ශ‍්‍රී ලංකා දැල් පන්දු ක‍්‍රීඩිකාවෝ රජ ගමනක

ආසියානු දැල්පන්දු ශූරතාවේ අපරාජිත බව රැකගනිමින් සාර්ථක ගමනක නියැලෙමින් සිටින ශ‍්‍රී ලංකාව සුපිරි කණ්ඩායම් හතර අතර ‘ඊ’ කාණ්ඩයේ පැවැති පළමු තරගයෙන් සත්කාරක සිංගප්පූරුව හමුවේ ලකුණු 74-61 ක ජයක් ලැබීය. ඒ අනුව අදාළ කාණ්ඩයෙන් ශ‍්‍රී ලංකාව සහභාගී වන මීළග තරගය මලයාසියාව සමගින් හෙට ප.ව. 2.30 ට පැවැත්වීමට නියමිතය.

Read More »

පොලිසියේ ඉල්ලීම ඉවතට -ජන බලය හෙට කොළඹට

ඒකාබද්ධ විපක්ෂය හෙට (5) දින කොළඹදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය සහ විරෝධතා පෙළපාළිය ජනාධිපති මන්දිරය අවට රැඳී සිටීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන මෙන් කුරුදුවත්ත පොලිසිය කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ප්‍රතික්ෂේප කළේය. උද්ඝෝෂකයින් පිරිස හෙට (5) රාත්‍රීයේ සිට පසුව දා දක්වා ජනාධිපති නිල නිවස අසල රැදී සිටින බවට[…]

Read More »

මද්දුම බණ්ඩාරට මංගලත් ප්‍රේමදාස වගේ පෙනිලා

මොණරාගල පැවතී එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය විවෘත කළේ මුදල් ඇමති මංගලයි. මංගල සමග රන්ජිත් මද්දුම බණ්ඩාර සහ මලික් සමරවික්‍රමත් මීට එකතු වුණා.‍ ප්‍රදර්ශන භූමියට ඇතුල් වෙද්දී බුලත් දීලා මංගලව පිළිගත්තේ කුඩා දරුවන් පිරිසක්. මංගලට වදින්නට පුංචි උන් තැත් කරද්දී එපා වදින්න එපා වදින්න කියලා මංගල පුංචි උන්ට අතට අත දුන්නා.[…]

Read More »

වගා ළිදකට වැටුණු අලි පැටවාට වනජීවියේ පිහිට

කන්තලේ වාන්ඇල දිවුල්ගස්වැවදී වගා ළිදකට වැටුණු මාස 4ක් පමණ වයසැති අලි පැටවෙකු ඊයේ (3දා) කන්තලේ වන ජීවී පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් විසින් බේරාගෙන ගිරිතලේ වන ජීවී පශු වෛද්‍ය ඒකකයට භාර දී තිබේ. අලි පැටවා ගොඩගත් වනජීවී නිලධාරීන් පැටවාගේ මව් අලියා පැමිණෙතැයි සවස් වන තෙක්ම බලා සිටියත් නොපැමිණි නිසා කන්තලේ අලි පාලන[…]

Read More »

මාන්කුලමේ බිම් බෝම්බයක් පිපිරී තරුණයෙක් මරුට

මාන්කුලම,මල්ලාවි මාර්ග‍යේ තේක්කවත්ත ප්‍රදේශයේ බිම් බෝමබ ඉවත්   කිරීමේ යෙදී සිටි තරුණයකු ඊයේ (03) සවස බෝම්බයක් පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් තරුණයකු බරපතල තුවාල ලබා ඇති බව මාන්කුලම පොලිසිය පවසයි. බිම් බෝම්බ ඉවත් කිරීමේ ඩෑෂ් නමැති ජාත්‍යන්තර සංවිධානයට අනුයුක්තව සේවය කළ තරුණයින් දෙදෙනෙකු මෙසේ අනතුරට පත්ව තිබේ. කිලිනොච්චියේ පදිංචි පද්මනාදන්[…]

Read More »

උතුරේ ලංගම සේවකයෝ වර්ජනයක

  වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් අටක් මුල් කර ගනිමින් ලංගම උතුරු පළාත් සේවකයන්ගේ වර්ජනයක් අද (04) පැවැත්වෙයි. මේ නිසා මගීන් දැඩි අපහසුතාවකට ලක්ව සිටින අතර වවුනියාව, මන්නාරම, මුලතිව්, යාපනය හා කිලිනොච්චිය ඩිපෝ සේවකයෝ වර්ජනයට එක්ව සිටිති.

