ගෝඨාට රට යන්න මාසයකට අවසර

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට දෙසැම්බර් 14 වැනි දා සිට ජනවාරි 14 වැනි දා දක්වා විදෙස් ගතවීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල අද අවසර ලබා දුන්නා. ඒ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතා කළ ඉල්ලීම සළකා බැලීමෙන් අනතුරුවයි. විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදේශ[…]

Read More »

මෝදර අළුත් මාවතේ රථවාහන ගමනාගමනය සීමා කෙරේ

මෝදර අළුත් මාවත මාදම්පිටිය පාර හංදිය සිට පඤ්ඤානන්ද මාවත දක්වා රථවාහන ගමනාගමනය සීමා කර ඇති බව පොලීසිය පවසනවා. ඒ එම මාර්ගයේ ජලනල එලීමේ ව්‍යාපෘතියක් සදහා බවයි පොලීසිය පවසන්නේ. ඒ අනුව අද රාත්‍රී 10.00 සිට ලබන 12 වැනිදා උදෑසන 5.00 දක්වා කාලය තුළ ජලනල එලීමට අවසර ලබාදී ඇති බැවින් එම කාලසීමාව තුළ[…]

Read More »
LED

​ලොවම ලෙඩ කරන LED ආලෝකය

පසුගිය දවසක ‘ද ගාර්ඩියන්’ පුවත්පත කළ හෙළිදරව්වක් ලොව පුරා කැළඹිල්ලක් ඇති කරන්නට සමත් විය. එහෙත් ඔබ වරදවා වටහා නොගත යුතුය. ඒ දේශපාලන පුවතක්, අල්ලසක්, අතුරුදන්වීමක් හෝ මිනීමැරුමක් සම්බන්ධ හෙළිදරව්වක් නොවේ. එය මිනිස් සෞඛ්‍යය පිළිබඳ හෙළිදරව්වකි. බටහිරින් ලෝකයට හෙළිකරන ලද්දක් වුවද පෙරදිග අපටද යළි සිතා බැලිය යුතු හෙළිදරව්වකි. එයින් කියවුණේ අවුරුදු[…]

Read More »

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ගැටළු විසඳන්න ජනපතිගෙන් අලුත් වැඩපිළිවෙළක්

ඉකුත් වසර තුන හමාර තුළ විටින් විට ඉල්ලීම් සිදු කෙරුණ ද මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ මෙතෙක් නොවිසඳුණ ගැටලූ විසඳීමට විශේෂ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ සඳහා කැබිනට් උප කමිටුවක් ද පත් කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ මැණික්[…]

Read More »

මට සාමාන්‍යයෙන් ෆෝන් එක නැතිව ඉන්න පුළුවන්

අසේකා විජේවර්ධන – INSIDE MY BAG 1.අසේකා නිතරම හෑන්ඩ්බෑග් පාවිච්චි කරනවා ද ? ඔව්. හෑන්ඩ්බෑග්වලට සහ සපත්තුවලට ලොකු කැමැත්තක් තියෙනවා. මං සාමාන්‍යයෙන් නිතරම මගේ බඩුබාහිරාදිය යන තැන්වල අමතක කරලා එන කෙනෙක්. ඒ නිසා හෑන්ඩ්බෑග් එක මට නිතරම අවශ්‍ය වෙනවා. 2.සාමාන්‍යයෙන් අසේකාගේ හෑන්ඩ්බෑග් එකේ තියෙන දේවල් මොනවා ද ? මගේ පර්ස්[…]

Read More »

පළමු ටෙස්ට් තරගයේ ජය එංගලන්තයට

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති පළමු ටෙස්ට් තරගය ලකුණු 211කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම අද සමත් වුණා. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පළමු ඉනිම සදහා සියලුදෙනා දැවී ලකුණු 342ක් රැස්කර ගත්තා. එංගලන්ත පළමු ඉනිම සදහා බෙන් ලකුණු 107ක් රැස්කර ගැනීමට සමත් වුණා.[…]

Read More »

ඉදිරි පැය 24 තුළ කාලගුණයේ වෙනසක්

අන්දමන් මුහුදු ප්‍රදේශයේ මධ්‍යම කොටසේ දැනට පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් වර්ධනය විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පලකරනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශයේ ධීවර හා නාවුක කටයුතුවල නිරතවන ප්‍රජාවට අවධානයෙන් සිටින ලෙසයි. එමෙන්ම මෙම මුහුදු ප්‍රදේශවල සුළගේ[…]

Read More »

වලස්මුල්ලේ කාන්තාවක් සැකකටයුතු ලෙස පිළිස්සී මියයයි

වලස්මුල්ල හදුගල ප්‍රදේශයේ නිවසක කාන්තාවක් පිළිස්සී මියගොස් තිබෙනවා. වලස්මුල්ල පොලීසිය පැවසුවේ අද උදෑසන 8.50ට පමණ ලද පණිවුඩයකට අනුව මෙම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 76ක් වූ කාන්තාවක්. මෙම මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිත අතර, වලස්මුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු[…]

Read More »