brand logo

2018 අවසන් වන විට මරණීය දණ්ඩනය නියම වූ රැදවියන් 1299ක් මෙරට බන්ධනාගාරවල

09 January 2019

2018 වසරේ දෙසැම්බර් මස 31 වන දින වන විට ස්ථිර වශයෙන්ම මරණිය දණ්ඩනය නියමු රැදවියන් හා මරණීය දණ්ඩනයට ලක්ව අභියාචනා ඉදිරිපත් කර ඇති රැදවියන් 1299 දෙනෙකු මෙරට බන්ධනාගාර තුළ සිටින බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය සදහන් කළේ ඒ අතර පිරිමි පුද්ගලයින් 1215 දෙනෙකු හා කාන්තාවන් 84 දෙනෙකු සිටින බවයි. එම රැදවියන් 1299 අතරින් , පිරිමි රැදවියන් 789 දෙනෙකු හා කාන්තා රැදවියන් 34 දෙනෙකු තමන්ට නියම කර ඇති මරණ දඩුවම සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කර තිබෙනවා. ස්ථිර වශයෙන්ම මරණීය දණ්ඩනය නියම කර ඇති රැදවියන් 476 දෙනෙකු සිටින බවත් ඒ අතර පිරිමි පුද්ගලයින් 426 දෙනෙකු හා කාන්තාවන් 50 දෙනෙකු සිටින බවත් අමාත්‍යාංශය සදහන් කළා.
 

More News..