brand logo

2016 දී මහජනතාවට දුන් ආපදා ආධාර කෝටි 15 ක් රාජ්‍ය බැංකු ගිණුමක හිරවෙයි

05 January 2019

හදිසි ආපදා තත්ත්වයක් ඇතිවීම මත 2016 වර්ෂයේ දී ඉන් විපතට පත් ජනතාව සඳහා මහජනතාවගෙන් ලැබුණු ආධාර මගින් එකතු වූ රුපියල් ලක්ෂ 1520 ක මුදලක් 2017 වර්ෂය වන තෙක්ම රාජ්‍ය බැංකු ගිණුමක තිබූ බවට විගණනයේදී හෙළි වී ඇත. එම මුදල 2017 දෙසැම්බර් 31 වැනි දින වන විටත් එම බැංකු ගිණුමේ පැවති බව හෙළි වී තිබේ. මීට අමතරව එම වර්ෂයේ විපතට පත් වූ රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව සඳහා ලබාදුන් රුපියල් ලක්ෂ 190ක්, 2017 දෙසැම්බර් 31 වැනි දින වන තෙක් පීඩාවට පත් ජනතාවට ලබා නොදී ආපදා කළමනාකරණ කාර්යාලයේ රඳවාගෙන තිබී ඇත. ඊට අමතරව බළංගොඩ, කහවත්ත හා කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම්වරයා වෙත ලබාදුන් රුපියල් ලක්ෂ 256 ක්ද එසේ 2017 වර්ෂය අවසන් වන විටත් පීඩාවට පත් ජනතාවට ලබා දී නොතිබුණි. එම ආපදාවෙන් විපතට පත් අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 38 කට කිසිදු මුදලක් ගෙවා නොමැත. නිවාස සහිත ඉඩමක් මිලදී ගැනීම සඳහා රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 ක ප්‍රතිලාභීන් 116 දෙනකු තෝරාගෙන අැතත් ඉන් පවුල් 112 දෙනකුට 2017 අවසන් වන විටත් කිසිදු මුදලක් ගෙවා නොමැති බවද හෙළි වී ඇත. මධුභාෂණ හේරත්
 

More News..