August2018

මෛත්‍රී නාමල් එක්ක ෆොටෝ ගහලා 

පසුගිය 24වනදා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් වයඹ ඇල ව්‍යාපෘතියේ දෙවැනි අදියර විවෘත කිරීම පොල්පිතිගමදී සිදුවිය. එම අවස්ථාවට මැති ඇමතිවරු විශාල පිරිසක් සහභාගි වූහ. මේ අතර එම උත්සවයට සහභාගි වෙතැයි බලාපොරොත්තු විය නොහැකි දේශපාලනඥයෙක්ද පැමිණ සිටියේය. ඒ ජවිපෙ පළාත් සභා මන්ත‍්‍රී, සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්නය. වයඹ පළාතේ[…]

Read More »

ශ‍්‍රී ලංකාවට පදක්කම් බලාපොරොත්තුවක් දෙමින් රග්බි පිල චීනය පරදවයි

18 වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබමින් ශ‍්‍රී ලංකාවට පදක්කම් බලාපොරොත්තුවක් එක් කිරීමට රග්බි ක‍්‍රීඩකයෝ සමත් වූහ. ඒ අනුව අදාළ අවසන් පූර්ව වටයේදී ප‍්‍රබල ජපාන කණ්ඩායමට එරෙහිව ශ‍්‍රී ලංකා පිල හෙට ප.ව. 1.26 ට තරග වැදීමට නියමිතය. අර්ධ අවසන් පූර්ව වටයේ තරගයේදී[…]

Read More »

රත්රන් කිලෝ 20ක් ගෙනා ඉන්දියන් ජාතිකයෙක් කටුනායකදී අත්අඩංගුවට

  රත්රන් කිලෝ 20ක් විශේෂ යට ඇදුමක සගවාගෙන අද (31) උදෑසන කටුනායක ගුවන් තොටුපළින් මෙරටට පැමිණි ඉන්දීය ජාතිකයකු පොලිස් අපරාධ  පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබේ. සැකකරු රේගු නිලධාරින්ගේ හා ස්කැන් පරික්ෂාවද අවසන්ව ගුවන්තොටුපළින් පිටතට පැමිණි අවස්ථාවේ මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ. සැකකරුට රේගු නිලධාරින්ගේ සහය ලැබුණේදැයිසෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවවිශේෂ පරීක්ෂණයක් ආරම්භ[…]

Read More »

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු ඉල්ලා කිලිනොච්චියේ ගැබිනි මව්වරු විරෝධතාවක

  කිලිනොච්චිය මහ රෝහලට ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු ස්ථිරව පත් කරන ලෙසට ඉල්ලා කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ගර්භනී මව්වරු හා කිලිනොච්චිය කාන්තා සංවිධාන අද (31) කිලිනොච්චිය මහ රෝහල ඉදිරිපස විරෝධතාවයක නිරත වූහ. රෝහලේ සිටි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එක් අයෙකු මේ වන විට ස්ථාන මාරු ලබා පිටව ගොස් ඇති[…]

Read More »

හිනිදුම කළුගලකන්ද රක්ෂිතයේ ගින්නක්

හිනිදුම ඇලඉහළ, කුඹුරේගොඩ කළුගලකන්ද රක්ෂිතයේ ඇති වූ ගින්නකින් අක්කර පනහකට ආසන්න භුමි ප්‍රමාණයක් විනාශ වී ඇති බව හිනිදුම පොලිසිය පවසයි. ඊයේ (30) රාත්‍රි 10.00ට පමණ ඇතිවී අද (31) අළුයම දක්වා පැවතුන ගින්න හිනිදුම පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව මහත් පරිශ්‍රමයක් දරා මැඩපවත්වා තිබේ. ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර[…]

Read More »

මුස්ලිම් තරුණයන්ට කොටින්ගේ ආයුධ බෙදීමේ චෝදනාව ගැන රාජ්‍ය ඇමති හිස්බුල්ලාගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

කොටි සංවිධානය සතුව පැවැති අවි ආයුධ 5,000 ක්  රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයා සහ තමන් විසින් මිලදී ගෙන මුස්ලිම් තරුණයන්ට ලබා දී ඇති බවට පසුගියදා දෙමළ විමුක්ති පක්ෂය  නැගූ චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස රාජ්‍ය අමාත්‍ය එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා අද (31)දින පොලිස්පතිවරයා වෙත ලිපියක් මගින් දැන්වීය. දෙමළ විමුක්ති කොටි පක්ෂය[…]

Read More »

දැන් යුද්ධය තියෙන්නේ අන්තර්ජාලයේ – අගමැති රනිල්

යුද්ධයේ ස්වභාවය සාම්ප්‍රදායික අවි ගැටුමේ සිට අන්තර්ජාලය කරා මාරුවී ඇති බවත් සමාජ මාධ්‍ය ඇතුළු තාක්ෂණය යොදාගන්නා නූතන මාධ්‍ය සම්ප්‍රදායික නොවන තවත් තර්ජනයක් බවත් අගමැරනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අගමැතිවරයා එසේ පැවසූවේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (30)පැවති  2018 ආරක්ෂක සමුළුව අමතමිනි. ෆේස්බුක් සහ ට්විටර් ඇතුළු සමාජ මාධ්‍යවල තර්ජනයට මුහුණ දීම සඳහා ශක්තිමත්[…]

Read More »

පළාත් සභා ඡන්දෙට අලුත් ඡන්ද ලක්ෂ එකහමාරක්

2018 සඳහා ලියාපදිංචි වන අලුත් ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ එක හමාරක් පමණ වනු ඇති බවත්, ඒ අනුව සමස්ත ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව එක්කෝටි හැට ලක්ෂයකට (1,60,00,000) ආසන්න විය හැකි බවත් මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙක් ‘අරුණ’ට පැවසී ය. ඡන්ද දායකයින්ගේ නම් ඇතුළත් තාවකාලික ලේඛනය මේ වන විට අන්තර්ජාලයට සහ ග්‍රාමනිලධාරීන්ට නිකුත් කර ඇති[…]

Read More »

මල්වතු ඔය ව්‍යාපෘතියේ වැඩ නැවත අරඹන්නැයි උද්ඝෝෂණ

අතහැර දමා තිබෙන මල්වතු ඔය සංවර්ධන ව්‍යාපෘතියේ වැඩ නැවත ආරම්භ කරන ලෙස රජයට බල කරමින් මල්වතු ඔය දෙපස පදිංචි ජනතාව අද (30දා) අනුරාධපුරයේදී උද්ඝෝෂණයක් පැවැත්වූහ. පසුගිය ජූලි මාසයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතිය නතර කරවීමට  කඩාකප්පල්කාරී දේශපාලඥයන් පිරිසක් මැදිහත්වී ඇති බව පැවසූ විරෝධතාකරුවෝ ඉදිරි වර්ෂා[…]

Read More »
1 2 3 19