Read More »

ෆෙඩෙරර්ට ඉතිහාසගත පරාජයක්

ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ සිව්වැනි වටය හෙවත් අවසන් 16 දෙනාගේ වටයේදී සුපිරි ක‍්‍රීඩක ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩෙරර් පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට ඔස්ටේ‍්‍රලියාවේ ජෝන් මිල්මන් සමත් වූයේය. පැය තුනහමාරකට වැඩි වේලාවක් පැවැති මෙම තරගයේදී තරග වට 3-1 (3-6, 7-5, 7-6, 7-6) කින් මිල්මන් හමුවේ ෆෙඩෙරර් පරාජයට පත්විය. 29 හැවිරිදි[…]

Read More »

ගාල්ල රැකගන්න පොහොට්ටු නාගරික මන්ත්‍රීවරු සටනට

  ගාල්ල මහ නගර සභා බල  ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය ආයතන හා පොදු දේපල විකිණීමට, බදු දීමට, හා සුද්දන්ට ලබා දෙන්නට යහපාලන ආණ්ඩුව සකස්කර ඇති බව කියන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ගාල්ල මහ නගර සභාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුනේ මන්ත්‍රීවරු අද (4) පුවරු බැනර් හා පෝස්ටර් පෙන්වමින් විරෝධතාවක නිරත වූහ. ගාල්ල නගරාධිපති ප්‍රියන්ත[…]

Read More »

සිරකරගෙන සිටි පක්ෂීන් 300ක් කලාවැව ජාතික උද්‍යානයට

පල්ලේකාගම ගුරුළුපෙත්තාගම පදිංචි ජාවාරම්කරුවෙකු විසින් උගුල් අටවා අල්ලා සිරකරගෙන සිටි විවිධ වර්ගයේ පක්ෂීන් (300ක්) කලාවැව ජාතික උද්‍යානයට මුදා හැරීමට කැකිරාව ගනේවල්පොල වනජීවී නිලධාරීහු අද කටයුතු කළහ. ඒ කැකිරාව දිසා මහේස්ත්‍රාත් දුලාන් වීරවර්ධන මහතාගේ නියෝගයකට අනුවය. හිංසනයට ලක්වූ කුරුල්ලන් හත් දෙනෙකු කූඩු තුළම මියගොස් සිටි බවද අධිකරණයට දැන්වූ වනජීවී නිලධාරීන් පැවසුවේ[…]

Read More »

ඒකාබද්ධයේ උද්ඝෝෂණයට වතුකරයේ කිසිවෙක් නෑ – අධ්‍යාපන රාජ්‍ය ඇමති වේළුසාමි රාධක්‍රිෂ්ණන්

ඒකාබද්ධ විපක්ෂය හෙට (5දා) සංවිධානය කරන විරෝධය වැරදි බවත් ඒ සදහා වතුකරයේ කිසිවෙකුත් සහභාගි නොවන බවත් හිටපු ජනාධිපතිවරයා කරන මෙම වැඩ කිසිසේත්ම සුදුසු දෙයක් නොවන බවත් අධ්‍යාපන රාජ්‍ය ඇමති වෙළුසාමි රාධක‍්‍රිෂ්ණන් පවසයි. විරෝධතා දැක්වුවත් මේ රජය ඉදිරියට යන බවත් ඒ සදහා ජනාධිපතිතුමන්ට සහ අගමැතිතුමන්ට තමන්ගේ සහාය ලබා දෙන බවත් ඇමතිවරයා[…]

Read More »