brand logo

2011 ගැන අහන්න අරවින්දට කැඳවුම්?

30 June 2020

2011 ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහා තරගය පාවාදීමේ චෝදනා සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන අංශය හමුවේ ප්‍රකාශයක් ලබා දීමට පැමිණෙන ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අරවින්ද ද සිල්වාට දන්වා ඇති බව ‘අරුණ’ ට වාර්තා වේ. අදාළ ලෝක කුසලානයේදී ජාතික තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ අරවින්ද ද සිල්වා වන අතර අද (30 වැනිදා) පස්වරු 2.30ට විශේෂ විමර්ශන අංශය හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දන්වා තිබේ. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය පාවාදීමක් සිදුකර ඇති බවට සැකයක් මතුවන බව ඉකුත් ජුනි 18 වැනිදා හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් කළේය. පසුව මේ සම්බන්ධයෙන් ජුනි 24 වන දින නවලපිටියේ පිහිටි ඔහුගේ කාර්යාලයේදී ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන අංශය විසින් අලුත්ගමගේගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත්තේය. එහිදී ඔහු විසින් කරුණු 24ක් ඇතුළත් පැමිණිල්ලක් ලබා දී තිබේ.
 

More News..