brand logo

20 හැවිරිදි තරුණයාටත් කෝවිඩ්

06 October 2020

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තරුණයෙක් කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් හදුනාගෙන තිබේ. කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැදන්ගමුව මහතා පැවසුවේ මෙම තරුණයා මිනුවන්ගොඩ ඇගළුම් කම්හලේ සේවය කරන විසි හැවිරිදි තරුණයෙකුට මෙලෙස කොවිඩ් ආසාදනය වී ඇති බවයි. මෙම තරුණයා අලව්ව නවතල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ. ඒ අනුව මේ වන විට කරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින මිනුවන්ගොඩ ඇගළුම් කම්හලේ සේවය කරන තිදෙනෙකුම කොවිඩ් ආසාදිතයින් ලෙස තහවුරු කර ගෙන ඇත.
 

More News..