පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව අද පස්වරු 2.00 ට රැස්වෙයි

පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව අද (21) පස්වරු 2.00 ට රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ, කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කථානායක නිල කාර්යාලයේදීයි. අද පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කරන අවස්ථාවේදි කථානායකවරයා විසින් බව සභාවට ප්‍රකාශ කළා.

Read More »

“සැබෑ නත්තල යනු සැරසිලි හෝ කා බී සතුටුවීම නොව”

සැබෑ නත්තල යනු සැරසිලි හෝ කා බී සතුටුවීම නොව දිළිඳු ජනයාගේ වේදනාව හඳුනාගනිමින් ඔවුන්ගේ කුසගිනි නිවීමට ඒකරාශී වීම බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. උන්වහන්සේ මේ බව කියා සිටියේ ඊයේ පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති කාර්යාලය විසින් නත්තල සැමරීම වෙනුවෙන් සංවිධානය කළ උත්සවයක් අමතමින්. රටේ ජනතාව දිළිඳුකමින් මුදවාගෙන[…]

Read More »

පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීවට ස්ථාන මාරුවක්

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කළ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය වෙත ස්ථාන මාරු කර තිබෙනවා. සේවා අවශ්‍යතාවයක් මත මෙම ස්ථාන මාරුව සිදු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ. මෙම ස්ථාන මාරුව අද සිට ක්‍රියාත්මක වන පරිදි ක්‍රියාවට නැංවිය යුතු[…]

Read More »

රාජගිරිය ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක්

රාජගිරිය ප්‍රදේශයේ අධික රථවාහන තද බදයක් මේ වන විට හටගෙන තිබෙනවා. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලීසිය රථ වාහන රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

Read More »

බදු මිල අඩු කරන්න මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරුයි

මංගල සමරවීර මුදල් අමාත්‍යවරයා අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකරනු ලැබුවා. එහිදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ බදු වැඩි කිරීමට ප්‍රථම රටේ අහිංසක ජනතාව පිළිබදව සිතා බලන ලෙසයි. ශ්‍රී ලංකාව මේ වන විට ආර්ථිකමය වශයෙන් විශාල ගැටළුවලට මුහුණදී සිටින[…]

Read More »

ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට පහළට

ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. ඒ අනුව පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 125 දක්වා රුපියල් 10 කින් අඩුවන අතර, පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 149 දක්වා රුපියල් 10 කින් අඩු වනු ඇතැයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම ලංකා ඔටෝ[…]

Read More »

මුදල් ඇමති අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

2019 වසරේ මාස 4ක් සදහා වන රාජ්‍ය වියදමට රුපියල් බිලියන 1765කට අදාළ අතුරු සම්මත ගිණුම මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මංගල සමරවීර අමාත්‍යවරයා මේ වන විට පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකළා.

Read More »

යාපනයට ගඟක් කැපූ හැටි

යාපනයේ අර්ධද්වීපය වර්ග කිලෝමීටර 1000 පමණ තැනිතලා භූමියක්. මේ භූමිය ඇතුළෙ විශාල කලපු දෙකක් පිහිටා තිබෙනවා. ප්‍රධාන කලපුව වන වඩමාරච්චි කලපුව වර්ග කි. මී. 77 ක් විශාලයි. අනෙක් කලපුව වන උප්පාරු කලපුව වර්ග කි. මී. 26 ක් විශාලයි. මගේ පියාගේ සැලසුමේ මුල් අවධානය යොමු වෙලා තිබුණේ මේ කලපු දෙක මිරිදිය[…]

Read More »

කොදෙව්වන් පරාජයට පත් කරමින් බංග්ලාදේශය දෙවන T20 තරඟය ජයගනී

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජයට පත්කරමින් බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 36කින් දෙවන පන්දුවාර විස්ස තරඟය ජය ගැනීමට සමත්ව තිබෙනවා. මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත් කොදෙව් කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීම සදහා බංග්ලාදේශ කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව ඩකා පිටියට පැමිණි බංග්ලාදේශ පිතිකරුවන් කඩුළු 4ක් දැවී ලකුණු 211ක් රැස්කර ගැනීමට සමත් වුණා එහිදී[…]

Read More »

පරිභෝජනයට නුසුදුසු භාණ්ඩ අලෙවි කළ ව්‍යාපාරික ස්ථාන 13ක හිමිකරුවන්ට නඩු

මිනිස් පරිභෝජනයට නුසුදුසු භාණ්ඩ අලවි කළ සහ අලවිය සදහා ගබඩා කර තබා ගෙන සිටි හලාවත නගර සීමාවේ පවත්වා ගෙන යන ව්‍යාපාරික ස්ථාන 13 ක හිමිකරුවන්ට එරෙහිව නඩු පැවරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත. දින 02 ක් පුරා සිදු කරන ලද මෙහෙයුමකින් අනතුරුව මෙම නඩු පැවරීම් සිදු කර ඇත. හලාවත[…]

Read More »

එ.ජා.ප නව සන්ධානය අද කෘත්‍යාධිකාරී මණ්ඩලයට

එක්සත් ජාතික පක්ෂ විශේෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද රැස්වීමට නියමිතය. එහිදී ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමින් පිහිටුවන නව දේශපාලන සන්ධානය ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට කටයුතු කරන බව එම පක්ෂ ආරංචිමාර්ග සඳහන් කරයි. කෘත්‍යාධිකාරි මණ්ඩලය පිටකෝට්ටේ, සිරිකොත, එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී අද පස්වරු 4 ට රැස්වීමට නියමිතය.

Read More »