brand logo

2017දීත් 5ට 0යි - 2019දීත් 5ට 0යි

17 March 2019

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැති තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 5ට 0ක් ලෙස ජය ගැනීමට සත්කාරක දකුණු අප්‍රිකානුවන් ඊයේ (16) සමත් විය. මෙම තරගාවලියේ වීරයා බවට පත්වූයේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු ක්වන්ටන් ඩි කොක්ය. මෙම තරගාවලිය පුරාම ක්‍රීඩා කරමින් ක්වන්ටන් ඩි කොක් රැස්කර ගත් මුළු ලකුණු සංඛ්‍යාව 353කි. ඊට ශතකයක් සහ අර්ධ ශතකයක් 3ක් ඇතුළත් වේ. ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා එක්දින තරග පහ තුළ වැඩිම ලකුණු රැස්කර ගත් පිතිකරුවන්ගේ ලැයිස්තුවේ තෙවන ස්ථානය හිමිව තිබෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් මෙන්ඩිස්ටය. ලකුණු 202ක් ලබාගෙන තෙවන ස්ථානය හිමිකරගත් කුසල්ගේ ලකුණු සංඛ්‍යාවට අර්ධ ශතක 2ක් ද ඇතුළත් වේ. ඔ්ෂධ ප්‍රනාන්දු සිව්වැනි ස්ථානය හිමිකර ගත් අතර, ඔහු රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 127ක් වේ. තරග 3ක‌‌ට පමණක් ක්‍රීඩා කළ ඉසුරු උදාන ලකුණු 110ක් ලබාගෙන 6 වැනි ස්ථානය රැදී සිටීයි. ඉසුරුගේ එම ලකුණු සංඛ්‍යාවට එක් අර්ධ ශතකයක් ද ඇතුළත් වේ. අත්දැකීම් බහුල ක්‍රීඩකයින් වන තිසර පෙරේරා තරග 5කට ක්‍රීඩා කළ ඔහුට රැස්කර ගත හැකි වූයේ ලකුණු 56ක් පමණී. කුසල් ජනිත් පෙරේරා තරග 3කදී ලකුණු 41යි. නිරෝෂන් දික්වැල්ල තරග 3කදී ලකුණු 16යි. උපුල් තරංග තරග 3කදී ලකුණු 15යි. ලසිත් මාලිංග තරග 5යි ඉනිම 4කදී ලකුණු 16යි. මෙම තරගාවලිය පුරා සමස්ත පන්දු යවන්නන්ගේ දක්ෂතා පිළිබදව බැලූවිට.... ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම කඩුළු දවාගෙන තිබෙන්නේ ධනංජය සිල්වා විසින්ය. ඔහු තරග 4කදී කඩුළු 5ක් දවාගෙන තිබේ. අත්දැකීම් බහුල ක්‍රීඩකයින් වන තිසර පෙරේරාට සහ නායක ලසිත් මාලිංගට දවාගෙන තිබෙන්නේ කඩුළු 4ක් පමණී. මෙවන් පසුබිමක ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර ලෝක කුසලානය පිළිබදව සුළු හෝ බලාපොරොත්තුවක් තබා ගත හැකිවේ ද ? මෙම තරගාවලියෙන් අනතුරු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංග මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ක්‍රීඩකයින් සෑම දිනකම පුහුණුවීම් සිදුකළත් ඉන් අවශ්‍ය දේ කණ්ඩායමට නොලැබුනු බවය. වීඩියෝ Sports Photography.lk මෙම තරගාවලිය පුරා සමස්ත පන්දු යවන්නන්ගේ දක්ෂතා පිළිබදව බැලූවිට.... මෙම තරගාවලිය පුරා සමස්ත පිතිකරුවන්ගේ දක්ෂතා පිළිබදව බැලූවිට....
 

More News..