සහසක් නිමැවුම් ප්‍රදර්ශනය 16 වැනිදා දක්වා

ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම වාර්ෂිකව සංවිධානය කරන සහසක් නිමැවුම් ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනය සහ තරගාවලිය පසුගිය 14 වැනිදායින් ඇරඹී මෙම 16වැනිදා දක්වා තෙදිනක් පෙ.ව. 9.00 සිට ප.ව. 6.00 දක්වා කොළඹ 10 ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී පැවැත්වේ. ඡායාරූපය – ප්‍රදීප් දඹරගේ

Read More »

නියඟයෙන් බැටකන පවුල්වලට මසකට 5000ක දීමනාවක්

පවතින දැඩි නියඟයත් සමග ජීවනෝපාය අඩපණ වී ඇති පවුල් සඳහා මසකට රුපියල් 5000ක දීමනාවක් ලබාදීමට සංගණනයක් මේ වන විට ආරම්භ කර ඇති බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ චමින්ද පතිරණ මහතා පැවැසීය. ඊට අමතරව නියඟය බලපා ඇති දිස්ත්‍රික්ක 16ක පවුල් ලක්ෂ දෙකකට අදාළ ජල මූලාශ්‍ර සොයාගැනීම සඳහා වූ වගා ළිං කැපීමට[…]

Read More »

දුම්රිය ගාස්තු වැඩිවීම 10% සිට 60% දක්වා ඉහළට

අවම දුරත් කෙටි කරයි එළැඹෙන ඔක්තෝබර් මස පළමුවැනිදා සිට 10% සිට 60% දක්වා වූ ප්‍රමාණයකින් දුම්රිය ගාස්තු වැඩිවන බව දුම්රිය වාණිජ අධිකාරී එම්.ජේ. ඉදිපොළගේ මහතා පැවසීය. අවම ගාස්තුව වූ රුපියල් 10ක මිලෙහි වෙනසක් නොවුණද ගමන් කළ හැකි දුර ප්‍රමාණය අඩු වනු ඇත. මෙතක් රුපියල් 10ක ප්‍රවේශ පත්‍රයකින් ගමන් කළ හැකිව තිබූ කිලෝමීටර් 9ක දුර කිලෝමීටර් 7ක් දක්වා අඩු[…]

Read More »

ශ්‍රී ලංකාවේ කුසලාන බලාපොරොත්තු බිඳ වැටෙයි

ආසියානු සත් සාමාජික රග්බි පළමු අදියරේ කුසලාන දිනා ගැනීමේ මග අහුරාගත් ශ්‍රී ලංකාව සත්කාරක හොංකොං සමග පැවැති අවසන් පූර්ව තරගයෙන් ලකුණු 31-0 කින් පරාජයට පත්විය. ජයග්‍රාහී හොංකොං පිල උත්සාහක දිනුම් පහක් සහ ගෝල ප්‍රවර්තනයන් තුනක් සමගින් ජය සපුරා ගැණින. ඒ අනුව පළමු අවසන් පූර්ව තරගයේදී පිලිපීනය හමුවේ ලකුණු 36-5 කින්[…]

Read More »

ජනපති නියමයෙන් නාලක සිල්වා ගැන පරීක්ෂණ CID යට

“මට පොලිස්පති වෙන්න පුළුවන්“ –  නාලක කිව්ව බව නාමල් කියයි පාතාල නායක මාකදුරේ මධූෂ් ලවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනයට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය විමර්ශන ආරම්භ කර තිබේ. දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර පසුගිය 12වැනි දින මහනුවර පැවැති මාධ්‍ය[…]

Read More »

චීන තායිපේ පැරදූ ශ්‍රී ලංකාව කුසලාන වටයට

‘ඒ’ කාණ්ඩය යටතේ චීන තායිපේ සමග පැවැති තීරණාත්මක තරගයෙන් ලකුණු 33-12 ක පහසු ජයක් ලද ශ්‍රී ලංකාව හොංකොංහි පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි පළමු අදියරේ කුසලාන අවසන්පූර්ව වටයේ ස්ථාන වෙන්කර ගැනීමට සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකා පිල අවසන් පූර්ව වටයේදී ප්‍රබල හොංකොං පිල සමගින් ප.ව. 1.05 ට තරග වැදීමට[…]

Read More »

මිල්කෝ ගත්ත කිරිවලට සල්ලි නොලැබී ගොවීහු ළතවෙති

මිල්කෝ ආයතනය ගොවීන්ගෙන් ලබාගන්නා කිරි සඳහා මාසයක පමණ සිට මුදල් ගෙවා නොමැති වීමෙන් කිරි ගොවීහු දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති. රටපුරා සිටින කිරිගොවීන් හැටදහසකගෙන් පමණ අගෝස්තු මාසයේ ලබාගත් දියර කිරි සඳහා මෙතෙක් මුදල් ගෙවා නැත. ලීටරයක් රුපියල් 68-70 අතර මිලකට දිනකට ලීටර් ලක්ෂ 2 1/2ක් මිල්කෝ ආයතනය මිලට ගිනියි. එසේ ගන්නා කිරි සඳහා දින 15කට[…]

Read More »

ත්‍රි” මලේ පසු භූකම්පන ඇතිවේදැයි භූ විද්‍යා අවධානය

ත්‍රිකුණාමලය කලපුව ආශ්‍රිතව අද අලුයම 12.35ට පමණ රික්ටර් පරිමාණ ඒකක 3.5ක පමණ සුළු භූ කම්පනයක් හටගෙන තිබේ. එම සිද්ධියෙන් කිසිදු බලපෑමක් නොමැති වුවත් පසු කම්පන ගැන අධානයෙන් සිටින බව  භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යංශය සදහන් කරයි සුගත් පෙරේරා

Read More »