පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ආණ්ඩු පක්ෂයෙන් නම් 7ක්

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා ආණ්ඩු පක්‍ෂයෙන් නම් කර ඇති නියෝජිතයන්ගේ ලේඛණය සභා නායක කාර්යාලය විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත යොමු කර තිබෙනවා. ඒ අනුව දිනේෂ් ගුණවර්ධන ,මහින්ද සමරසිංහ, එස්.බී දිසානායක,නමල් සිරිපාල ද සිල්වා, විමල් වීරවංශ ,තිලංග සුමතිපාල, උදය ගම්මන්පිල මෙලෙස නම් කර තිබෙනවා.

Read More »

එ.ජා.පයේ මන්ත්‍රීවරුන් මෝසමක් පාර්ලිමේන්තු මහ ලේකම්ට භාරදෙයි

රට තුළ නීත්‍යානුකූල රජයක් නොමැති අවස්ථාවක අමාත්‍යංශ පරිහරණය කිරීම නීති විරෝධී බවට පවසමින් එක්සත් ජාතික පක්ෂය විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට මෝසමක් භාරදී තිබෙනවා. එම මෝසමට රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, රවී කරුණානායක සහ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න යන මහත්වරුන් අත්සන් තබා තිබෙනවා. එම මෝසම පහතින් බලන්න….

Read More »

අගමැති මහින්දගේ අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය

2019 වසරේ මුල්මාස හතරක කාලයක් සඳහා රජයේ වියදම් පියවා ගැනීම වෙනුවෙන් අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා. ජනාධිපති කාර්යාලයේ අද (21) ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් රැස්වීමට අදාල කෙටුම්පත ඉදිරිපත් කරනු ලැබුවේ අගමැති, මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතා විසිනි. ලබන වසරේ ජනවාරි 1 වැනිදා සිට මාස[…]

Read More »

ලුනාව නාගරික මහල් නිවාසයේ වැඩ කඩිනමින් නිම කරනමෙන් නිවාස ඇමතිගෙන් උපදෙස්

නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය විමල් වීරවංශ මහතා 2012 වසරේදී නිවාස අමාත්‍යවරයාව සිටියදී ආරම්භ කරන ලද මොරටුව, ලුනාව නාගරික මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරිම් කටයුතුවල ප්‍රගතිය සොයා බලා එහි ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දෙන ලදි. නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස්[…]

Read More »

මාලදිවයිනෙහි සැකපිට සිරගත කර සිටි ලහිරු මධුශංක නිදහස් කෙරේ

මාලදිවයිනෙහි සැකපිට සිරගතකර සිටින ශ්‍රී ලාංකිකයෙකු වන ලහිරු මධුශංක නිදහස් මේ වන විට නිදහස් කර ඇති බව මාල දිවයිනේ සිටින අමාත්‍ය ෆයිසර් මුස්තාෆා තහවුරු කළාය. 2015 ඔක්තෝබර් 23 වන දින, ලහිරු මධුශංක මාලදිවයින් හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් අබ්දුල් ගයූම් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවකට අත්අඩංගුවට ගෙන තිබේ. 2016 සැප්තැම්බර් මාසයේ[…]

Read More »

චන්දිමාල් එළියට – ධනුෂ්ක ගුණතිලක කණ්ඩායමට

එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට ධනුෂ්ක ගුණතිලක කැදවා තිබෙනවා. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ නායක දිනේෂ් චන්දිමාල් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වීම මීට හේතුව බවයි. දෙරට අතර ගාල්ලේදී පැවති පළමු ටෙස්ට් තරඟයේදී දිනේෂ් චන්දිමාල් ආබාධයකට ලක්වූ[…]

Read More »

සිකුරාදා රැස්වන පාර්ලිමේන්තුවේ ගැලරිය වැසෙයි

පාර්ලිමේන්තු රැස්වීම අනිද්දා (23) පැවැත්වීමට නියමිතය. නමුත් අනිද්දා දිනයේ මහජන ගැලරිය සහ කථානායක විශේෂ ආරාධිත ගැලරිය වසා දැමීමට තීරණය කර ඇති බව වේත්‍රධාරී කාර්යාලය සඳහන් කරයි. එදිනට පාර්ලිමේන්තු ගැලරියට ඇතුලූවීමට අවසර හිමිවන්නේ මාධ්‍යවේදීන්ට පමණක් වන අතර එදිනට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කිරීමට නියමිත බවද සඳහන් කරයි.

Read More »

අර්ජුන් ඇලෝසියස් යලි රක්ෂිත බන්ධනාගාර ගත කරයි

පර්පචුවල් ට්‍රේෂරිස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන එළඹෙන 29වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ඔහු අත්අඩංගුවට ගෙන සිටියේ මහ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන්ය.

Read More »

නාලක ද සිල්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කරයි

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරයි. ලබන මස 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බවට වාර්තා වන අතර ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන්[…]

Read More »

මාලදිවයිනෙහි සැකපිට සිරගතකර කර සිටින ලාංකිකයා බේරාගැනීමට ඇමති ෆයිසර් මුලිකත්වය ගනී

මාලදිවයිනෙහි සැකපිට සිරගතකර සිටින ශ්‍රී ලාංකික ලහිරු මධුශංක මහතා නිදහස් කර ගැනීම සඳහා ෆයිසර් මුස්තාෆා මහතා මුලිකත්වය ගෙන සිටියි. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ නියෝජිතයෙකු ලෙස මාලදිවයිනේ අලුතෙන් තේරී පත්වූ ජනාධිපති ඉබ්රාහිම් මොහොමඩ් සෝලිහ් මැතිතුමාගේ දිවුරුම්දීමේ සමාරම්භක උත්සවයට සහභාගී විමට පළාත් සභා,පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා[…]

Read More »

බලපිටිය ප්‍රාදේශීය සභාව උණුසුම් වෙයි

බලපිටිය ප්‍රාදේශිය සභාවේ මාසික රැස්වීම අද පැවැත්වුණු අතර එහි උණුසුම් කාරී තත්ත්වයක් හටගෙන ඇත. ඒම ප්‍රාදේශීය සභාවේ පොදු ජන පෙරමුණේ සභාපති සමන් ද සිල්වා ඇතුළු මන්ත්‍රීන් කණ්ඩායම කළු පටි පැලඳ සභාවට ඇතුළු වෙනවාත් සමඟ කළු ඇඳුමින් සභා වාරයට පැමිණ සිටි එජාප මන්ත්‍රීවරුන් රජයට විරෝධය පළ කිරීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් හටගෙන[…]

Read More »