අග්‍රාමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

රට ගොඩ ගැනීමට ඇති අන්තිම අවස්ථාව මෙය බැවින් මැතිවරණ නොපවත්වා දිගටම බලයේ හිඳිමින් රට විනාශ කිරීමට වළිකන බලවේග පරාජය කිරීම සඳහා එකතු වෙන ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද (25) සියලූ ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියා. අගමැති කාර්යාලයේ සිට අද (25) විශේෂ ප‍්‍රකාශයක් කරමින් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා මෙම ප‍්‍රකාශය සිදුකළේ.[…]

Read More »

ශ්‍රී ලංකාවට ලකුණු 327ක අභියෝගයක්

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනය සදහ තරගය අද පස්වරුවේ නිමාවට පත්වුණා. දිනය අවසාන වන විට පිළිතුරු දෙවැනි ඉනිම සදහා පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 4ක් දැවී ලකුණු 53ක් රැස්කර ගෙන සිටියා. ලකුණු 327ක අභියෝගයක් භාර ගනිමින් පන්දුවට පහරදෙන ශ්‍රී[…]

Read More »

රනිල් වික්‍රමසිංහට නැවත අගමැති ධූරයට පත් කරන්නේ නැහැ – ජනපති

අගමැති පත් කිරීම, හිටපු අගමැති ඉවත් කිරීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ වාර අවසාන කිරීම, කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීම යන සියල්ල තමා විසින් සිදු කරන ලද්දේ නීත්‍යානුකූලව වන අතර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි කිසිවක් තමා සිදුකර නොමැති බව ජනාධිපති පවසනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ අද (25) පෙරවරුවේ ජනාධිපති[…]

Read More »

අන්තර් දිස්ත්‍රික් කබඩි තරඟාවලිය වවුනියාවේදී පවත්වයි

අන්තර් දිස්ත්‍රික් කබඩි තරඟාවලිය අද(25) වවුනියාව ඉරට්ටපෙරියකුලම ගෘහස්ත කබඩි ක්‍රීඩාංගනයේදී ආරම්භ කරනු ලැබීය. ජාතික කබඩි සම්මේලනය හා අන්තර් දිස්ත්‍රික් කබඩි සම්මේලනයේ සම්බන්ධීකරණයෙන් යුතුව දිස්ත්‍රික් කබඩි කණ්ඩායම් 33 ක සහභාගීත්වයෙන් තරඟාවලිය පැවැත්වීම සංවිධානය කොට තිබිණ. වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා වවුනියාව දකුණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,වවුනියාව දිස්ත්‍රික් කබඩි සංගමය එක්ව තරඟාවලියේ කටයුතු[…]

Read More »

යාපනය සිට ඉන්දියාවට නැව් සේවයක් ලබාදීමට කටයුතු කරනවා – ඩග්ලස් දේවානන්ද

යාපනය සිට ඉන්දියාව දක්වා නැව් සේවාවක් ලබාදීම සම්බන්ධයෙන් සාකච්ජා කොට තීරණයක් ලබාදෙන බව අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පවසයි. කිලිනොච්චිය,රත්නපුරම් ප්‍රදේශයේ ගණදේවි කෝවිලේ ඊයේ(24) සවස පැවැත්වු වැඩසටහනකට එක්වෙමින් හෙතෙම එලෙස පැවසුවේය. ඉන්දියාවේ සබරිමලෙයි පිහිටි අයියප්පර් කෝවිලේ වාර්ෂික මංගල්ලය වෙනුවෙන් සහභාගිවන උතුරු නැගෙනහිර ප්‍රදේශවල අතිවිශාල ජනතාවගේ ගමන් පහසුව වෙනුවෙන් අදාළ නැව් සේවාව[…]

Read More »

ස්ථිර පත්වීම් නොමැති සමෘද්ධි නිලධාරීන්ට 14000ට විධිමත් ස්ථිර පත්වීම්

දීර්ඝ කාලයක සිට විධිමත් පත්වීමක් නොමැතිව සේවය කළ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 14000 කට වැඩි පිරිසකට විධිමත් ස්ථිර පත්වීම් ලබා දීමට නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය විමල් වීරවංශ මහතා තීරණය කරයි. විමල් වීරවංශ අමාත්‍යවරයා මෙම තීරණය ගනු ලැබුවේ සමෘද්ධි ව්‍යපාරයට අයත් වෘත්තීය සමිති ප්‍රධානීන් හා අමාත්‍යාංශ නිලධාරීන් සමඟ බත්තරමුල්ල, සෙත්සිරිපාය (පළමු[…]

Read More »

පොලිස්පති CID යට

ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පොලිස්පති පූජිත ජයසුන්දරට සී.අයි.ඩී.යට පැමිණෙන ලෙස අවස්ථා තුනකදී දැනුම්වත් කර ඇතත් ඔහු එම අවස්ථාවන් මගහැර ඇති බව වාර්තා වුවා. නමුත් මේ වන විට පොලිස්පති පුජිත ජයසුන්දර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ඇති බවත් අද (25) උදෑසන පටන් මේ[…]

Read More »

ඌවට, මධ්‍යමට, සබරගමුවට හා බස්නාහිරට අදත් වැසි

මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර සහ දකුණු පළාත්වලට අද සවස 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ක් පමණ තද වැසි ඇති විය හැකි අතර ගිගුරුම් සහිත වැසි ඇති[…]

Read More »

වෙල්ලස්ස නිදහස් අරගලයේදී දිවි පිදු කැප්පෙටිපොළ වීරවරයා ප‍්‍රමුඛ විරුවන්ට පිං පැමිණවීම ජනපති ප‍්‍රධානත්වයෙන්

ඌව වෙල්ලස්ස නිදහස් අරගලයට වසර 200 ක් පිරීම අනුස්මරණය කරමින් මාතෘ භූමිය වෙනුවෙන් දිවි පිදු කැප්පෙටිපොළ වීරවරයා ප‍්‍රමුඛ දහ දහසක් විරුවන්ට පිං පැමිණවීම වෙනුවෙන් ශාන්ති පදනම සංවිධානය කළ පුණ්‍ය මහෝත්සවයක් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (25) පෙරවරුවේ කොළඹ 07, සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැත්විණි. ගරු ජනාධිපතිතුමා කැප්පෙටිපොළ වීරවරයාගේ[…]

Read More »

අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් යාපනයෙන් සොයා ගනියි

යාපනය,කොයියාතෝට්ටම් ප්‍රදේශයේ තිබි අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝග්රැම් හතරක් හා ඩෙටනේටර් තොගයක් ඊයේ(24) සොයාගෙන ඇති බව යාපනය පොලිසිය පවසයි. යාපනය පොලිසිය පැවසූවේ පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන්ට ලද තොරතුරක් මත අදාළ පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගත් බවයි. අදාළ පුපුරණ ද්‍රව්‍ය සි4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය තොගයක් වන අතර අදාළ ස්ථාන‍යේම තිබි ඩෙටනේටර් 10[…]

Read More »

දුම්රියේ ගැටී පුද්ගලයෙකු ජිවිතක්ෂයට

කොළඹ සිට යාපනය බලා ධාවනය වු ශිඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් යාපනය මුහමාලෙයි ප්‍රදේශයේදී ඊයේ (24) පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය පලෙයි පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ මුහමාලෙයි දුම්රිය හරස් මාර්ගය ආසන්නය ප්‍රදේශයේදී අදාළ පුද්ගලයා දුම්රියට පැන ඇති බවයි. අනතුරින් ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර, අදාළ සිද්ධිය සියදිවි[…]

Read More »