September2018

පිදුරංගල ගල මත නිරුවත් පින්තූර ගත් 3ක් කොටු

ඓතිහාසික සීගිරිය පිදුරංගල රජ මහා විහාරස්ථ භූමියේ පිහිටි පිදුරංගල ගල මතට නැග අඩ නිරුවතින් ඡායාරූප ලබාගෙන මුහුණුපොත හරහා ප්‍රචාරය කිරීමේ සිද්ධියට සැක පිට තරුණයන්  තිදෙනකු අද (26 වැනිදා ) සීගිරිය  පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම තරුණයන් ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් මොවුන්ට අමතරව තවත් තරුණයන් දෙදෙනකු පොලිස් භාරයට ගෙන ඇති[…]

Read More »

ලිදුල නගර සභාවේ උප සභාපතිට එරෙහිව සභාපති පොලිසි යයි

ලිදුල නගර සභාවේ උප සභාපතිවරයා තම පෞද්ගලික කාර්ය මණ්ඩලයේ  සම්බන්ධිකරණ නිලධාරියෙකුට පහර දුන්නේයැයි එහි සභාපති වන අශෝක සේපාල අද (26වැනිදා) ලිදුල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. තම පෞද්ගලික සම්බන්ධිකරණ නිලධාරියකු වන එස්.ලෙච්චුමන් ඊයේ (25) දින සේවය නිම වී ආපසු යන විට ලිදුල නගරයේ රැදි සිටි උප සභාපති වරයා ඔහුට පහර[…]

Read More »

නියගය නිසා ගම් වැදුණු කිඹුලෙක්

වවුනියාව, පූන්තෝට්ටම් ප්‍රදේශයේ නිවසකට ඊයේ(25) රාත්‍රියේ පැමිණි කිඹුලෙකු අල්ලාගත් බව වවුනියාව වනජිවි කාර්යාල නිලධාරීහු පවසති. නියගය හේතුවෙන් වැව් සිදී යාම නිසා කිඹුලා ගම් වදින්නට ඇති බව පවසූ වනජීවී නිලධාරීන් වැඩිදුරටත් පැවසුවේ අඩි 8ක් පමණ දිගින් යුතු කිඹුලා ජල පෝෂක රක්ෂිතයක් වෙත මුදා හැරීමට නියමිත බවයි.

Read More »

ෆිෆා දක්‍ෂතම ක්‍රීඩකයා ලූකා

ලන්ඩන්හි පැවැති ෆිෆා පාපන්දු සම්මාන උළෙලේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට ක්‍රොයේෂියා නායක ලූකා මොඞ්රිච් සමත් විය. සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ඊජිප්තුවේ මොහොමඞ් සාලා අභිබවා යමින් මොඞ්රිච් මෙම සම්මානය දිනා ගැනීම කැපී පෙණිනි. එහිදී මොඞ්රිච් ඉදිරියේ සියයට 29.05 ක ප්‍රතිශතකයක්, ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඉදිරියේ සියයට 19.08 ක් සහ මොහොමඞ්[…]

Read More »

ඉන්දියාව කල් ඇතිව අවසන් තරග වරම දිනාගනියි

ආසියානු ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටයේ පළමු තරග දෙකම ජය ගනිමින් කල් ඇතිවම අවසන් මහා තරගය සඳහා සුදුසුකම් සපුරාගැනීමට ඉන්දියාව සමත්විය. හෙට (26දා) බංග්ලාදේශය සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරගය තීරණාත්මක වන අතර එහිදී ජයගන්නා කණ්ඩායම ඉන්දියාව සමගින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත. බංග්ලාදේශය සහ පාකිස්තානය තරග දෙකකට සහභාගී වී[…]

Read More »

