October2018

STF තවත් බන්ධනාගාර 3ක් අල්ලයි

වැලිකඩ බන්ධනාගාරයේ සහ කොළඹ රිමාන්ඩ් සහ මැගසින් බන්ධනාගාර වල ආරක්ෂාව සඳහා අද (25) දිනයේ සිට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට තීරණය කර තිබේ. අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය සඳහන් කළේ එම බන්ධනාගාර වල පිටත ආරක්ෂාව සහ පිටතින් පැමිණෙන පුද්ගලයින් පරීක්ෂා කිරීමේ කටයුතු ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකිරීමට[…]

Read More »

කොලි ලකුණු 10,000 සීමාව පනියි

අඩුම ඉනිම සංඛ්‍යාවකදී එක්දින ලකුණු 10,000 සීමාව පසුකල පළමු ක්‍රීඩකයා බවට පත්වීමට ඉන්දිය කණ්ඩායමේ නායක විරාත් කෝලි සමත්ව  විය. ඒ මේ වන විට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර විශාකාපට්නම්හිදි අද (25) පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරඟයේ දීය. මීට පෙර මෙම වාර්තාවට ඉන්දීය කණ්ඩායමේ සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර්[…]

Read More »

විග්නේශ්වරන්ගෙන් අලුත් පක්ෂයක්

නව දේශපාලන පක්ෂයක් තමා විසින් ඉදිරියේදී ආරම්භ කරන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වී.විග්නේශ්වරන් මහතා පවසයි. “තමිල් මක්කල් කූට්ටනි” හෙවත් “ටී.එම්.කේ” යන නමින් නව පක්ෂය ආරම්භ කරන බවයි  සි.වී.විග්නේශ්වරන් මහතා ප්‍රකාශ කර ඇත. යාපනය, නල්ලූර් කන්දසාමි කෝවිලේ පැවති දෙමළ ජනතා සභාවේ විශේෂ රැස්වීමක්  අමතමින්  ප්‍රධාන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළ[…]

Read More »

ලබන වසරේ හොඳම සංචාරක ගමනාන්තය ශ්‍රී ලංකාවයි

2019 වසරේ ලොව හොඳම සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබේ. ඒ ලෝ සුපතල ‘ලෝන්ලි ප්ලැනට්’ මාර්ගෝපදේශන ප්‍රකාශනය විසින්. 2009 වසරේ සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු වඩාත් පහසුවෙන් සංචාරය කිරීමට හැකිවීම යන්න මෙවර ශ්‍රී ලංකාව නම් කිරීමට ප්‍රධාන හේතුව ලෙස සඟරාව පවසයි. ඒ අනුව 2019 වසරේ සංචාරය කිරීම සඳහා[…]

Read More »

නාමල් දුන් හඬ පට නාලකගේ කට හඬ සමඟ ගැලපෙයි

රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ සහ දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතාගේ දුරකථන සංවාද ඇතුළත් හඬ පට 124 න් 123 ක ඔවුන්ගේ කටහඬ ඇතුළත් බව තහවුරු වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ. ජනාධිපතිවරයා සහ[…]

Read More »

මෛත්‍රීට වැටුණ නඩුව

සිය කීර්තිනාමයට සහ තමාට සිදුකළ මානසික හිංසනය වෙනුවෙන් රුපියල් මිලියන 500ක වන්දියක් එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ලේකම් මෛත්‍රි ගුණරත්න මහතාගෙන් සහ පුද්ගලික සමාගමකින් අයකර දෙන මෙන් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබේ. එම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස එක්සත් ජාතික නිදහස්[…]

Read More »

රංගන ක්‍රිකට් දිවියෙන් සමු ගැනීම ස්ථිරයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ වමතින් දඟ පන්දු යවන සුපිරි ක්‍රිඩකයෙකු වන රංගන හේරත් සංචාරක එංගලන්ත කණ්ඩායම අතර ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් පසුව ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කර ඇත. එංගලන්ත කණ්ඩායම අතර ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරග නොවැම්බර් 06 දා ආරම්භ වීමට නියමිතයි. 1978 වර්ෂයේ මාර්තු මස 19[…]

Read More »

මාධ්‍යවේදී ජමාල් කෂෝගිගේ ඝාතනය අත්වැරදීමක්-සෞදිය වරද පිළිගනී

සෞදි අරාබි මාධ්‍යවේදී ජමාල් කෂෝගිගේ ඝාතනය තමන් අතින් වූ විශාල අත්වැරදීමක් බව සෞදි අරාබිය පවසයි. මේ අතර ඔහුගේ පෙම්වතියට මේ වනවිට දැඩි පොලිස් ආරක්ෂාවක් යෙදවීමට තුර්කි බලධාරීන් පියවර ගෙන ඇති බවත් සඳහන් වේ. තුර්කියේ ඉස්තාන්බුල් අගනුවර සෞදි කොන්සල්  කාර්යාලය තුළ සිදු වූ  සෞදි ජාතික මාධ්‍යවේදී ජමාල් කෂෝගිගේ මරණය මිනීමැරුමක් බව[…]

Read More »

නව අගවිනිසුරු නලින් පෙරේරා චාරිත්‍රානුකූලව පිළිගනී

නව අගවිනිසුරු නලින් පෙරේරා මහතා පිළිගැනීමේ චාරිත්‍රානුකූල නිල උත්සවය අද(22) කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ දී පැවැත්විය. උපරිමාධිකරණයේ විශේෂ අධිකරණ ශාලාවේ මෙම පිළිගැනීමේ උත්සවය පැවති අතර එහිදී නව අගවිනිසුරු නලින් පෙරේරා මහතා පිළිගනිමින් නීතිපති හා ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ .ආර්. ද සිල්වා යන[…]

Read More »

රැඳවියන් සිර මැදිරිවලින් පිටතට පැමිණි ආකාරය පිළිබඳව විශේෂ පරික්ෂණ

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් සිර මැදිරිවලින් පිටතට පැමිණි ආකාරය පිළිබඳව විශේෂ පරික්ෂණයක් පැවැත්විමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ සඳහා විශේෂ කණ්ඩායමක් අද(22) දිනයේ අගුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත යැවීමට නියමිත බව වාර්තා වෙයි. බන්ධනාගාරයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරින් යෙදවීමට විරෝධය පළ කරමින් අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ඊයේ(21)[…]

Read More »

ශිෂ්‍යත්වය පසු තවත් විභාගයක්

පහ වසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන ක්‍රමවේදය වෙනස් කිරීමට කඩිනමින් කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. ‘ළඟ ම පාසල හොඳම පාසල’ වැඩසටහන යටතේ උඩවෙල රේවත මධ්‍ය මහා  විද්‍යාලයේ ඉදි කළ ප්‍රාථමික අධ්‍යාපන සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා  මේ බව සඳහන් කළේය. ශිෂ්‍යත්ව විභාගය[…]

Read More »