අකිල ධනංජයගේ පන්දු යැවීම නීති විරෝධීයි – පන්දු යැවීම නවත් වන ලෙසට ICCය කියයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධි බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය අද නිවේදනය කර තිබෙනවා. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි අකිල ධනංජයට ජාත්‍යන්තර තරගවලදී පන්දු යැවීම තහනම් කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම කවුන්සිලය සදහන් කර ඇත්තේ. එංගලන්තය සමග පැවැති[…]

Read More »

ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ විද්වත් කමිටු වාර්තාව ජනපතිට

ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ විශේෂ අධ්‍යයනයක් සිදුකොට වාර්තා කිරීම සඳහා ජනපති විසින් පත්කරන ලද ස්වාධීන විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කමිටුවේ වාර්තාව අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගන්වා තිබෙනවා. කමිටුවේ සභාපති කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, විශ්‍රාමලත් ආර්ථික විද්‍යා මහාචාර්ය දේශමාන්‍ය ඩබ්ලිව්.ඞී. ලක්ෂ්මන් මහතා[…]

Read More »

හොරණ – කොළඹ බස් රථ වර්ජනයක්

හොරණ-කොළඹ සුඛෝපභෝගී බස්රථ හිමියන් සහ සාමාන්‍ය බස් රථ හිමියන් අද දින බස් ධාවනයනේ ඉවත් වීමට කටයුතු යොදා තිබේ. සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සඳහන් කළේ, ලංගම සුඛෝපභෝගී බස් රථයක් උදෑසන කාලයේ සහ පස්වරුවේ ධාවනයට ආදේශ කිරීමට විරෝධය පළ කරමින් මෙම බස් රථ රියැදුරන් බස් ධාවනයේ ඉවත්ව ඇති[…]

Read More »

රංජන්ගේ නඩුව ජනවාරි 28ට කල්යයි

අධිකරණයට අපහාස කළ බවට චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට එරෙහි නඩුවේ සාක්ෂි විභාග කිරීම ජනවාරි 28 වන දක්වා කල් තබනු ලැබුවා. ඒ සිසිර ද ආබෲ, ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදීය. පසුගිය වසරේ අගෝස්තු මස 21 වනදා[…]

Read More »

මෝදර සිදුවූ වෙඩි තැබීමකින් 05දෙනෙකුට තුවාල

කොළඹ, මෝදර පඤ්ඤානන්ද මාවත ප්‍රදේශයේදී අද පස්වරුවේ එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ත්‍රී රෝද රථයක ගමන් ගත් පිරිසකට මෙලෙස වෙඩි තබා ඇති අතර නඩු විභාගයක් අවසන් වී යළි නිවෙස් වෙත යමින් සිටි[…]

Read More »

ශ්‍රී.ල.නි.ප හා පොදු ජන පෙරමුණ නායකයින් ජනපති හමුවීමට සුදානම්

ජනාධිපතිවරයා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණේ නායකයන් අතර පැවැත්වීමට නියමිත හමුව තව සුළු වේලාවකින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භවීමට නියමිතව ඇත. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදීමට නියමිත නඩු තීන්දුවෙන් පසු ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා කිරීමටයි නියමිතය.

Read More »

එ.ජා.පයේ රැළිය 17 වෙනිදා දක්වා කල්යයි

එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කර තිබූ ජන බල මෙහෙයුම් රැළිය එළැඹෙන 13 දා පවත්වීමට නියමිතව තිබුනද එය ලබන 17දා දක්වා එය කල් දැමීමට එම පක්ෂය තීරණය කර තිබේ. පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට අදාළව ගොනුකළ පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ලබාදීමට නියමිත හෙයින් එම රැළිය මෙසේ කල් දමා ඇත. ඒ අනුව යුක්තියේ ජන[…]

Read More »

කෝටි හතරකට අධික වටිනාකමකින් යුත් ගජමුතු 11ක් සමඟ සිව් දෙනෙකු අත්අඩංගුවට

රුපියල් කෝටි 04කට අධික වටිනාකමින් යුත් ගජමුතු 11ක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. මහනුවර පොලිස් වසමේ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනය අසලදී මහනුවර කොට්ඨාස දුෂණ මර්දන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කළ වැටලිමකදි මිල කළ නොහැකි වටිනාකමකින් යුතු ගජමුතු 11ක් ළඟ තබා ගත් සැකකරුවන් සිවුදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.[…]

Read More »

නොරොච්චෝලේ විදුලි බලාගාර භූමිය තුළ පැල වර්ග 10,000 ක් සිටුවයි

නොරොච්චෝලේ ලක් විජය තාප විදුලි බලාගාර භූමිය තුළ සහ බලාගාරයට පිවිසෙන මාර්ගය දෙපස රුක් රෝපනය කිරීමේ වැඩ සටහනක් පසුගිය 09 වැනිදා සිදු කරන ලදි. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් සංවිධානය කර තිබූ මෙම වැඩ සටහන මීගමුව සිංහ සමාජය විසින් ක්‍රියාත්මක කරන ලදි. මෙහිදී කුඹුක්‍,මී,මගුල් කරද ඇතුළු විවිධ පැල වර්ග 10,000[…]

Read More »

පේරාදෙණිය ස්ප්‍රින් හිල්වත්තේදී අයෙකු කපා කොටා ඝාතනය කෙරේ

පේරාදෙණිය ස්ප්‍රින් හිල්වත්ත ෆයිනස් කැලේදී කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කර ඇත. මෙලෙස මියගොස් ඇත්තේ 27 හැවිරිදි මහනුවර දංගොල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්. ඝාතනය සිදු කළ වයස අවුරුදු 25ක් වන සැකකරුවන් දෙදෙනා පේරාදෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙනඇති අතර එම සැකකරුවන් දෙදෙනා මරණකරුගේ ඥාතීන් බවට පොලිසිය සඳහන් කරයි. සැකකරුවන් අද දින මහනුවර මහේස්ත්‍රාත්[…]

Read More »

ඔස්ට්‍රේලියාව පරාජය කළ ඉන්දියාවට ලකුණු 31ක ජයක්

ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් තරගය ලකුණු 31කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්ව තිබෙනවා. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම ඇඩිලේඩ් පිටියේ ප්‍රළමු ඉනිම සදහා මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව පිටියට පැමිණි ඉන්දීය කණ්ඩායමේ සියලුදෙනා දැවී ලකුණු 250ක් රැස්කර ගත්තා. එහිදී චේතේෂ්වර් පූජාරා ලකුණු 123ක් රැස්කර[…]

Read More »