රු. මිලියන 6කට අධික වටිනා හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

රුපියල් මිලියන 6කට අධික වටිනා හෙරොයින් සහ අයිස් නමැති මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ පෑලියගොඩ ප්‍රදේශයේදි සැකකරු අත්අඩංගුවට ගත් බවයි. මොහු වයස අවුරුදු 40ක් වූ පුද්ගලයෙකු වනවා.

Read More »

බස් ගාස්තු අනිද්දා මධ්‍යම රාත්‍රියේ සිට පහලට

අනිද්දා (26) මධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තු සියයට 4කින් අඩු කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පවසයි. ඒ අනුව අවම බස් ගාස්තුව වන රුපියල් 12 අඩු නොවන අතර දෙවන අවම බස් ගාස්තුව වන රුපියල් 15, රුපියල් 14 දක්වා අඩු කරන බව අද (24) පස්වරුවේ මාධය[…]

Read More »

හෙට බිමත් රියදුරන් අල්ලන්න පොලිසියෙන් විශේෂ මෙහෙයුමක්

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා හෙට(25) විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලීසිය සඳහන් කරයි. කොළඹ සහ තදාසන්න නගර ආශ්‍රිත ප්‍රදේශවල මෙය ක්‍රියාත්මක කරන බවත් ඒ අනුව එම ප්‍රදේශවල පොලිස් මුර සංචාර, සෝදිසි මෙහෙයුම් සිදු කරන අතර සිවිල් ඇදුමින් සැරසුනු පොලිස් නිලධාරින් ද ඒ සඳහා යොදවන බවට වාර්තා වන අතර කොළඹ[…]

Read More »

පැය 4ක විශේෂ වැටලීමකින් 4039ක් අත්අඩංගුවට

දිවයින පුරා ආවරණය වන පරිදි පොලීසිය විසින් සිදුකළ විශේෂ වැටලීමකින් පුද්ගලයින් 4039දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කළේ පොලිස්පති පූජිත් ජයසුන්දරගේ උපදෙස් පරිදි ඊයේ රාත්‍රී 10.00 සිට අද අළුයම 2.00 දක්වා මෙම වැටලීම සිදුකළ බවයි. එහදී බීමත් රියදුරන් 1122ක් ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන්[…]

Read More »

අයහපත් කාලගුණයෙන් උතුරේ පවුල් 22000කට අධික සංඛ්‍යාවක් පිඩාවට

උතුරු පළාතට නැවත වැසි තත්වයේ වැඩිවීමක් හටගෙන ඇති අතර,වර්ෂාව හේතුවෙන් ඇති වු ජල ගැලීම් තත්වයෙන් පළාතේ පවුල් 22624 කට අයත් පුද්ගලයින් 72453 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් හා ප්‍රදේශයේ ආරක්ෂක අංශ පවසති. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසූවේ උතුරු පළාතේ දිස්ත්‍රික්ක කිලිනොච්චිය,මුලතිව්,මන්නාරම,වවුනියාව හා යාපනය දිස්ත්‍රික්කයන් තුළ ජල ගැලීම්[…]

Read More »

කොලිගේ කඩුල්ල දවාගන්නට අවූ. 07ක් වන ආර්චි ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමට

ඉන්දීය කණ්ඩායම ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර මෙල්බර්න් පිටියේ පැවැත්වීමට නියමිත බොක්සිං දින (දෙසැම්බර් 26) ටෙස්ට් තරගයේදී ඕස්ට්‍රේලියා කණ්ඩායම මෙහෙය වීමේ වගකීම නායකයන් දෙදෙනෙක් වෙත පැවැරී තිබෙනවා. ඒ නිත්‍ය නායක ටිම් පයිනේට හා හත් හැවැරිදි ආර්චි ස්චිලර්ටය. ආර්චි දරුණු හදවත් රෝගයකින් පෙළෙන දරුවෙකු වන අතර ඔහුගේ සිහිනය වී ඇත්තේ කෙදිනක හෝ ඕස්ට්‍රේලියා[…]

Read More »

පොල් කඩලා බැංකොක් මැරතන් යන්න හදන ගාල්ලෙ දිලිප්

ඔහුගේ රැකියාව පොල් කැඩීමයි. ගසකට නැග්ගොත් ලැබෙන මුදල රුපියල් සියයකි. රුපියල් එක් ලක්ෂ පනස්දාහක් සොයා ගැනීම ඔහුගේ ඉලක්කයයි. ඒ සඳහා පොල් ගස් එක්දහස් පන්සියයක පොල් කැඩිය යුතුය. ගාල්ලේ, පෝද්දලට නුදුරු නරාවල හන්දියේ වෙසෙන ගුණසිංහගේ රොෂාන් දිලිප් කුමාර (38) ගේ, කතාව එවැනිය. එම මුදල ඔහුට අසීරු ඉලක්කයකි. එහෙත් ලබන පෙබරවාරිය වන[…]

Read More »

කුලප්පු වූ අලියෙකුගේ පහරදීමෙන් ඇත්ගොව්වා මරුට

කරන්දෙණියේ විහාරස්ථානයක ඊයේ (24) පැවති පෙරහැර අතරතුර අලියෙකු කුලප්පු වී සිදුකළ පහරදීමෙන් ඇත්ගොව්වා මියයයි. කරන්දෙණිය ,කොස්වතුමානාන ශ්‍රී සුදර්ශනාරාමයේ වාර්ෂික පෙරහැර අතරතුර මෙම අලියා කුලප්පු වී ඇති අතර මෙම පෙරහැර බොරකන්ද ප්‍රදේශය පසුකරනවාත් සමගම අලියා කුලප්පුවී ඇත්ගොව්වා දෙසට හැරී ඔහුට පා පහරක් එල්ල කර තිබෙනවා. පසුව අලියා, ඇත්ගොව්වා අසල තාප්පයක් දෙසට[…]

Read More »

තනිවම වැවක් හැදූ කිරා

වැවක් හැදීම යෝධ වැඩකි. යෝධ වැඩක් තනි මිනිහකුට කළ නොහැකිය. නොහැක්කක් නොමැත කියන්නා සේ තනි මිනිහෙක් වැවක් හදා තිබේ. ඒ අද ඊයේ නොව ඉංග්‍රීසි ආණ්ඩු සමයේ මැද භාගයේ දීය. බැකෝ, කැටපිලර්, ට්‍රැක්ටර් යන්ත්‍ර කිසිවක් නැතිව එසේ ඉදිකර ඇත්තේ කලවානේ කිරා වැවයි. ඒ කලවානේ වැද්දාගල, කන්දෙවත්තෙ සමරප්පුලිගේ කිරා විසිනි. කලවානේ 8-9[…]

Read More »

අදත් උතුරු, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලට වැසි – සෙසු පළාත් වලට සවස 2.00න් පසු වැසි

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැදපළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස 2.00 න්පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිතවැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 75 කපමණ තරමක තද වැසිද ඇතිවිය[…]

Read More »

නත්තල් දා සුරාසැල් වැසේ

නත්තල් දිනය වෙනුවෙන් දිවයින පුරා සුරාසැල් හෙට දිනයේ වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සුරාසැල් වසා නොතබන හිමිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවට එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More »