September2018

ඉරාකය, සවුදිය පරදා ‘සවුදිය පුරයි’

අවසන් මහා තරගයේදී සවුදි අරාබිය හමුවේ තරග වට 3-2 ක තියුණු ජයක් හිමිකරගත් ඉරාකය පළමු ආසියානු අභියෝගතා කුසලාන වොලිබෝල් තරගාවලියේ හිමිකරුවන් බවට පත්වූයේය. කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී වට පහක් දක්වා දීර්ඝ වූ මෙම අවසන් මහා තරගය පැය 2 යි විනාඩි 18 ක කාලයක් පැවැත්විණි. පළමු වටයේදී ලකුණු 25-14 කින් ජය[…]

Read More »

පොලිස්පතිගෙ රැඟිල්ල ගැන නවීන් කිව්ව කතාව

ගෙවී ගිය සතිය ඇරඹුණේ ජනපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයක් තිබූ බවට පොලිස් ඔත්තුකරුවෙකු කළ එළිදරව්වක් සමගය. අගමැති ඇතුළු මුළු ආණ්ඩුවේම අවධානය ඒ සදහා යොමු වූ අතර කඩිනම් පරීක්ෂණ ඇරඹීමට අගමැතිවරයා පොලීසිය භාර ඇමත් රංජිත් මද්දුම බණ්ඩාර හරහා නියෝග කළේය. ඒ අතර දකුණු ආසියාවේ විශාලතම සාප්පු සංකීර්ණය කලම්බු සිටි[…]

Read More »

පොරොන්දු ඉටු කළ මහින්ද ගැමියන් සමග බත් කෑ හැටි

2006 වසරේ ජූලි මස 15 වැනි දා කොටි ත්‍රස්තවාදීන් විසින් කැබිතිගොල්ලෑව විහාරහල්මිල්ලෑව ප්‍රදේශයේ දී බස් රථයක් ඉලක්ක කර ක්ලේමෝ බෝම්බයක් පුපුරුවා හැරීම නිසා 70 දෙදෙනකු මිය ගොස් තවත් විශාල පිරිසකට තුවාල සිදුවිය. එවකට ජනාධිපති ධූරයේ කටයුතු කරමින් සිටි මහින්ද සිද්ධියෙන් පැය කිහිපයක් ගෙවෙන්නටත් මත්තෙන් කැබිතිගොල්ලෑවට ගොස් විපතට පත් ජනතාව හමුවූයේ[…]

Read More »

සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් දොට්ට – සේවකයෝ වැඩ වරති

අලුතින් ලක්ෂ එක හමාරකට සමෘද්ධිය දීමේ වැඩසටහනේ සමෘද්ධිලාභීන් තේරීමේ පදනම විවේචනය කළැ’යි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජේ.දඩල්ලගේ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරින් ඉවත් කර ඇත. ඊට විරෝධය පළ කරන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවකයින් අද  (21වැනිදා) දිනය පුරා වැඩ වර්ජනයක් දියත් කරමින් සිටින බව ‘අරුණ’ ට වාර්තා වේ.[…]

Read More »

විමල්ට සහ ප්‍රසන්නට පාර්ලිමේන්තුව තහනම්

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට සති 2ක් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීරට සති 4ක් බැගින් පාර්ලිමේන්තුව තහනම් කොට තිබෙනවා. එම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ දී විනය විරෝධීව හැසිරුණේයැයි යන චෝදනා මත මෙම තහනම පනවා තිබෙන අතර ඔවුන්ට අදාල කාල සීමාවන් තුළ දී පාර්ලිමේන්තු පරිශ්‍රයට ඇතුළුවීමද තහනම් වී තිබෙනවා. අද (21වැනිදා) පාර්ලිමේන්තුවේ සම්මත වූ යෝජනාවකින් මෙම[…]

Read More »

