brand logo

2015 සිට මේ දක්වා Uber ශ්‍රී ලංකාව තුළ පුරෝගාමී හඳුන්වා දීම් රැසක්

17 January 2021

Uber සේවාවන් ශ්‍රී ලංකාවට හඳුන්වා දී අද දිනට වසර 5 ක් සම්පූර්ණ වේ. මෙම කාලය තුළ මගීන් මිලියන 1.8 කට ප්‍රවාහන සේවා සලසමින් ගමන් වාර මිලියන 53 ක් සම්පූර්ණ කර ඇති Uber, රියදුරන් 110,000 කට අධික පිරිසකට ජීවනෝපාය මාර්ගයක් නිර්මාණය කර දී තිබේ. 2015 සිටම Uber මෙරට ජනතාවට පහසු, ලාභදායී හා කාර්යක්ෂම ප්‍රවාහන විසඳුම් පිරිනමා ඇත. 2019 වසරේදී මෙරට ප්‍රථම වරට යතුරුපැදි සේවාවක්ද හඳුන්වා දීමට Uber කටයුතු කළේ ය. මෙය සුළු ගාස්තුවක් යටතේ කෙටිදුර ගමන් යාම සඳහා ඇති අගනා විසඳුමකි. Uber පස් වසරක ගමන්මග සම්බන්ධයෙන් අදහස් දක්වමින් එහි ශ්‍රී ලංකා ප්‍රධානී සුබෝධ් සංග්වාන් මහතා මෙසේ පැවසී ය. “නවෝත්පාදන ඔස්සේ ශ්‍රී ලංකාවේ අපගේ ව්‍යාපාර කටයුතු තවතවත් දියුණු කිරීමට අප නිරන්තරයෙන් කටයුතු කරනවා. ජනතාව නව ජීවන රටාවකට හුරුවෙමින් සිටින මේ මොහොතේ, තාක්ෂණය ඔස්සේ රටට පෙරටත් වඩා ශක්තිමත්ව නැගී සිටීමට අත්වැලක් වෙමින්, අප සමග සම්බන්ධ වී සිටින රියදුරන්ට සිය ආදායම ඉහළ නංවා ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සලසමින් අඛණ්ඩව ඉදිරියට යාම අපගේ ඉලක්කයයි.”
 

More News..