December2018

රනිල්ට සහාය පළකළ යෝජනාව සම්මත වූ බව කථානායක ජනපතිට දන්වයි

රනිල් වික්‍රමසිංහ මහතා හට අග්‍රාමාත්‍යවරයා වශයෙන් ක්‍රියාකිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති බවට ඉදිරිපත් කරන ලද යෝජනාව අද(12) පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට අනුව විවාද කිරීමෙන් අනතුරුව ඡන්ද 117කින් සම්මත වූ බව කථානායක කරූ ජයසූරිය මහතා ජනාධිපතිවරයා වෙත දන්වා තිබෙනවා. මේ සම්බන්ධයෙන් කථානායක මාධ්‍ය අංශ විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන්[…]

Read More »

අඩු පීඩන තත්ත්වය පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වන ලකුණු

දිවයිනට ගිනිකොණ දෙසින් දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 24 ක කාලය තුලදී පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වන ලකුණු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එය උතුරු දෙසට බරව වයඹ දෙසට ගමන් කරමින් දෙසැම්බර් මස 15 වනදා වන විට තමිල්-නාඩු වෙරළ දෙසට ගමන් කරනු[…]

Read More »

කෝටි දෙකක් වටිනා මාලිංග සහ මැතිව්ස්

2019 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය සඳහා වන ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග සහ ඇන්ජෙලෝ මැතිව්ස් එහි ඉහළම වෙන්දේසි කාණ්ඩයට ඇතුළත් තිබෙනවා. මෙවර අයි.පී.එල් තරගාවලියේ ඉහළ ඛාණ්ඩයේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි දෙකක් වනවා. එම කාණ්ඩයට මාලිංගි සහ මැතිව්ස් ඇතුළත්වීම විශේෂත්වයක් බවයි විදෙස් ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙන්නේ. අදාළ[…]

Read More »

පා.ම. කාංචන විජේසේකරගෙන් සමනලී ෆොන්සේකා කෝටි 50ක වන්දියක් ඉල්ලයි

ජනප්‍රිය නිළි සමනලී ෆොන්සේකා මහත්මිය නීතිඥයින් මාර්ගයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි කාංචන විජේසේකර මහතාගෙන් රුපියල් කෝටි 50ක වන්දියක් ඉල්ලමින් එන්තරවාසියක් යොමුකර තිබෙනවා. ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් ඇය විසින් මුදල් ලබාගත් බවට කාංචන විජේසේකර මහතා කළ ප්‍රකාශක් මූලික කරගෙන මෙලෙස එන්තරවාසියක් යවා තිබෙනවා. එමගින් ඇය පෙන්වා දී ඇත්තේ කාංචන විජේසේකර මහතාගේ ප්‍රකාශයෙන් තම කීර්තිනාමයට හානියක් සිදුවී[…]

Read More »

පාර්ලිමේන්තුව දෙසැ. 18 වැනිදා දක්වා කල් තැබේ

පාර්ලිමේන්තු සැසිවාරය ලබන 18 වැනි අගහරුවාදා පස්වරු 1.00 දක්වා කල්තබා තිබෙනවා. අද පස්වරු 1.00ට පමණ පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භවීමෙන් අනතුරුව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීමේ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉදිරිපත් කළා. එය පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා විසින් සම්මත කරනු ලැබුවා. ඉන් අනතුරුව ඉලෙක්ට්‍රෝනික් ක්‍රමයට[…]

Read More »

සුනිල් ශාන්ත CIDයට බාර දෙයි

ඉකුත් 19 වැනි දා වැලිකඩ බන්ධනාගාරයෙන් පලා ගොස් මීමුරේ ප‍්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගනු ලැබ සිටි මහාපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වන සුනිල් ශාන්ත නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දී ඇත. පොලිස්පති පූජිත් ජයසුන්දරගේ උපදෙස් මත සිද්ධියට අදාළ ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකිරීම සදහා ඔහුව මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන් බව[…]

Read More »

ධීවර කාර්මිකයා සතු වු ගිනි අවිය පතුරම් සමඟ අල්ලයි

ලංකාවේ නිෂ්පාදනය කරන ලද ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සහ හිස් පතරොමක් සමඟ සැකුකරුවෙකු ගාල්ල රත්ගම මාමඩවිලදී අත්අඩංගුවට ගත් බව තෙලිකඩ පොලිසිය කියයි. පොලිසියට ලැබුණ නිරනාමික තොරතුරක් මත මහ මඟ ගමන් කරමින් සිටියදී පරික්ෂා කිරිමේදී සැකකරු ළඟ තිබි මෙම ගිනිඅවිය සහ හිස් පතරොම සොයා ගෙන ඇත. රත්ගම ගම්මැද්දගොඩ පදිංචි 24 හැවිරිදි[…]

Read More »

ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායකයාට එරෙහිව වතුකරයේ විරෝධතා

ලංකා කම්කරු කොන්ග්‍රසයේ සභාපති හා නුවරඑලිය දිස්ත්‍රික් පා.ම ආරුමුගන් තොණ්ඩමන් මහතාට විරෝධය දක්වමින් වතුකරයේ ස්ථාන කිහිපයකම වතු කම්කරුවන් අද (12) උද්ඝෝෂන ව්‍යාපාරවල නියැලුණා. වතුකරයේ සේවය කරන තමන්ට දිනකට රු 1000 ක මුලික වැටුපක් ලබාදෙන බව පවසමින් ලංකා කම්කරු කොන්ග්‍රසයේ සභාපති නුවරඑලිය දිස්ත්‍රික් පා.ම ආරුමුගන් තොණ්ඩමන් මහතා තමන්ට වැඩ වර්ජනයක් සිදු[…]

Read More »

මහින්ද රාජපක්ෂගේ අභියාචනය 14 වැනිදා සළකා බලයි

මහින්ද රාජක්ෂ අගමැති ධූරය දැරීම වළක්වාලමින් දුන් අතුරු තහනමට එරෙහි අභියාචනය දෙසැම්බර් මස 14 වැනිදා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.

Read More »

යාපනය විශ්ව විද්‍යාල සිසුන් අතර ගැටුමකින් තිදෙනෙකුට තුවාල

යාපනය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සිව්වැනි වසරේ සිසුන් සහ දෙවැනි වසරේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් විශ්ව විද්‍යාල සිසුන් තිදෙනෙකු ඊයේ(11) රාත්‍රියේ තුවාල ලබා රෝහල් ගත කළ බව යාපනය පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ කන්දර්මඩම් ප්‍රදේශයේ දී යාපනය විශ්ව විද්‍යාලයේ විද්‍ය පීඨයේ සිව්වැනි වසරේ සිසුන් පිරිසක් හා දෙවැනි වසරේ සිසුන්[…]

Read More »
1 2 3 23