ග්‍රාම නිලධාරිනියකට අඩන්තේට්ටම් කළැයි ත්‍රි’මලේ විරෝධයක්

ත්‍රිකුණාමලය මුරුගාපුරි ග්‍රාම නිලධාරිනියගේ කාර්යාලයට පහරදුන් සැකකරුවන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා රාවණා සේනා සංවිධානය හා කාන්තා එකමුතුව එක්ව අද (19වැනිදා) නගර හා කඩවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ. විරෝධතාවයට එක්වු පිරිස් පැවැසුවේ කාන්තාවන්ට සිදුවන අතවර දිනෙන් දින ඉහල යමින් තිබෙන බවත් ග්‍රාම නිලධාරිවරියගේ රාජකාරියට බාධාකරමින් ඇයට[…]

Read More »

ඉඩම් ගැටලුවලට විසදුම් ඉල්ලා කිලිනොච්චියේ විරෝධයක්

සිය ඉඩම් ගැටලුවලට විසදුම් ඉල්ලා කිලිනොච්චිය ශාන්තපුරම් ප්‍රදේශවාසීහු අද (19වැනිදා) විරෝධතාවක නිරත වූහ. ඔවුන් පැවසුවේ කිලිනොච්චිය සිවිල් ආරක්ෂක බලකාය වෙත පවරාගෙන තිබී නිදහස් කළ ඉඩම් නැවත සිවිල් ආරක්ෂක බලකායට පවරා ගැනීමේ සූදානමක් ඇති බැවින් මෙසේ විරෝධතාවයේ නිරත වන බවයි.

Read More »

නාලක සිල්වා අනිවාර්ය නිවාඩු යවයි

ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා වහාම ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය නිවාඩු යවන ලෙස නීතිය හා සාමය පිලිබඳ අමාත්‍යංශය පොලිස් කොමිසමට නිර්දේශ කර තිබේ. ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම්වරයා  ඝාතනය  කිරීමට කුමන්තුණය කළ බව කියන ත්‍රස්ත විමර්ශන එකකයේ  නියොජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධයෙන් මෙතෙක් සිදු කරන ලද පරික්ෂණය අනුව[…]

Read More »

බස් ගාස්තුත් නගී    

බස් ගාස්තු හෙට (20වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට 4%කින් ඉහළ දැමීමට තීරණය කළ බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා පැවසීය. ඔහු එසේ පැවසුවේ බස් සංගම් සමග ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවය. අවම බස් ගාස්තුව වන රු.12.00 නොවෙනස්ව පවතින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Read More »

වවුනියාව පෞද්ගලික බස් සේවකයෝ වර්ජනයක

වවුනියාව පෞද්ගලික බස් සේවකයන් අද (19වැනිදා) උදෑසන සිට බස් වර්ජනයක් ආරම්භ කර තිබේ. ලංගම බස් සේවකයන් හා ඇති වූ ගැටුමක් මෙම වාර්ජනයට හේතු වී ඇත. යාපනය සිට අක්කරෙයිපත්තුව දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක සේවකයින් හා  වවුනියාව සිට අක්කරෙයිපත්තුව දක්වා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක සේවකයින්[…]

Read More »

නාලක සිල්වා අනිවාර්ය නිවාඩු යවන ඉල්ලීමට පොලිස්පතිගෙන් ගෝරනාඩුවක්

ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම්වරයා  ඝාතනය  කිරීමට කුමන්තුණය කළ බව කියන ත්‍රස්ත විමර්ශන එකකයේ  නියොජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධයෙන් මෙතෙක් සිදු කරන ලද පරීක්ෂණ අනුව වහාම ඔහුට එරෙහිව  විනය ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස්පතිවරයා ලිඛිතව දන්වා ඇතත්  එම ඉල්ලීම ඉවත දමා ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සදහන් කරයි. නාලක[…]

Read More »