පරිඝනක පද්ධතියේ ප්‍රමාදය නිසා කටුනායක ගුවන් තොටුපළ තුළ දිගු පෝලිම්

කටුනායක ගුවන් තොටුපළ තුළ ක්‍රියාත්මක ආගමන – විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ කටයුතු කාර්යක්ෂම සහ කඩිනමින් සිදු කිරීම සදහා අලුතින් ස්ථාපිත කර ඇති පරිගණක සහ ගුවන් ගමන් බලපත්‍ර ස්කෑන් කිරීමේ යන්ත්‍ර නිසා , පෙරට වඩා කාළය තුන් ගුණයකින් පමණ වැඩි වී ගුවන් තොටුපළ තුළ ගුවන් මගීන්ගේ දිගු පෝලිම් නිර්මාණය වී ඇති බව[…]

Read More »

රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අද පස්වරුවේ වැසි – කාලගුණය

උතුරු සහ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල සිහින් වැසි ඇති විය හැකි අතර රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බවයි එම[…]

Read More »

බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානය ලබාදෙමින් ඒකීය රාජ්‍ය ආරක්ෂා කරනවා – අගමැති

බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානය ලබාදෙමින් ඒකීය රාජ්‍ය ආරක්ෂා කරගෙන ඉදිරියේදී කටයුතු කරන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද (28) පෙරවරු ශ්‍රි දළද්‍රා සමිදු වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු සහ අස්ගිරි මහනායක හිමිපානන් වහන්සේලා බැහැ දැකිමෙන් අනතුරුව මාධ්‍යවේදින් වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මෙලෙස ප්‍රකාශ කළේ. පවතින ව්‍යවස්ථාවේ 9වන වගන්තියේ සඳහන් පරිදි[…]

Read More »

උතුරේ ජලගැලීම් නිසා පීඩාවට පත්වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවත් ඉහළට

උතුරේ බලපෑ අයහපත් කාලගුණික තත්ත්වයත් සමග බලපෑමට ලක්වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව මේ වන විට පවුල් 38,209කට අයත් සාමාජිකයින් 118,538දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය අද පස්වරුවේ නිකුත් කළ වාර්තාවට අනුව කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පවුල් 24,184කට අයත් සාමාජිකයින් 74,730ක් සහ මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 9574කට අයත් සාමාජිකයින්[…]

Read More »

විදුලි පාරිභෝගිකයාට සහන ලබාදීමට කැප වෙනවා – ඇමති රවී

විදුලිබල මණ්ඩලය ලාභ ලබන ආයතනක් බවට පත්කොට විදුලි පාරිභෝගිකයාට සහන ලබාදීමට කටයුතු කරන බව විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, රවී කරුණානායක මහතා පැවසීය. අමාත්‍යවරයා මේ අදහස් පළකළේ, අද (28) පෙරවරුවේ විදුලිබල වෘත්තීය සමිති නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවකදීය. මෙම හමුවට විදුලි වෘත්තීය සමිති 58 ක නියෝජිතයන් සහභාගි වූහ. වෘත්තීය සමිති[…]

Read More »

මම මගේ පවුල් ජීවිතයෙදී ඇයව අනුගමනය කරනවා

දේදුනු ආකාසේ සිනමා පටයෙන් රිදී තිරයට පෑයූ චූලක්ෂි රණතුංග සිනමා නිළියක් පමණක් නෙවෙයි පාසල් වියේ සිට ජාත්‍යන්තරය දක්වා ගිය බාස්කට් බෝල් ශුරියක්. එමෙන්ම චූලක්ෂි ලක් රෑ රුජින කිරුළටද හිමිකම් කියු තරැණියක්. මේ හැම දෙයක් අතරින් නිරූපිකාවක ලෙසද ඉදිරි ගමනක් ඇති ඇය තමන්ගේ දිවියේ හොඳම යෙහෙළිය ලෙස කතා කරන්නට තෝරාගත්තේ ඇගේ[…]

Read More »

සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසාට ඇප

රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අද (28) අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඇප මත මුදාහැරීමට පැල්මඩුල්ල මහෙස්ත්‍රාත්වරිය නියෝග කළා. පසුගිය 16 වැනිදා ගොඩකවෙල පොලිස් වසමේ වේරහැර ප්‍රදේශයේ අයුතු ජන රාශියක සාමාජිකයන්ව සිටිමින් පිරිසක් සමඟ පුද්ගලයකුට පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණා. අනතුරුව[…]

Read More »

මගීන් 420ක් රැගත් ලොව විශාලතම මගී ගුවන් යානයක් හදිසියේම කටුනායකට ගොඩබස්සවයි

ලෝකයේ විශාලතම මගී ගුවන් යානා විශේෂය වන A- 380 වර්ගයේ ගුවන් යානයක් , එහි කාර්යය මණ්ඩල සාමාජිකයකු හදිසියේම අසනීප වීම නිසා අද (28) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වනු ලැබූ බව ගුවන් තොටුපළ කාර්යභාර නිලධාරීවරයා පැවසුවා. ඊ.කේ.- 408 දරන එමිරේට්ස් ගුවන් සේවා සමාගමට අයත් මෙම ගුවන් යානය[…]

Read More »

රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපුජ්‍ය නාපානේ පේමසිරි මහනායක හිමියන්ගේ තත්ත්වය සුව අතට

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපුජ්‍ය නාපානේ පේමසිරි මහනායක හිමියන් ගිලන්ව මහනුවර මහරෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිනවා. දින කිහිපයක සිට මහානායක හිමියන් මහනුවර මහරෝහලේ හෟද රෝග ඒකකයේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන බවත් උන් වහන්සේගේ අසනිප තත්ත්වය දැනට සුව අතට පත් වෙමින් පවතින බව වෛද්‍යවරුන් පවසන බව මහනායක හිමියන්ගේ පෞද්ගලික[…]

Read More »

උතුරේ ආපදාවට ලක්වූවන්ට යුධ හමුදාව හරහා වියළි ආහාර බෙදාදෙයි

උතුරු පළාතට හටගෙන තිබෙන ජල ගැලීමේ හේතුවෙන් කිලිනොච්චිය හා මුලතිව් ප්‍රදේශයන්ගේ සිවිල් ජනතාව වෙත වියළි ආහාර ලබාදීම යුධ හමුදාව හරහා මේ දිනවල සිදුකරමින් පවති. විවිධ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන හරහා ලබාදෙන වියළි ආහාර ද්‍රව්‍ය යුධ හමුදා නිළධාරීන්ගේ සම්බන්ධීකරණය යටතේ එලෙස බෙදාදෙනු ලැබීය. වර්ෂාව හේතුවෙන් ඇති වු ජල ගැලීම් තත්වයෙන්[…]

Read More »

ඉතිහාසයේ ප්‍රථම වතාවට ඩොලරය රු. 184.07කට විකිණෙයි

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ වාර්තා වූ පහළම අගය අද (28) වාර්තා වුණා. ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කළේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද රුපියල් 184යි ශත 07ක අගයක් වාර්තා කළ බවයි. ඇමෙරිකානු ඩොලරය ගැණුම් මිල රුපියල් 180යි ශත 10ක අගයක් වාර්තා කළ බවද මහ බැංකු වාර්තා සදහන්[…]

Read More »