යුක්තියේ ජන හඬ රැළිය කළුතරට

එක්සත් ජාතික පෙරමුණේ යුක්තියේ ජන හඬ රැළි මාලාවේ දෙවන රැළිය අද කළුතරදී පැවැත් වුණා. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එම එක්සත් ජාතික පෙරමුණේ නායකයින්ගේ සහභාගිත්වයෙන් මෙම රැළිය පැවැත් වුණේ. එහිදී අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තමන් සමග වැඩ කිරීමට අකමැත්තක් තිබුණා[…]

Read More »

ශ්‍රී ලංකාව පරාජයට පත් කළ එංගලන්තය ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ දෙවන තැනට

ශ්‍රී ලංකාව සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 3ට 0ක් ලෙස ජයගත් එංගලන්ත කණ්ඩායම අන්තර් ජාතික ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ දර්ශකයේ දෙවන ස්ථතානය දක්වා ඉදිරියට පැමිණි තිබෙනවා. දෙරට අතර තරගාවලිය ආරම්භයට පෙර එංගලන්ත කණ්ඩායමට ශ්‍රේණිගත කිරීමේ හිමිවූයේ තෙවන ස්ථානයයි. ඒ අනුව මේ වන විට තෙවන ස්ථානය දක්වා පහළට දකුණු අප්‍රිකානු කණ්ඩායම වැටී[…]

Read More »

මාතරදී සිසුවෙකු ඝාතනය කළ සිදුවීමේ 02වන සැකකාර සිසුවා බන්ධනාගාරයට – තුන්වන සැකකරුගෙන් ප්‍රශ්න කරයි

මාතර උපකාරක පන්තියක් අසළදී තියුණු ආයුධයකින් පහරදී පාසල් සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ දෙවන පාසල් සිසුවා ද ලබන මස 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ඒ ඔහු අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් තුන්වන සැකකරු මාතර වල්ගම ප්‍රදේශයේ පදිංචි 17[…]

Read More »

අද පස්වරුවේත් වැසි

නැගෙනහිර සහ උතුරු පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සෙසු පළාත්වල සවස 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ. සබරගමුව මධ්‍යම සහ බස්නාහිර, පළාත්වලත් ගාල්ල සහ මාතර[…]

Read More »

බැඳුම්කර වාර්තාවේ සිංහල හා දෙමළ පිටපත් සති දෙකක් ඇතුලත ජනපති ඉල්ලයි

බැඳුම්කර වාර්තාවේ සිංහල සහ දෙමළ පිටපත් සති දෙකක් තුළ නිකුත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අදාළ අංශවලට දැනුම් දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. ඒ අද දින පාර්ලිමේන්තුවේදී පැවැත්වුණු මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.

Read More »

මහබැංකු අධිපති නව කාසි එකතුවක් අගමැතිට පිළිගන්වයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද නව කාසි එකතුවක් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගන්වා තිබෙනවා. ඒ අග්‍රාමාත්‍ය කාර්යාලෙය්දීයි. මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් මෙලෙස නව කාසි එකතුව අගමැතිවරයා වෙත පිළිගන්වා තිබුණා.  

Read More »

අධි සුඛෝපභෝගී (මෙයින් ෂිෆ් -3) නොෟකාව කොළඹ වරායට

MV. MEIN SCHIFF 3 (මෙයින් ෂිෆ් -3) අධි සුඛෝපභෝගී මගී නෞකාව 2018 නොවැම්බර් 26 වැනි දින කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙත සේන්දු විය. මගීන් 2,430ක් හා 995 ක කාර්ය මණ්ඩලයක් සමගින් කොළඹ වරාය වෙත සිදුකරන ලද ප්රථම ආගමනයයි. මෙම අවස්ථාව සනිටුහන් කරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්රම දිසානායක මහතා[…]

Read More »

මිනිස් කාර්ය සාධක බලකායේ විශේෂ හමුවක් සුසිල්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි

නීතිවිරෝධී මිනිස් ජාවාරම වැළැක්වීම සදහා අධිකරණ අමාත්‍යාංශයේ මුලිකත්වයෙන් ස්ථාපිත කර ඇති මිනිස් කාර්ය සාධක බලකායේ විශේෂ හමුවක් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ පස්වරුවේ පැවැත්විය. මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි, අතිරේක ලේකම් (නීති ) පියුමන්ති[…]

Read More »

පාර්ලිමේන්තුව වර්ජනය කළ ආණ්ඩු පක්ෂය මාධ්‍ය හමුවක් පවත්වයි

පාර්ලිමේන්තුව වර්ජනය කළ ආණ්ඩු පක්ෂය මේ වන විට පාර්ලිමේන්තුව තුළ මාධ්‍ය හමුවක් පවත්වමින් සිටිනවා. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත් වුන කණ්ඩාම් රැස්වීමේදී ගත් තීරණයකට අනුව එක්සත් ජනතා නිදහස් සන්ධාන මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි නොවීමට තීරණය කළා.

Read More »

ආසනේට ගියාම ගහන්න හදනවා – පාර්ලිමේන්තුවට ආවම මිරිස් කුඩු ගහනවා

තමන්ට හිමිව තිබෙන වරප්‍රසාද කඩවී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා අද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටියා. “අපිට පාර්ලිමේන්තුවේ ආරක්ෂාව නෑ, මිරිස්කුඩු ගහනවා. ආසනේට ගියාම පිට අය අය ඇවිත් මට පෙට්‍රල් බෝම්බ ගහන හිටියා. මම ඒ ගැන පොලීසියට පැමිණිලි කළා. අද වෙනකම් පොලීසියෙන් කිසිම දෙයක් කරලා නෑ. පරීක්ෂණ නොකරපු[…]

Read More »

සිරගත කර ඇති හා එල්ලුම්ගහට නියමවී සිටින රණවිරුවන්ට ජනපති සමාව ඉල්ලා ආබාධිත රණවිරුවන් පා ගමනක

සිරගත කොට ඇති සහ එල්ලුම්ගහට නියම ව සිටින රණවිරුවන්ට ජනපති සමාව ලබාදී බේරා දෙන්නැයි ඉල්ලමින් ආබාධිත රණවිරුවන් පිරිසක් අනුරාධපුර ජයසිරිමහ බෝධීන් වහන්සේ ඉදිරිපිට සිට පාගමනින් කතරගම කිරිවෙහෙර බලා ගමන් කරමින් සිටින අතර එම රණවිරුවන් 27 දින දඹුලු නගරයට ප්‍රවිෂ්ඨ වූහ. එහිදී දඹුල්ල නගර මධ්‍යයේදී නගරාධිපති ජාලිය ඕපාත මහතා සහ මන්ත්‍රී[…]

Read More »
1 2 3