brand logo

2005 සිට 2019 දක්වා වැඩිම ආයෝජන සිදුවෙලා තිබෙන්නේ හම්බන්තොටට - ඒත් හම්බන්තොට දරුවෝ මන්ද පෝෂණයෙන් මිය යනවා

21 June 2019

රටේ විද්‍යාත්මක සංවර්ධනයක් සිදු නොවීමට හොඳම උදාහරණය හම්බන්තොට බවයි. දේශපාලන පුරාජේරුවට වරායවල්, ගුවන්තොටුපලවල්, ලොකු පාරවල් වැඩි වැඩියෙන් හදලා ගිය ආණ්ඩුවෙත්, මේ ආණ්ඩුවෙත් වැඩිම මුදල් ආයෝජනය කරලා සංවර්ධනය කළ හම්බන්තොට ප‍්‍රදේශයේ මන්ද පෝෂණයෙන් ළමයි මැරෙනවා යැයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ රට රකින - රට හදන ජාතික මග ව්‍යාපාරයේ කිරිබත්ගොඩ සමුළුවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, අපි පාරවල් හදලා කාපට් කෙරුවා කියලා, නිකං බඩු බෙදුවා කියලා ජනතාවක් උඩට එන්නේ නැහැ. බලන්න හම්බන්තොට ඇතිවෙච්ච ඛේදවාචකය. දරුවෙක් නැති උනා. විජලනයෙන් නැති උනා කියනවා, මන්ද පෝෂණයෙන් නැති උනා ආදී නොයෙක් හේතු කියනවා. නමුත් මතක තියා ගන්න මේ රටේ 2005 සිට 2019 දක්වා වැඩිම ආණ්ඩුවේ ආයෝජන සිදුවෙලා තිබෙන්නේ හම්බන්තොටට. ගිය ආණ්ඩුවෙත් එහෙමයි, මේ ආණ්ඩුවෙත් එහෙමයි. නිවාස හදලා තියෙන්නේ, වැඩිම රැුකියා දීලා තියෙන්නේ වැඩිම ආයෝජන වෙලා තියෙන්නේ මේ රටේ අනෙකුත් සෑම තැනකම පුරවැසියන්ට 2005 සිට 2015 ට රුපියල් හතලිස් පන්දාහයි වියදම් කළේ. හම්බන්තොට එක පුද්ගලයෙක් වෙනුවෙන් ලක්ෂ 15ක් වියදම් කළා. හැබැයි ඒ විදිහට පාරවල් හදලා, ගුවන්තොටුපලවල් හදලා, ගෙවල් දීලා, රස්සාවල් දීලත් මොකද? අන්තිමට කන්න නැතිව මැරෙනවා. මොකද්ද මේකෙන් තියෙන්නේ මේ අවිද්‍යානුකූල දේශපාලනයේ, අවිද්‍යානුකූළ ආයෝජනයෙන් ජනතාවගේ ජීවිත ගොඩනැගෙන්නේ නැහැ. නිකං බෙදුවයි කියලා, මිනිස්සුන්ට කටට නිකං සූප්පු දුන්නයි කියලා බඩ පිරෙන්නේ නැහැ, හිත පිරෙන්නේ නැහැ, මනස පිරෙන්නේ නැහැ, නිර්මාණාත්මක මිනිහෙක් බිහි වෙන්නේ නැහැ. ඒ නිසා විද්‍යානුකූල ක‍්‍රමයකට මේක කළා නම් හම්බන්තොට විතරක් නෙමෙයි මුළු රටම අපට වර්ධනය කර ගැනීමේ හැකියාව ලැබෙනවා. එතකොට විද්‍යානුකූල කැබිනට් මණ්ඩලයක් තියෙන්න ඕනේ. අපේ ව්‍යවස්ථාවෙන් ඒක තිහකට සීමා කරලා තිබෙනවා. හැබැයි එහි විෂය බෙදද්දි විද්‍යානුකූලව සිදුවිය යුතුයි. ඊ ළඟට ඒ ඒ අමාත්‍යාංශවලට මුදල් වෙන් කරද්දී ඒ අවශ්‍යතා ප‍්‍රමාණයක් මත එය කළ යුතුයි. එහෙම සිදුවෙලාත් නැහැ. සමහර අමාත්‍යාංශ තිබෙනවා අඩුකුලේ අමාත්‍යාංශ, කියන්න කණගාටුයි ඒ අයට හැන්ද වෙන විදිහකට බෙදෙන්නේ. සමහර ඒවට නැහැ. නමුත් කිසියම් කාර්යක්ෂමතාවයක් පෙන්වා තිබෙනවා. තමන්ගේ ආයතන රාජ්‍ය ආයතන රටට බරක් නොවී පත්වාගෙන යන්න, වැඩියෙන් වැඩ කරලා තිබෙන තැන්වලට එය ලබාදිය යුතුයි. ඒ වෙනුවට ඒක එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා මේ තත්වය අපි ඉදිරි කාලයේදී වෙනස් නොකළහොත් මේ රට තුළ විශාල බලගතු නාය යෑමක් ජනතාව තුළින්ම, අපේ තරුණ පරම්පරාව තුළින්ම ඇතිවෙන්න නියමිතයැයි පැවසීය.
 

More News..