brand logo

2011 ලෝක කුසලානය පාවාදුන් අයගේ නම් සහ සාක්ෂි හෙළිකරන්න - මහේල කියයි

18 June 2020

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී තරග පවාදීමක් සිදුව ඇති බවට හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන මහතා විසින් ප්‍රතිචාර දක්වා තිබේ. මහේල සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර ඇත්තේ,   මැතිවරණය අත ළගද ? සර්කස් ආරම්භ වී ඇති බව පෙනේ, නම් සහ සාක්ෂි ඉදිරිපත් කරන්න. එම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකත්වයේ දරනු ලැබුවේ මහේල ජයවර්ධන වන අතර, කුමාර් සංගක්කාර කණ්ඩායමේ නායකත්වයේ කටයුතු කළේය. අද (18) පෙරවරුවේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමග පැවැති වැඩසටහනකට සහභාගි වෙමින් එවකට (2011 වසරේ) හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ, 2011 වසරේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ තරග පාවාදීමක් සිදුව ඇති බවයි. එහිදී පාවාදීමක් සිදු ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විවාදයක් සිදුකිරීමට ද තමන් සූදානම් බව මහින්දානන්ද මහතා සදහන් ක‌ර තිබේ. මෙම ගැටළුවට තමන් ක්‍රීඩකයන් සම්බන්ධ කර නොකරගන්නා අතර, නමුත් යම්කිසි පාර්ශ්වයක් විසින් මෙයට සම්බන්ධව කටයුතු කළ බවට මහින්දානන්ද අලුත්ගමගේ මහතා එම වැඩසටහනේදී වැඩිදුරටත් සදහන් කර තිබේ. 2011 පන්දුවාර 50 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වුන අතර, එම තරගය ඉන්දීය කණ්ඩායම විසින් කඩුළු 6කින් ජයගත්තේය.   https://youtu.be/zvdL-7xypbY
 

More News..