ඔටුන්න චන්දිට දුන් ඇන්ජි රිදෙන්න ලියුමක් ලියයි

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් පිලේ නායකත්වය ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්ටම ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ඒ අනුව චන්දිමාල් එළැඹෙන එංගලන්ත තරගාවලියේ සිට ශ්‍රී ලංකා එක්දින පිලේ නායකයා වශයෙන් කටයුතු කරනු ලබයි. එංගලන්ත තරගාවලියට එක්දින තරග පහක්, විස්සයි විස්ස තරගයක් සහ ටෙස්ට් තරග තුනක් ඇතුළත් වේ. නායකයෙකු[…]

Read More »

රුපියලේ බාල්දුවට එරෙහිව දකුණු පළාත් සභාවට බාල්දියක්

ගාල්ල කලේගාන දකුණු පළාත් සභා ශ්‍රවණාගාරයේ දී අද (25වැනිදා) රැස් වූ දකුණු පළාත් සභාව ආරම්භයේ දීම උණුසුම් මුහුණුවකර ගත්තේ එජනිස මන්ත්‍රීවරුන්ගේ විරෝධතාවයක් නිසාය. මන්ත්‍රීවරු පළාත් සභාවට පිවිසෙන මාර්ගයේ පෝස්ටර්, බැනර් කටවුට් ආදිය රැගෙන උද්ඝෝෂණය කළ අතර දකුණු පළාත් සභා මන්ත්‍රි චන්න සාලිය සභාව ඉදිරිපිටට පැමිණියේ  බාල්දියක්ද අතැතිවය. රුපියල අව ප්‍රමාණය වීමට[…]

Read More »

පෝදා පව පල දෙයි

බිනර පොහොය වූ අද (24) මත් පැන් අලෙවි කල ජාවාරම්කරුවෙක් මත් පැන් බෝතල් තොගයක් සමග හැටන් කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරු හැටන් වැලිඔය වත්තේ තම නිවසේ මත් පැන් බෝතල් තොගය සගවාගෙන වැඩි මිලට අලෙවි කරන බවට පොලිසිය වෙත ලද තොරතුරක් මත කල වැටලීමකින් සැකකරු[…]

Read More »

මිනිස් ජිවිත 75ක් අලි ජිවිත 150 රටට අහිමි වෙයි

අලි මිනිස් ගැටුම් හේතුවෙන් 2018 වසරේ මේ වනවිට පුද්ගලයින් 75දෙනෙකු සහ වන අලින් 150ක් පමණ ජිවිතක්ෂයට පත්ව ඇතැයි වනජීවී ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි. වවුනියාව නන්දිමිත්‍රගම පැවති අලි වැට ගැටළුව සම්බන්ධයෙන් වන සාකච්ජාවකට එක් වෙමින් ඇමතිවරයා මේ බව පැවසිය. වර්තමානයේදී අලි වැටවල් කිලෝමීටර 4500 ක් ඉදිකොට තිබෙන අතර, තවත් කිලෝමීටර[…]

Read More »

“කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2018” සැප් 30 දක්වා

පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරන “කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය” දෙවැනි දිනටත් අද (22වැනිදා) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. සැප්තැම්බර් මස 30 වැනි දින දක්වා දිනපතා පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා පැවැත්වෙන මෙම පොත් ප්‍රදර්ශනයට මෙවර ප්‍රදර්ශන කුටි 400ක් පමණ අතුළත්ය. දිවයිනේ ප්‍රසිද්ධ පොත් ප්‍රකාශන ආයතන[…]

Read More »

ඩොලරයේ කතන්දරෙන් වාහන මිලත් ඉහළට

ඇමෙරිකානු ඩොලරයට සාපේෂව රුපියලේ අගය දිනෙන් දින අව ප්‍රමාණවීම නිසා  දේශීය වාහන වෙළෙද පොළට දැඩි බලපෑමක් එල්ල වී තිබේ.  වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ මේ හේතුව නිසා රුපියල් ලක්ෂ දෙකේ සිට ලක්ෂ අට දක්වා ප්‍රමාණයකින් වහන මිල ඉහළ ගොස් ඇති බවයි.

Read More »