තවත් හමුදා බුද්ධි නිලධාරියෙක් CID අත්අඩංගුවට

මාධ්‍යවෙිදී ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට යුද හමුදාවේ හත්වෙනි සන්නද්ධ බුද්ධි බලකායේ අණදෙන නිලධාරි ලුතිනල් කර්නල් එරන්ත පීරිස්  පොලිස් අපරාධ පරීක්ෂණ පාර්තමේන්තුව මගින් අද (20වැනිදා) අත්ඩංගුවට ගෙන තිබේ. එක්නැලිගොඩ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය අවස්ථාවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර සැකකරු හෙට 21වැනිදා[…]

Read More »

ත්‍රි, මලේ ගිය ජනපති දේව පූජාවක

ත්‍රිකුණාමලයේ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ත්‍රිකුණාමලය ජයසුමනාරාම මහා විහාරයේ අභිනවයෙන් ඉදිකළ ජල පිරිපහදු මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් පසුව ඊයේ (20 වැනිදා) භද්‍රකාලි අම්මාන් කෝවිලේ විශේෂ දේව පූජාවකට එක්විය. මෙම අවස්ථාවට විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, පාර්ලිමේන්තු මන්ත්‍රී තුරෙයිරත්නසිංහම් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම, නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය අබ්දුල් නජීබ්[…]

Read More »

ගාල්ලේ ධීවරයෝ උද්ඝෝෂණයක

ගාල්ල ධීවර වරාය තුල පිහිටි පෞද්ගලික අයිස් නිෂ්පාදනාගාර දෙකක් මගින්  අයිස් හොන්ඩරයක මිල රුපියල් 220 සිට 250 දක්වා වැඩි කිරීමට එරෙහිව ගාලු ධීවර වරායේ ධීවර කාර්මිකයෝ සහ යාත්‍රා හිමියෝ අද (20වැනිදා) ගාලු ධීවර වරාය තුලදී උද්ඝෝෂණයක නිරත වූහ. උද්ඝෝෂණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගාල්ල දිස්ත්‍රික් ධීවර සමුපාකාර සමිතියේ සභාපති පී.බි ගාමිණී,[…]

Read More »

රාජ්‍ය පරිපාලන සේවා විභාගය අවලංගුයි?

පසුගියදා පැවැත්වූ රාජ්‍ය පරිපාලන සේවා විභාගයෙන් පසුව පිළිතුරුපත් පරීක්ෂා කොට 59 දෙනෙකු තෝරාගෙන තිබියදී ආණ්ඩුව එම විභාගය සම්පූර්ණයෙන් අවලංගු කිරීමට පියවර ගනිමින් තිබෙන බව වාර්තා වෙයි. මෙහි ඇති පුදුම සහගත කරුණ වන්නේ ඉහත 59දෙනාගේ පෞද්ගලික ලිපිගොනුද අමාත්‍යාංශයට කැඳවා ඇති තත්වයක් තුළ විභාගය අවලංගු කිරීමට උත්සාහ කිරීමයි. මෙම විභාගය සඳහා 5,000ක[…]

Read More »

ජවිපෙට ජනාධිපති අපේක්ෂකයා ගැන ප්‍රශ්නයක්

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පසුගිය 19වැනිදා මල්වතු පාර්ශ්වයේ මහ නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නායක හිමියන් බැහැ දැකීමට ගියේය. ඒ ජවිපෙ මන්ත්‍රී විජිත හේරත් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් උන්වහන්සේ දැනුවත් කිරීම සඳහාය. ජවිපෙ නායකයා තම පක්ෂය විසින් මෙම[…]

Read More »

කාන්තා සනීපාරක්ෂක තුවා ගැන මංගලගේ ප්‍රකාශයට “අපේ ශ්‍රී  ලංකා” ජාතික ව්‍යාපාරයේ සතුට

කාන්තා සනීපාරක්ෂක තුවා (Sanitary Pads) සදහා පනවා තිබූ සියයට 40ක සෙස් බද්ද ඉවත් කිරීමට මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ස්තූතිය පලකරන බව අපේ ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය සදහන් කරයි. මෙරට ජනගහනයෙන් 52%ක් වන කාන්තාවන් ගැන රජයේ අවධානය යොමුවීම ගැනත් පසුගිය 18වැනිදා අපේ ශ්‍රී ලංකා[…]

Read More »

පාලන මිලට බාල පිටි

ප්‍රීමා සමාගම පසුගියදා පිටි කිලෝවක මිල රුපියල් 5කින් ඉහළ දැමීවත් සමග රජය ඊයේ (19 වැනිදා) සිට තිරිගු පිටිවලට රුපියල් 89ක පාලන මිලක් නියම කළත් එම මිලට ලබා දිය හැක්කේ තත්වයෙන් බාල පිටි බව තොග සහ සිල්ලර වෙළෙන්දෝ පවසති. පිටි සමාගම් විසින් වෙළෙද පොළට පිටි වර්ග කිහිපයක් නිකුත් කර ඇති බවත්[…]

Read More »

සති දෙකකින් පොලිස්පති ගෙදර?

සති දෙකක කාලයක් තුල සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දෙන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ජනපති හා අගමැති දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සදහන් කරයි. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාගෙන් විමසීමට උත්සහ කළද ඔහු දුරකතනයට ප්‍රතිචාර නොදැක්වීය.

Read More »