brand logo

20 - 20 පන්දු යැවීමේ මුල් 50ට ලංකාවෙන්ම එකයි

13 November 2019

ජාත්‍යන්තර විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණියේ නවතම වර්ගීකරණයට අනුව මුල් ස්ථාන 50 අතරට පැමිණි එකම ශ්‍රී ලංකා පන්දු යවන්නා බවට ලසිත් මාලිංග පත්ව තිබේ. ඒ අනුව මාලිංග එම ශ්‍රේණියේ 22 වැනි ස්ථානයේ පසුවේ. මාලිංගට පසුව එම ලැයිස්තුවේ සිටින අනෙක් ශ්‍රී ලාංකික පන්දු යවන්නා වන ඉසුරු උදාන එහි 56 වැනි ස්ථානයේ රැඳී සිටියි. මෙම පන්දු යවන්නන් අතර මුල් ස්ථාන 10න් 8කම අයිතිය දඟ පන්දු යවන්නන් විසින් හිමිකරගෙන තිබේ. එහි පළමු ස්ථානය ඇෆ්ගනිස්තානයේ රෂීඩ් ඛාන්ට හිමිවන අතරවාරයේදී දෙවැනි හා තෙවැනි ස්ථාන පිළිවෙළින් නවසීලන්තයේ මිචෙල් සැට්නර් සහ පාකිස්තානයේ ඉමාඩ් වසීම්ට හිමිව තිබේ. අදාළ ශ්‍රේණියේ මුල් ස්ථාන 10 අතරට පැමිණි වේග පන්දු යවන්නෝ අතර 6 වැනි ස්ථානයේ පසුවෙන දකුණු අප්‍රිකාවේ ඇන්ඩිල් පෙලුක්වායෝ සහ 10 වැනි ස්ථානයේ පසුවෙන ක්‍රිස් ජෝර්දාන් සිටිති. ලක්ෂිකා ගුණවර්ධන
 

More News..