මන්ත්‍රීවරුන්ගේ ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් 12 දෙනෙකුට තුවාල 

පාර්ලිමේන්තුවේ දී අද දින මන්ත්‍රීවරුන්ගේ ප්‍රහාරයට ලක්වූ පොලිස් නිලධාරීන් 12 දෙනකු තුවාල ලබා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. ඔවුන්ට මේ වන විට ප්‍රතිකාර ලබා දෙමින් තිබෙන බව ද දැනගන්නට ඇත. මන්ත්‍රීවරුන් නොසන්සුන් කාරීව හැසිරීම නිසා කතානායකවරයාගේ ආරක්ෂාවට පොලිසිය කැඳවා තිබිණු අතර මන්ත්‍රීවරුන් පොලිසියට පුටුවලින් සහ පොත්වලින් ද මිරිස්කුඩුවලින්ද පහර දෙන[…]

Read More »

රනිල්ට යළි අගමැති ධූරය නොදෙන බව ජනපති නිදහස් පක්ෂ මන්තී‍්‍රන්ට කියයි

කවර හේතුවක් නිසාවත් රනිල් වික්‍රමසිංහ මහතාව නැවතත් අගමැති ධූරයට පත් නොකරන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළ බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මීට සුළු වේලාවකට පෙර මාධ්‍ය වෙත පවසා සිටියා. ඔහු ඒ බව සඳහන් කළේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවෙන් අනතුරුවයි. රනිල් වික්‍රමසිංහ මහතාව නැවතත් අගමැති[…]

Read More »

එංගලන්තය දෙවැනි ඉනිමට කඩුළු 9ක් දැවී ලකුණු 324ක් රැස්කරයි

ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය තුන්වැනි දිනය සදහා මේ වන විට තරගය නතර කර තිබෙනවා. දිනය නිමාවන විට දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි එංගලන්තය කඩුළු 9ක් දැවී ලකුණු 324ක් ලබාගෙන සිටියා. එංගලන්ත දෙවැනි ඉනිම වෙනුවෙන් ජෝයි රූට් ලකුණු 124ක් ලබාගැනීමට සමත් වුණා. පන්දු[…]

Read More »

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් ජනපති හමුවීමට සූදානම්

අද පස්වරුවේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමුවීමට අපේක්ෂා කරන බව එක්සත් ජාතික පෙරමුණ පක්ෂ නායකයින් පවසනවා. උද්ගතවී ඇති දේශපාලනික අර්බුද විසගැනීමට සහ පාර්ලිමේන්තුවේ ඇතිවී තිබෙන තත්ත්වය සමනය කිරීම ඇතුළු කරුණු ගණනාවක් මෙහිදී සාකච්ඡාවට ගැනීමට නියමිත බවටයි දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන්නේ.

Read More »

අද රාත්‍රියේ දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි

අද රාත්‍රියේදී දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. ඒ අනුව මධ්‍යම,සබරගමුව,උතුරු මැද, ඌව බස්නාහිර සහා උතුරු පළාත් වලට තද වැසි ඇතිවීමට හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා.

Read More »

අධ්‍යක්ෂක රනිල්, නිෂ්පාදක සුමන්දිරන්, කරු නළුවෙක් – සුසිල් ප්‍රේමජයන්ත කියයි

පාර්ලිමේන්තු පවත්වා ගෙන යාම සඳහා කථානායකවරයා අපොහොසත් වී ඇති බව එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රි සුසිල් ප්‍රේමජයන්ත මහතා මාධ්‍යයට කියා සිටියි. ඊයේ දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ කථානායකවරයා හා පක්ෂ නායකයින් කිහිප දෙනෙක් සමඟ පැවති සාච්ඡාවේදී ජනාධිපතිවරයා විසින් ඉල්ලීම් කළ කිසිවක් ගණන් නොගෙන් ක්‍රියා කළ ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දුන් අතර[…]

Read More »

