brand logo

2011 ලෝක කුසලානය පාවාදීමේ විමර්ශන අවසන්

03 July 2020

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය මුදලට පවා දුන්නා යැයි යන චෝදනාව සම්බන්ධයන් ක්‍රීඩා වැරදි පිළිබදව පොලිස් විශේෂ විමර්ශන ඒකකය ක්‍රියාත්මක කළ පරීක්ෂණය අවසන් කර තිබේ. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සදහන් කළේ මේ වන විට ලබාගෙන ඇති සාක්ෂි අනුව තවදුරටත් එවැනි තරග පාවාදීමක් ගැන කරුණු අනාවරණය වී නොමැති බවයි. මේ අතර ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා මහතා පැවසුවේ තවදුරටත් මේ සම්බන්ධයෙන් විමර්ශනය නොකර අදාළ පැමිණිල්ල පිළිබද වාර්තාව ක්‍රීඩා අමාත්‍යංශය වෙත යොමු කරන බවයි. ක්‍රීඩා වැරදි පිළිබදව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹි බව ඔහු සදහන් කළේය.
 

More News..