යාපනය මයිලිඩි ක‍ලෛයිමගල් විද්‍යාලය වසර තිහකට පසුව පාසල් දරුවන්ට

යාපනය ආරක්ෂක අංශ ආරක්ෂක සීමාවේ පැවති යාපනය මයිලිඩි කලෙයිමගල් විද්‍යාලය වසර තිහකට පසුව සිසු දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පැවරීම හා යාපනය ආරක්ෂක අංශ සතුව තිබු යාපනය අවතැන් ජනතාවගේ මුල් ඉඩම් අක්කර 4.4 ප්‍රමාණයක් පවරාදීම යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් අද(06) යාපනය මයිලිඩි ප්‍රදේශයේදී සිදු කෙරිණ. යුද්ධය[…]

Read More »

ශ‍්‍රී ලංකා දැල්පන්දු ක‍්‍රීඩිකාවෝ අපරාජිත ගමනට තවත් ජයක් එක්කරති

අපරාජිත ගමනට තවත් ජයග‍්‍රහණයක් එක් කරගත් ශ‍්‍රී ලංකා දැල් පන්දු පිල 11 වැනි ආසියානු දැල්පන්දු ශූරතාවලියේ සුපිරි කණ්ඩායම් හතර අතර හොං කොං සමග පැවැති තරගයෙන් ලකුණු 71-48 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට සමත් විය. සුපිරි කණ්ඩායම් හතර අතර පැවැති තරගයන් තුනම ජය ගනිමින් එම කණ්ඩායම් අතර ශ‍්‍ර‍්‍ර‍්‍රී ලංකා පිල[…]

Read More »

එජාප 72 වැනි සංවත්සරය සැමරේ

එක්සත් ජාතික පක්ෂයේ 72 වන සංවත්සරය අද (6)  පක්ෂ මුලස්ථානය වන පිටකෝට්ටේ පිහිටි සිරිකොතේදී උත්සවාකාරයෙන් පක්ෂ නායක අගමැති  රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයේ පැවැත්විණි. ”වැඩ කරන වැඩ කරපු 72″ යන තේමාව යටතේ මෙවර පක්ෂ සංවත්සරය සංවිධානය කර තිබුණි.   පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග පක්ෂයේ උප නායක සජිත් ප්‍රේමදාස, නියෝජ්‍ය නායක[…]

Read More »

කිරිඇල්ලගේ ඉල්ලීම නියෝජ්‍ය කථානායක අහක දමලා 

අද (06) පාර්ලිමේන්තුව රැස්වුණ වෙලාවෙ ඉදලා තියෙන්නෙ මන්ත්‍රීවරුන් 16 දෙනෙක් විතරයිලු. එජාපයේ 72 වැනි සංවත්සරයට සහභාගිවෙන්න ඔනෙ නිසා එජාප මන්ත්‍රීවරු බහුතරයක් පාර්ලිමේන්තු ඇවිල්ලා නෑලු . ඒවගේම ඊයේ (05) ඒකාබද්ධ විපක්ෂයේ ජන බලය කොළඹට උද්ඝෝෂණයට ගිහින්  නිදි මරපු මන්ත්‍රීවරුත් මහන්සියට අද පාර්ලිමේන්තු ඇවිල්ලා නෑලු… මේ කොහොම වුනත් පාර්ලිමේන්තු සභා වාරය ආරම්භ[…]

Read More »

සැම්සුන්ග් වෙතින් අකුලන ජංගම දුරකතනයක්

නව මාදිලියේ අකුලන ජංගම දුරකතනයක් නිකුත් කිරීමට නියමිත බව සැම්සුන්ග් ආයතනය නිවේදනය කරයි. ආයතනයේ ජංගම දුරකතන අංශයේ ප‍්‍රධාන විධායක නිලධාරියා වන ඩී. ජේ. කෝ පවසා ඇත්තේ එම දුරකතනය මෙම වසරේ නොවැම්බරයේ පැවත්වෙන ‘සැම්සුන්ග් සංවර්ධන සමුළුවේදී එළිදැක්වෙනු ඇති බවයි. ඒ හැර මෙම දුරකතනය පිළිබද කිසිදු විස්තරයක් ඔහු අනාවරණය කර නැත.

Read More »

මන්නාරමේ නිවසකට අමුතු අමුත්තෙක් ඇවිත්

මන්නාරමකඩෙයි, සින්න ප්‍රදේශයේ ගෙවත්තකට පැමිණි කිඹුලෙකු ඊයේ (05) ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන ඇත. අඩි 6ක් පමණ දිග මේ හැල කිඹුලා ප්‍රදේශවාසීන් හා මන්නාරම පොලිසිය එක්ව මන්නාරම වනජීවී නිලධාරීන්ට බාරදී තිබේ. කිඹුලා මන්නාරම රක්ෂිතයේ ජල පෝෂක ප්‍රදේශයක් වෙත මුදා හැරීමට වනජීවී නිලධාරීන් කටයුතු කර තිබිණි.

Read More »

මාන්කුලමේ බිම් බෝම්බ ඉවත් කිරීමේදී තුවාල ලැබූ තරුණයාත් ජිවිතක්ෂයට

මාන්කුලම, මල්ලාවි මාර්ග‍ය දෙපස තේක්කවත්ත ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුත්තක නිරතව සිටියදී බිම් බෝම්බයක් පත්තුවීමෙන් ඉකුත් 03 වැනිදා සවස තුවාල ලැබූ තරුණයා වවුනියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (05) ජිවිතක්ෂයට පත්ව ඇති බව වවුනියාව පොලිසිය පවසයි. මේ සිද්ධියේදී තවත් තරුණයකුද එදිනම ජීවිතක්ෂයට පත්ව තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලම හා වවුනියාව පොලිසි[…]

Read More »

නොරටුන්ට කටාරයේ පුරවැසි වරම්

විදේශිකයන්ට පුරවැසිකම දෙන පළමු ගල්ෆ් රට බවට පත්වෙමින් කටාර් ජාතික මව්වරුන් විදේශිකයනට දාව ලබන දරුවන් හා එරට වෙසෙන විදේශීය වෘත්තිකයන් 100 දෙනෙකුට වාර්ෂිකව පුරවැසිකම ලබාදීමට කටාර් රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.

Read More »