ශ‍්‍රී ලංකාව සිය අපරාජිත බව රැකගනිමින් අපරාජිතව සිටි මැලේසියාවට පහරදෙයි

සිය අපරාජිත බව රැකගනිමින් ඉකුත් ශූර මැලේසියාවේ අපරාජිත බවට පහරදුන් ශ‍්‍රී ලංකාව 11 වැනි ආසියානු දැල්පන්දු ශූරතාවලියේ සුපිරි කණ්ඩායම් හතර යටතේ දෙරට අතර පැවැති තරගයෙන් ලකුණු 62-59 කින් ජය වාර්තා කිරීමට සමත් විය. තරගාවලියට සහභාගී වී සිටින ප‍්‍රබලතම කණ්ඩායමක් වන ශ‍්‍රී ලංකාව සුපිරි කණ්ඩායම් හතර යටතේ සහභාගී වූ පළමු තරගයේදී[…]

Read More »

ඇමති මංගල හදිසියේ සිංගප්පූරුවට

මුදල් හා ජනමාධය අමාත්‍ය මංගල සමරවීර මහතා හදිසියේ විදේශ ගතව තිබේ. ඇමතිවරයා අද (5දා) දහවල් සිංගප්පුරු බලා ගිය බව වාර්තාවේ. එක්සත්  ජාතික පක්ෂයේ 67 වන සංවත්සරය හෙට පක්ෂ මූලස්ථානයේදී  පැවැත් වීමට නියමිතය. ඇමතිවරයාගේ මෙම හදිසි සංචාරය සම්බන්ධයෙන් විමසීමට අප ගත් උත්සාහය ව්‍යර්ථ විය.

Read More »

20 වන සංශෝධනය පාර්ලිමේන්තුවට

විධායක ජනාධිපති ක්‍රමයේ, බලතල ඉවත් කිරීමට අදාළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (5දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. ඒ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසිනි. එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් එය ස්ථිර කරනු ලැබූ අතර ඊට අදාළ පාර්ලිමේන්තු ඡන්ද විමසීම්[…]

Read More »

සෙරීනා නැවතත් ජයග්‍රාහී මාවතට…

23 වරක් ග‍්‍රෑන්ඞ්ස්ලෑම් ශූරතා දිනා සිටින සුපිරි ටෙනිස් ක‍්‍රීඩිකා සෙරීනා විලියම්ස් ඇමරිකානු විවෘත ටෙනිස් ශූරතාවේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා තිබේ. ඇය මෙම අවස්ථාව හිමිකරගෙන ඇත්තේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයේදී චෙක් ජනරජයේ ක‍්‍රීඩිකා කැරොලිනා ප්ලිස්කෝවාව තරග වට 2-0 කින් (6-4, 6-3) පරාජය කරමිනි. ඒ අනුව තරගාවලියේ අවසන් පූර්ව[…]

Read More »

ජන බලය ඇරඹේ…

ඒකාබද්ධ විපක්ෂය අද (5දා) කොළඹදී සංවිධානය කරන බලය උද්ඝෝෂණය මේ වන විට ආරම්භ වී තිබේ. ලේක් හවුස් වට රවුමේදී සවස පැවැත්වෙන  ප්‍රධාන විරෝධතා රැළිය සදහා සිව් පැත්තකින් ජනතා පෙළපාලි පැමිණෙන බව වාර්තා වෙයි. මේ වන විට කොළඹ නගරයේ දැඩි වාහන තදබදයක් දැක්නට ලැබෙන අතර ටෙක්නිකල් හන්දියේ සිට පිටකොටුවදක්වා මාර්ගය මුළුමනින්ම අවහිරවී තිබේ.[…]

Read More »

ඒකාබද්ධය පෙළපාලි යද්දී 20වන සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ඒමේ සූදානමක්

විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීම සඳහා වූ 20 වන සංශෝධන යෝජනාව අද (5දා)  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ‘අදට නියමිත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙහි’ සඳහන් වේ. න්‍යාය පත්‍රානුකූලව එය ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් ‘පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්’ වශයෙනි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ලෙස ජනතා විමුක්ති[…]

Read More »

ඩොලරය රුපියල්163 දක්වා ඉහළ ට

ඇමරිකානු ඩොලරයේ අගය අද (5දා) වනවිට රුපියල් 163 දක්වා ඉහළ ගොස් ඇතැයි මහබැංකුව පවසයි. යහපාලන ආණ්ඩුවේ පළමු අවුරුද්ද ගෙවෙන විට, රුපියල් 142 ක් වූ ඩොලරයේ අගය ආණ්ඩුවේ දෙවන අවුරුද්ද ගෙවෙන විට එම අගය රුපියල් 150 ක් දක්වා ඉහළ ගියේය. එසේ මුල් අවුරුදු දෙක තුළ වසරක් පාසා රුපියල් 8 බැගින් ඉහළ[…]

Read More »

ජන බලය පෙන්වන්න කොළඹට බස් වැලක්

අද (5දා)කොළඹදීපැවැත්වෙනඒකාබද්ධ විපක්ෂයේ ජන බලය උද්ඝෝෂණයට සහභාගිවීමට දුරබැහැර පළාත්වල සිට බස් රථ රැසක් කොළඹ බලා ගමන් ආරම්භ කර ඇතැයි ‘අරුණ’ට වාර්තා වේ. හම්බන්තොට, අම්පාර, මොනරාගල, තෙල්දෙණිය, ඇඹිලිපිටිය ආදි ප්‍රදේශවලින් බස් රථ  පන්සියකට  අධික සංඛ්‍යාවක් පිටත්ව ඇති බව අප වාර්තාකරුවෝ සදහන් කරති. අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පමණක් බස්රථ 160කින් ජනතාව කොළඹට ගමන් ආරම්භ කර[…]

Read More »

ඔඩ්ඩිසුඩාන් බෞද්ධ නටඹුන් පවිත්‍ර කිරීමට විරෝධය

ඔඩ්ඩුසුඩාන්, කුරුන්දුර්මලෙයිහි බෞද්ධ නටඹුන් සහිත පුරාවිද්‍යා ස්ථානයක් පවිත්‍ර කිරීමට ඊයේ (4දා) පුරාවිද්‍යා නිලධාරීන් සමග භික්ෂූන් වහන්සේලා හා සිංහල ජනතාව උත්සහ කිරීමත් සමග ඊට විරෝධය පළ කරමින් ප්‍ර දේශයේ උණුසුම් තත්ත්වයක් හටගත්  බව ඔඩ්ඩුසුඩාන් පොලිසිය පවසයි. එම අවස්ථාවේදී මුලතිව් ප්‍රදේශයේ දමිළ ජනතාව දැඩිලෙස නොසන්සුන්වී ඇති අතර භික්ෂූන් වහන්සේලාට දැඩි විරෝධයක් එල්ලකර[…]

Read More »