාස්තු අඩු කළ නොහැකි බව එහි සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු පැවැසීය. බස් ගාස්තු, ත්‍රීවීල් සහ කුලී රථ ගාස්තු අඩු කිරීමට කටයුතු කළත් දුම්රිය ගාස්තු අඩු නොකිරීම සම්බන්ධයෙන් අරුණ කළ විමසීමකදී ඒ මහතා මේ බව පැවැසීය. දුම්රිය ගාස්තු වැඩි කරනු ලැබුවේ වසරක 10කට පසුව[…]

Read More »

රු. ලක්ෂ 11ක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (29) උදෑසන කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසුවේ අද උදෑසන 6.00 ට ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 547 දරන ගුවන් යානයෙන්[…]

Read More »

2020 තෙක් මැතිවරණ කල්දැමීමට ආණ්ඩුවෙන් අලුත් සැලැස්මක් – පැෆරල් හෙළිකරයි

සියලුම මැතිවරණ එකම දිනයකදී පැවැත්වීමට ආණ්ඩුව කර ඇති යෝජනාව සද්භාවයෙන් කළ එකක්ද එසේත් නොමැතිනම් මැතිවරණය කල් දැමීමට කළ උපක්‍රමයක්ද යන්න වහා හෙළි කළ යුතු බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරිත්වය හෙවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි. එසේ වුවහොත් 2020 වන තෙක් කිසිදු මැතිවරණයක් නොපැවැත්වෙන බව[…]

Read More »

ව්‍යාජ ලෙස චැසි අංක කොටන ලද කන්ටේනරයක් සමග සැකකරුවකු අත්අඩංගුවට

ව්‍යාජ ලෙස චැසි අංක කොටන ලද කන්ටේනර් රථයක් සමග සැකකරුවෙකු හොරණ මේධංකර විදුහල අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ සැකකරු පානදුර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන් විසින් ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 41ක් වූ හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා. සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්[…]

Read More »

උතුරෙන් හමුදාව ඉවත් කළොත් එක්සත් ශ්‍රී ලංකාව දෙකඩ වෙනවා – ශිවාජිලිංගම් කියයි

උතුරෙන් යුද හමුදාව සම්පූර්ණයෙන් ඉවත් කිරීමට තමන් විරුද්ධ බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් පවසයි. උතුරෙන් සම්පූර්ණයෙන්ම හමුදාව නිදහස් කළහොත් එක්සත් ශ්‍රී ලංකාව දෙකඩ වී වෙනම රාජ්‍යයක් බිහි වන බව ඒ මහතා සඳහන් කළේය. උතුරු පළාතට බලපෑ අයහපත් කාලගුණයත් සමග යුද හමුදාව විපතට පත්වූවන්ට පිහිට[…]

Read More »