නව රජය සඳුදා ජනපති විසින් පත්කරනු ඇති බව මුතුහෙට්ටිගම කියයි

ලබන 17 වැනි සදුදා දිනය වන විට නව රජයක් හා කැබිනට් මණ්ඩලයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනපති ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම සමග පැවැති රැස්වීමකින් අනතුරුවයි.

Read More »

හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් විපක්ෂ නායක ආර්. සම්බන්දන් රෝහල් ගත කෙරේ

විපක්ෂ නායක ආර්. සම්බන්දන් මහතා අද (13) රාත්‍රියේ හදිසියේම අසනීප වීම හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා. ඒ මහතා මේ වන විට කොළඹ නාරාහේන්පිට පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවටයි තොරතුරු වාර්තා වන්නේ. කෙසේ වෙතත් ආර්. සම්බන්දන් මහතාගේ තත්ත්වය බරපතල නොවන බවද රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා.

Read More »

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හමුවේ වවුනියාව ජනතාව සතුට සමරති

ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව හමුවේ වවුනියාව ජනතාව අද(13) සවස වවුනියාව නගර මධ්‍යයේ රතිඤ්ඤා පත්තු කොට සතුට සමරනු ලැබීය. වවුනියාව එක්සත් ජාතික පක්ෂ සංවිධායක පි.කරුණාදාස මහතා ඇතුළු පිරිසක් සතුට සැමරීමට එක්ව සිටියහ. වවුනියාව – මාධව කුලසූරිය

Read More »

ලේක් හවුස් ආයතනය අසල නොසන්සුන්තාවයක් ඇති වෙයි 

ලේක් හවුස් ආයතනය අසල මිට සුළුමොහොතකට පෙර යම් නොසන්සුන්තාවයක් ඇති වී ඇත. ඒ හේතුවෙන් එම ආයතනය අසල දැඩි ආරක්ෂාවක් යොදවා ඇතැයි තව දුරටත් වාර්තා වේ. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබාදීමෙන් අනතුරුව අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී එක්සත් ජාතික පෙරමුණේ ආධාරකරුවන් සිය සතුට සමරා ඇති අතර අනතුරුව එම අධාරකරුවන් අතරින් පිරිසක් ලේක් හවුස් ආයතනය ඉදිරිපිටට[…]

Read More »

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිගන්නවා – නාමල් කියයි

ජනපති විසින් පාර්ලිමේන්තුව විසුරුවාහැරිමට නිකුත් කළ ගැසට් නිවේදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පැටහිනි බව සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව පිළිගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කර තිබුනේ සිය ට්විටර් ගිණුම හරහා සටහනක් තබමින්.

Read More »

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ජනපති ගරු කරනු ඇති බවට විශ්වාසයි – රනිල්

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගරුකරනු ඇති බවට විශ්වාස කරන්නේ යැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු සදහන් කර ඇත්තේ ව්‍යවස්ථාදායකය, විධායකය හා පාර්ලිමේන්තුව යනු ප්‍රජාතන්ත්‍රවාදයේ අවශ්‍යම අංග බවයි. We trust that the President will promptly respect the judgment[…]

Read More »

තීන්දුවෙන් පසුව විය හැක්කේ කුමක්ද?

මීට සුළු මොහොතකට පමණ පෙර ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ජනාධිපතිවරයා විසින්පා ර්ලිමේන්තුව විසුරුවා හරින බවට නොවැම්බර් 9 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත වනු ඇත. එහෙයින් ඊට පෙර පැවති පාර්ලිමේන්තුව සහ අගමැති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුව යළි බලාත්මක වනු ඇත. එහෙත් මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත්වීම සහ අමාත්‍ය මණ්ඩලය[…]

Read More »

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථාවට පටහැනියි – ශ්‍රේෂ්ඨාධිකරණය

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට අගවිනිසුරු ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් තීන්දු කළා. අගවිනිසුරුවරයා වැඩිදුරටත් කියා සිටියේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ සභා කාලය වසර 4 කුත් මාස 6 ක් ගත වන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි බවයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ[…]

Read More »

සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ලබන 23වනදා සිට ඇරඹේ

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ලබන 23 වනදා සිට ආරම්භ කිරීමට නියමිතය. මෙම උත්තර පත්‍ර ඇගයීම් කටයුතු අදියර දෙකක් යටතේ සිදුකිරීමට නියමිත අතර පළමු අදියර 23 වනදා සිට ජනවාරි පළමුවනදා දක්වා සිදුකිරීමට නියමිත බවත් දෙවන අදියරේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ජනවාරි 8 වනදා සිට 17 වනදා දක්වා[…]

Read More »

ඇවන්ට්ගාඩ් නඩුව පෙබරවාරි 21ට කල් යයි

නීති විරෝධි ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සහ ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ඇවන්ට්ගාඩ් නෞකාවේ කපිතාන්වරයා සහ තවත් සැකකරුවන් දෙදෙනෙකුට එරෙහිව පවරා තිබු නඩුව පෙබරවාරි 21 වැනිදා දක්වා කල් තබයි. එම නඩුව අද දින විභාගයට ගත් අවස්ථාවේ තවමත් නීතිපති උපදෙස් ලැබී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීම නිසා මෙසේ[…]

Read More »

සන්ධාන මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් අද පස්වරුවේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. අද පුංචි බොරැල්ලේ පිහිටි නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා මේ බව කියා සිටියා. මෙම විශේෂ රැස්වීම අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන[…]

Read More »
1 2 3