November2018

මොරගහකන්ද – කළුගඟ ජලාශ ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

දශක හතරකට පසු මෙරට ඉදි වූ විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද කළුගඟ ජලාශ ව්‍යාපෘතියේ මොරගහකන්ද ජලාශ වාන් දොරටු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මීට සුළු වේලාවකට පෙර විවෘත කර තිබෙනවා.  

Read More »

යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සොරකම් කළ තරුණයින් දෙදෙනකු කොටුවෙයි

දිවයිනේ ප්‍රධාන නගරවල ගාල් කර තිබෙන යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සොරාගෙන ගොස් කොටස් වලට වෙන් කර අලෙවි කිරිමේ ජාවාරමක නිරත වි සිටි සැකකරුවන් දෙදෙනෙක් නව කුරුදුවත්ත පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරුවන් දෙදෙනා කොළඹ කොටුව ප්‍රදේශයේ ගාල් කර තිබු රු තුන්ලක්ෂ හැත්තැදහසක් වටිනා යතුරු පැදියක් සොරාගෙන නාවලපිටිය ප්‍රදේශයට[…]

Read More »

Update : අමාත්‍යවරුන්ගේ වියදම් කපා හැරීමේ යෝජනාව සම්මතවෙයි

රජයේ කැබිනට් අමාත්‍යවරුන්ගේ හා රාජ්‍ය අමාත්‍යවරුන්ගේ වියදම් කපා හැරීමේ යෝජනාව මීට සුළු වේලාවකට පෙර සම්මත වුණා. එම යෝජනාවට පක්ෂව ඡන්ද 122ක් ලැබුණා. විපක්ෂව කිසිදු ඡන්දයක් නොැබුණු අතර, ආණ්ඩු පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තු සැසිවාරයට අද දිනයේ සහභාගි නොවීම ඊට හේතුවී තිබෙනවා. මේ පාර්ලිමේන්තු සැසිවාරය ලබන දෙසැම්බර් මස 05 වැනිදා උදෑසන 10.30 දක්වා[…]

Read More »

බම්බලපිටියේ ආයතනයක් බිද ලක්ෂ 30ක දේපළ සොරකම් කළ 4ක් අත්අඩංගුවට

කොළඹ 05 ආර්.ඒ. ද මැල් මාවතේ පිහිටි සුප්‍රසිද්ධ ආයතනයක් බිද රුපියල් ලක්ෂ 30ක් වටිනා දේපල සොරකම් කළ සැකකරුවන් සිව්දෙනෙකු බම්බලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ පසුගිය 21 වැනිදා මොවුන් මෙම සොරකම සිදුකර ඇති බවයි. සැකකරුවන් විසින් සොරාගන්නා ලද ලැප්ටොප් පරිගණක යන්ත්‍ර 10ක්, ජංගම දුරකථන 12ක් සමග ඊයේ පස්වරුවේ[…]

Read More »

පාර්ලිමේන්තුව අද පෙ.ව. 10.30ට රැස්වෙයි

පාර්ලිමේන්තුව අද පෙරවරු 10.30ට ආරම්භවීමට නියමිතව තිබෙනවා. ඒ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්. අද දිනයේ පාර්ලිමේන්තුවේදී අමාත්‍ය දීමනා කප්පාදු කිරීමට අදාළ යෝජනාවක් විවාදයට ගැනීමට නියමිත බවට පාර්ලිමේන්තුවේ සිටින අප වාර්තාකරුවන් පවසනවා. මේ අතර අද දිනයේ පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භයට පෙර කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. අද දිනයේදී  පාර්ලිමේන්තු[…]

Read More »

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අද විවෘත කෙරේ

දශක හතරකට පසු මෙරට ඉදි වූ විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද – කඑගග ජලාශ ව්‍යාපෘතියේ මොරගහකන්ද ජලාශය මේ වන විට පිටාර මට්ටමට ළගා වී ඇති අතර, එහි වාන් දොරටු අද (30) පෙරවරුවේ විවෘත කිරීමට නියමිතව තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මෙම අවස්ථාවට එක්වෙමින් මොරගහකන්ද ජලාශ ව්‍යාපෘති පරිශ්‍රයේ නිරික්ෂණ[…]

Read More »

මඩකලපුවේ රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු මියයයි

මඩකලපුව වව්නතිව් පොලිස් ස්ථානයට අනියුක්ත මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඒම මාර්ග බාධකය අසලදී සැකකටයුතු ලෙස මියගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ අද උදෑසන 6.00ට පමණ ඒම නිලධාරීන් දෙදෙනාගේ මෘත ශරීර සොයාගත් බවයි. මෙලෙස මියගොස් තිබෙන්නේ වල්පිට ගමගේ නිරෝෂන් ඉන්දික ප්‍රසන්න නමැති වයස අවුරුදු 35ක් වන ගාල්ල උඩුගම පදිංචි පොලිස්[…]

Read More »

ලක්ෂ 31කට අධික වටින රත්‍රං සමග දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

මාලදිවයිනේ සිට රත්තරන් තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසුවේ ඊයේ (29) රාත්‍රීයේදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි. මොවුන් දෙදෙනාගෙන් එක් අයෙකු කොළඹ රාජගිරිය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙක්[…]

Read More »

විපක්ෂ නායක සහ එ.ජා.පෙ. නායකයින් හෙට හමුවීමට ජනපති එකගවෙයි

විපක්ෂ නායකවරයා සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් හෙට (30) පස්වරුවේ හමුවී සාකච්ඡා කිරීමට ජනාධිපතිතුමා එකඟ වී ඇති බවට කථානායක කාර්යාලය පවසනවා. ඒ, කථානායක කරු ජයසූරිය මහතා අද පස්වරු 3.30ට පමණ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමෙන් අනතුරුව ගත් තීරණයකට අනුවයි. සෑම අංශයකින්ම රට තුළ අස්ථාවර තත්ත්වයක් ඇතිවෙමින් පවතින් බවත්,[…]

Read More »

ජීවන් මෙන්ඩිස් කඩුළු 11ක් ලබාගෙන ප්‍රථම ස්ථානයට

දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන මාන්සි සුපර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග 13 ක් අවසන් වන විට වැඩිම කඩුළු සංඛ්‍යාවක් ලබාගෙන පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ ජීවන් මෙන්ඩිස් සමත්ව තිබෙනවා. ඒ.බී. ඩිවිලියස් නායකත්වය දරන ෂ්වානේ ස්පාර්ටන්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන මෙන්ඩිස් මේ වන විට තරග 5 කට සහභාගි වී කඩුළු[…]

Read More »

එක්සත් ජාතික පෙරමුණේ මුලිකත්වයෙන් යුත් රජයක් පිහිටුවීමට සහාය දෙන බව TNA ජනපතිට කියයි

ඔක්තෝබර් 26 වැනිදාට පෙර පැවැති අයුරින් එක්සත් ජාතික පෙරමුණේ මුලිකත්වයෙන් යුත් රජයක් යලි පිහිටුවීමට පූර්ණ සහාය ලබාදෙන බවට දෙමළ ජාතික සන්ධානය විසින් ජනාධිපතිතුමාට ලිපියක් යවා තිබෙනවා. ඊට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14දෙනෙකුගෙන් අත්සන් ද තබා තිබෙනවා. පාර්ලිමේන්තුවේ බහුතරය ඇති එක්සත් ජාතික පෙරමුණේ අයෙක් ජනාධිපතිතුමාගේ කැමැත්ත අනුව අග්‍රාමාත්‍යධුරයට පත් කරන[…]

Read More »