හැටන් ස්ටැඩන් වතුයායේ කම්කරුවෝ උද්ඝෝෂණයක

රජය වතු කම්කරුවන් වෙනුවෙන් ඉදිකරන නිවාස ව්‍යාපෘතියට සමගාමීව හැටන් ස්ටැඩන් වතුයායේ ඉදිකිරීමට නියමිත නිවාස 50ක් වෙනුවෙන් එම වතුයායේ පාලනාධිකාරිය  ලබා දී ඇති ඉඩම ඒ සදහා නුසුදුසු බව පවසමින් වතු කම්කරුවන් පිරිසක් අද (21වැනිදා) ස්ටැඩන් වත්ත තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිට විරෝධතාවක නිරිත විය. විරෝධතාකරුවන් කියා සිටියේ වතු පාලන අධිකාරිය ලබා දුන්[…]

Read More »

ඇෆ්ගනිස්තානය බංගලිදේශයට ‘නයා පෙන්වයි’

ආසියානු ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ පැවැති අවසන් තරගයෙන් බංග්ලාදේශය හමුවේ ලකුණු 136 ක ජයක් ලද ඇෆ්ගනිස්තානය සුපිරි කණ්ඩායම් හතර අතර තරගයකදී අද පාකිස්තානය සමගින් තරග වැදීමට නියමිතය. අද පැවැත්වෙන සුපිරි කණ්ඩායම් හතර අතර අනෙක් තරගයේදී ඉන්දියාව සමගින් බංග්ලාදේශය තරග වදියි. මෙවර තරගාවලියේ ‘බී’ කාණ්ඩයෙන් තරගාවලියට පිවිසි ඇෆ්ගනිස්තානය බංග්ලාදේශයට අමතරව ශ්‍රී[…]

Read More »

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය වෙනුවෙන් කොළඹ රථ වාහන පොලිසිය මේ වන විට විශේෂ රථවාහන සැලැස්මක් කි‍්‍රයාත්මක කර තිබෙනවා. ඒ අනුව රාජ්‍ය පරිපාලන හංදියේ සිට මේට්ලන්ඞ් ක‍්‍රසන්ට් හංදිය දක්වා, නිදහස් වට රවුම සිට රාජ්‍ය පරිපාලන හංදිය දක්වා, නිදහස් චතුරස‍්‍රයේ සිට රූපවාහිනී පරිශ‍්‍රය දක්වා සහ බෞද්ධාලෝක මාවත සිට ග්‍රෙගරි මාවත දක්වා වූ මාර්ගයන්හි[…]

Read More »

සයිටම් වෛද්‍ය සිසුන්ගේ ලියාපදිංචිය ස්ථීරයි

අභියාචනාධිකරණය දුන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය ස්ථිර කරයි මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරී සිසුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන ලෙස 2017 වසරේ අභියාචනාධිකරණය මගින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට දුන් තීන්දුවට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය අභියාචනාධිකරණය දුන් තීන්දුව අද 21වැනිදා ස්ථිර කළේය. විනිසුරු[…]

Read More »

ශ්‍රීලනිප ආසන සංවිධායකවරු 6ක් ඉවතට

ආසන බල මණ්ඩල පිහිටුවීමට කටයුතු නොකළ ශ්‍රීලනිප ආසන සංවිධායකවරු 6 දෙනකු එම ධූරවලින් ඉවත් කිරීමට පියවර ගත් බව එම පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි. සුසිල් ප්‍රේම්ජයන්ත, චන්දිම වීරක්කොඩි, ටී.බී ඒකනායක, අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනෙවිරත්න, ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මන්ත්‍රීවරු එසේ ඉවත් කළ ආසන සංවිධායකවරු බවද ඒ[…]

Read More »

තවත් හමුදා බුද්ධි නිලධාරියෙක් CID අත්අඩංගුවට

මාධ්‍යවෙිදී ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට යුද හමුදාවේ හත්වෙනි සන්නද්ධ බුද්ධි බලකායේ අණදෙන නිලධාරි ලුතිනල් කර්නල් එරන්ත පීරිස්  පොලිස් අපරාධ පරීක්ෂණ පාර්තමේන්තුව මගින් අද (20වැනිදා) අත්ඩංගුවට ගෙන තිබේ. එක්නැලිගොඩ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය අවස්ථාවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර සැකකරු හෙට 21වැනිදා[…]

Read More »