බඹර ප්‍රහාරයකින් සිසු සිසුවියෝ 25ක් රෝහලේ

හැටන් අධ්‍යාපන කලාපයට අයත් මස්කෙලිය සමන්එළිය මහා විද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසකට අද (14වැනිදා) දහවල් බඹර ප්‍රහාරයක් එල්ල වීමත් සමග පාසල තාවකාලිකව වසා දමා තිබේ. සිද්ධියෙන් තුවාල ලැබූ සිසු සිසුවියන් 25 දෙනෙකු මස්කෙලිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර මස්කෙලිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read More »

රොහාන් ප්‍රනාන්දු ඔරු පැදීමේ සභාපති ධුරයට තෙවැනි වරටත් නිතරගයෙන්

බත්තරමුල්ල කලපළුවාවේ ශ්‍රී ලංකා ඔරු පැදීම් සංගම් මූලස්ථානයේ දී 11 වැනිදා පැවැති එම සංගම් නිලවරණයේදී රොහාන් ප්‍රනාන්දු මහතා නැවතත් එහි සභාපති ධුරයට නිතරගයෙන් පත්විය. මෙහිදී අදාළ සියළු නිලයන් නිතරගයෙන් තේරීපත්වූ අතර අඛණ්ඩ තෙවැනි වරටත් සභාපති ධුරයේ වැඩභාරගනිමින් මෙය තමන් විසින් එම ධුරය දරනු ලබන අවසන් අවස්ථාව යැයි රොහාන් ප්‍රනාන්දු මහතා[…]

Read More »

ජාතිත රෝහල් හෙද හෙදියෝ උද්ඝෝෂණයක

හිග අතිකාල දීමනා වහා ලබා දෙන ලෙස හා තවත් ඉල්ලීම් රැසක් මුල්කරගනිමින් ජාතික රෝහල් හෙද හෙදියෝ අද (14වැනිදා) එම රෝහල ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත වූහ. 2016 සහ 2017 වසරවල හිග අතිකාල දීමනා නොලැබීමෙන් ජාතික රෝහලේ පමණක් හෙද හෙදියෝ 2600ක් පමණ අපහසුතාවයට පත්ව සිටින අතර මධ්‍යම ආණ්ඩුවට අයත් තවත් රෝහල් රැසක[…]

Read More »

ශ්‍රී ලංකාවෙන් චීනයට රිදෙන්නට ප්‍රහාරයක්

හොංකොංහි පාපන්දු සමාජ ක්‍රීඩාංගණයේ මේ වන විට ක්‍රියාත්මක ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියරේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගයෙන් චීනය ඉදිරියේ ලකුණු 31-0 පහසු ජයක් ලැබීය. ‘ඒ’ කාණ්ඩයෙන් තරගාවලිය සඳහා පිවිසි ශ්‍රී ලංකාව උත්සාහක දිනුම් 5 ක් සහ ගෝල ප්‍රවර්තන 3 ක් සමගින් මෙම ජයග්‍රහණය වාර්තා කළේය. එහිදී[…]

Read More »

බැදුම්කර කොමිසමට බොරු කිව්වැයි රවි කරුණානායකට නඩු

බැදුම්කර කොමිසම හමුවේ සාවද්‍ය තොරතුරු ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායකට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද (14වැනිදා) නඩුවක් ගොනු කරන ලදී. ඒ අනුව මෙම මස 28වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි රවි කරුණානයක මන්ත්‍රීවරයාට නියෝග කොට තිබේ. මෙම නඩුව ගොනු කර ඇත්තේ මන්ත්‍රීවරයා විසින් 2017 අගෝස්තු 2වැනිදා බැදුම්කර[…]

Read More »

ශ්‍රී ලංකාවේ නිපද වූ ගිනි නිවන ප්‍රථම අධිවේගී  යාත්‍රාව දියඹට

මහ මුහුදේ දී ගිනි ගැනීමට ලක්වන නැව්, බෝට්ටු වෙත ක්‍ෂණිකව ළගා වී ගිනි නිවීමට හැකි අධිවේගී යාත්‍රාවක් සෝලා මැරීන් ලංකා නම් පෞද්ගලික ආයතනය මගින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නිෂ්පාදනය කර තිබේ. මෙම යාත්‍රාව මුල්වරට දියත් කිරීම රාජ්‍ය ඇමති දිලිප් වෙදආරච්චිගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13වැනිදා) කෙරිණි. පැයට නාවීක සැතපුම් 35 ක වේගයකින්[…]

Read More »

බඹර ප්‍රහාරයකින් 8දෙනෙක් රෝහලේ

බගවන්තලාව පොලිස් වසමට අයත් චැපැල්ටන් වතු යායේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට අද (14) උදැසන 9 ට පමණ බඹර ප්‍රහාරයක් එල්ල වී ඇති බව බගවන්තලාව පොලිසිය පවසයි. සිද්ධියෙන් තුවාල ලැබූ කාන්තාවන් 8 දෙ‍නෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර තේ පදුරක් මත බැද තිබූ බඹර කුඩුවක්[…]

Read More »

සුසන්තිකාට සුගතදාසය භාරදෙයි?

සුගතදාස ජාතික ක‍්‍රීඩා සංවර්ධන අධිකාරියේ සභාපති ධුරය ඔලිම්පික් පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ වෙත පැවරීම සඳහා ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ. සුසන්තිකා ජයසිංහ 2000 සිඞ්නි ඔලිම්පික් උළෙලේ මීටර 200 ඉසව්වේ රිදී පදක්කම සහ 2007 ලෝක ශූරතා මලල ක‍්‍රීඩා තරගාවලියේ මීටර 200 ලෝකඩ පදක්කම දිනාගනිමින් මෙරට ක‍්‍රීඩා[…]

Read More »

ජාතික – ස්වාධීන රූපවාහිනීවලට නිසි බලධරයෝ දෙදෙනෙක්

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජාතික රූපවාහිනියට හා ස්වාධීන රූපවාහිනියට නිසි බලධරයන් දෙදෙනකු පත් කර ඇත. ඒ අනුව ජාතික රූපවාහිනියට රවීන් වික‍්‍රමරත්න මහතාද ස්වාධීන රූපවාහිනී ආයතනයට බුද්ධිනී රාමනායක මෙනෙවියද පත් කරනු ලැබ තිබේ.

Read More »