යාපනය වෙරළබඩ ප්‍රදේශයන්ගේ මුහුදු ජලය මුහුදට ඇද ගනී

ගජ සුළි කුණාටුවේ බලපෑම මත යාපනය වෙරළබඩ ප්‍රදේශයන්ගේ මුහුදු ජලය අද(16) උදැසන මුහුදට ඇදී ගොස් ඇති බව යාපනය ජනතාව පවසති. යාපනය කයිට්ස් හා ඩෙල්ෆ් දූපත් ආදි ප්‍රදේශයන්ගේ වෙරළබඩ සීමාවන්ගේ ජලය වෙරළ සීමාවේ සිට මීටර කිහිපයක් මුහුදට ඇදී ගොස් ඇති බව ප්‍රදේශවාසීන් පැවසූහ. සිද්ධිය සම්බන්ධයෙන් යාපනය ආපදා කළමණාකරණ මධ්‍යස්ථාන නිළධාරීන්ගෙන් විමසීමේදී[…]

Read More »

ගාමිණී ජයවික්‍රමට පාර්ලිමේන්තුවේදී මිරිස් කවලම් කළ ජල ප්‍රහාරයක්

අද දින පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් තත්වය මැද්දේ හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රමට ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා විසින් මිරිස් කවලම් කළ ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ජලය පිරවු බෝතලයකට මිරිස් කුඩු මිශ්‍ර කර එල්ල කළ ප්‍රහාරකින් ගාමිණී ජයවික‍්‍රම මන්තී‍්‍රවරයා ඇතුළු තවත් මන්තී‍්‍රවරු කිහිපදෙනෙකුට ද ඇස්වලට හානි සිදුවුණා. ඒ අතර සිටි අනෙක් මන්තී‍්‍රවරුන්[…]

Read More »

පාර්ලිමේන්තුව සැසිවාරය කිසිදු හේතුවක් නිසාවත් නවත්වන්න එපා – ජනපති

පාර්ලිමේන්තු සැසිවාරය කුමන හේතුවක් නිසා හෝ අවසන් කිරීමට කටයුතු නොකරන ලෙසට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් දැනුම් දී ඇති බවට ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

Read More »

පාර්ලිමේන්තු සැසිය අරම්භවිම තවදුරටත් ප්‍රමාද වෙයි

පාර්ලිමේන්තු සංකීරණය වෙත පිවිසෙන සියලුම මන්ත්‍රීවරුන් පූර්ණ ශරීර පරික්ෂාවකට ලක් කර පාර්ලිමේන්තු සංකීරණය වෙත ඇතුළත් කර ගෙන ඇති බව සඳහන් වෙයි. මන්ත්‍රීවරුන් අතර හටගත් නොසන්සුකාරි තත්ත්වයක් හේතුවෙන් ඊයේ පාර්ලිමේන්තුව කල්දැමුණු අතර පසුව පැවැති පක්ෂ නායක රැස්විමෙන් අනතුරුව යළි අද පස්වරු 01.30ට පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කර තිබුණි. අද දිනයේද පාර්ලිමේන්තු පරිශ්‍රය[…]

Read More »

කඩුවෙලදී කථානායක කරුට එරෙහිව ජනතා විරෝධයක්

ව්‍යවස්ථා විරෝධීව හා එජාපයට පක්ෂග්‍රාහීව කටයුතු කරන කථානායක කරු ජයසූරියට එරෙහිව රට පුරා පැවැත්වෙන විරෝධතා මාලාවේ තවත් විරෝධතාවක් අද (16) කඩුවෙල නගර මධ්‍යයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට පළාත් සභා මන්ත්‍රීවරු වන මේජර් ප්‍රදීප් උදුගොඩ හා ජගත් කුමාර, කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් යන මහත්වරු ඇතුළු මහජන නියෝජිතයෝ හා විශාල පිරිසක් එක්ව සිටියහ.

Read More »
1 2 3