කැබිනට්ටුව ගැන බොරු කියා පොර වෙන්න ගිය සුජී නැවත චෝර වෙයි

මෛත්‍රීපාල ජනාධිපතිවරයා අගමැති විදේශ ගතව සිටියදී අද (13) හදිසි කැබිනට් රැස්වීමක් කැඳවිය. ඒ සඳහා දුරකථන මාර්ගයෙන් සියලුම කැබිනට් ඇමතිවරුන්ට දැනුම් දී ඇතත් සාකච්ඡාවට පැමිණ තිබුනේ ඇමතිවරු 16ක් පමණි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රවී විජේගුණරත්න ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගැනීමට සැරසෙන බවට තොරතුරු ලැබීමත් සමග එය වහාම නතර කිරීමට අවශ්‍ය පියවර ගැනීමට මෛත්‍රී මෙම සාකච්ඡාව[…]

Read More »

ගල්ගේ පිවිසුමෙන් යාලට එන සංචාරකයෝ වැඩිවෙති

ඉකුත් සතියේ ගල්ගේ උද්‍යාන පිවිසුම හරහා යාල වනෝද්‍යානයට පැමිණෙන සංචාරකයන් සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. කලාප අංක 3-4-5 නැරඹීම සදහා එසේ සංචාරකයන් පැමිණෙන අතර දිනකට ජීප් රථ 150කට ආසන්න සංඛ්‍යාවක් පැමිණෙන බවද වාර්තා වෙයි. යාල ජාතික උද්‍යානයේ කලාප අංක 1 කොටස ඔක්තෝබර් මස 31වැනි දින දක්වා සංචාරකයින්[…]

Read More »

රවීට සුජීවට දයාසිරිට එරෙහිව රන්ජන් කට උත්තර දෙයි

පර්පෙචුවල් ට‍ෙෂරීස් සමාගමෙන් අල්ලස් ගත් බව කියන රවී කරුණානායක, සුජීව සේනසිංහ, දයාසිරි ජයසේකර යන අමාත්‍යවරුන් තිදෙනා සම්බන්ධයෙන් සිදු කෙරෙමින් පවතින ‘අල්ලස් පරීක්ෂණයට’ අදාළව කටඋත්තරයක් ලබා දීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද දින(13) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණියේ ය. ඇමතිවරුන් තිදෙනාට එරෙහිව මෙම අල්ලස් පරික්ෂණය සිදු කෙරෙන්නේ නියෝජ්‍ය[…]

Read More »

කිලිනොච්චියේ කලහකාරී ලෙස හැසිරුණු පිරිස අල්ලන්න පරීක්ෂණ

විසි දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් ඊයේ (12) සවස කිලිනොච්චිය සතිපොල ප්‍ර දේශයේදී කළහකාරී ලෙස හැසිරී ඇත. සිද්ධියට සම්බන්ධ එක් පුද්ගලයෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර පලාගිය සෙසු සැකකරුවන් සොයා පරීක්ෂණ පවත්වන බව කිලිනොච්චිය පොලිසිය පවසයි.

Read More »

ජාතික සහ මහනුවර මහ රෝහල් හෙද හෙදියෝ හෙට උද්ඝෝෂණයක

දිගින් දිගටම ප්‍රමාද කරමින් පවතින 2016 – 2017 වසරවල හිග අතිකාල දීමනා වහා ලබා දෙන ලෙස ඉල්ලමින් ජාතික රෝහල සහ මහනුවර මහ රෝහලේ හෙද හෙදියන් හෙට (14වැනිදා) එම රෝහල් ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වීමට නියමිතය. සමස්ථ ලංකා හෙද සංගමයේ වැඩ බලන සභාපති එච්.එම්.එස්.බී. මැදිවත්ත පවසන පරිදි අනුරාධපුර, පොළොන්නරුව, බදුල්ල ,මාතර, ගාල්ල[…]

Read More »

හැටන් නිවසක මල් පාත්තියක ටී. 56 ජීව උණ්ඩ

හැටන් ඩන්බාර වීදියේ නිවසක මල්පාත්තියක තිබී ටී.56 ජීව උණ්ඩ 6ක් හමු වූ බව හැටන් පොලිසිය කියයි. ප්‍රදේශවාසියකු දුන් තොරතුරකට අනුව මෙම උණ්ඩ සොයා ගෙන ඇත. උණ්ඩ තිබූ ස්ථානයේම පොලිතින් උරයක තිබී සෙබළෙකුගේ නිල ඇදුමේ පළදින නම සහිත ටැග් එකක්ද හමු වී තිබේ.

Read More »

අතුරුදන් වූවන්ගේ පවුලකට රුපියල් 6000 ක්. අධ්‍යාපනය ලබන දරුවෙකුට රුපියල් 2000 ක්.

අතුරුදන් වූවන්ගේ පවුලක් සඳහා රුපියල් 6000 ක මාසික දීමනාවක් ද, එවැනි පවුලක උසස් අධ්‍යාපනය ලබන දරුවකු වෙනුවෙන් රුපියල් 2000 ක මාසික දීමනාවක් ද ගෙවීම සඳහා ජනාධිපතිවරයා පොරොන්දු වූ බව අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ කොමසාරිස් ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු ‘අරුණ’ට පැවසුවාය. ජනාධිපතිවරයා මෙසේ පොරොන්දු වී ඇත්තේ අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ[…]

Read More »