brand logo

20 සංශෝධනය ගැන කරූගේ අදහස

23 October 2020

රටක ව්‍යවස්ථාව එක් පුද්ගලයෙකු වෙනුවෙන් වෙනස් කිරීම එම රටට කරන බලවත් නිග්‍රහයක් බව 'සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයේ සභාපති, හිටපු කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කරනවා. මේ බව ඔහු කියා සිටියේ, අද (23) පැවති මාධ්‍ය හමුවකදී යි. ඊයේ (22) රාත්‍රියේදී පාර්ලිමේන්තුව විසින් ලබා දුන් ජනවරම ගැන 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ' ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණා. ජනාධිපතිට අර්ථයෙන් ධර්මයෙන් නිතරම අනුශාසනා කරන හිමිපාණන් වහන්සේලා, මැතිවරණ වලදී විශාල කැපකිරීමක් සිදුකළ හිමිපාණන් වහන්සේලා, කතෝලික, ක්‍රිස්තියානි, හා අන්‍යාගමික පූජකතුමන්ලා ප්‍රසිද්ධියේ විරුද්ධ වුවත් එම විරෝධතාවයට කිසිම සැලකිල්ලක් නොදක්වා ද්විත්ව පුරවැසියන්ට රටේ ඕනෑම ඉහළ පදවියක් දැරීමේ අවස්ථාව දැන් ලබා දී තිබෙන බව ඔහු මෙහිදී පැහැදිලි කර තිබේ. කෙසේවුවද, ජනාධිපතිවරයාට පැවරුන මේ අසීමිත බලය රට එක් කිරීමට යොදාගන්නා ලෙස ඉල්ලා සිටි කරු ජයසුරිය, නව ව්‍යවස්ථාවක් සැකසීමේ දී 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය රට වෙනුවෙන් ඊට උපරිම ශක්තිය ලබා දෙන බව ද කියා සිටියේය. එමෙන්ම එකඟවුවත්, නැතත්, 20 වන සංශෝධනය ගෙන ඒම තුළ ජනතාව අතර බෙදීමක් ඇති බව අප පිළිගතයුතු සත්‍යයක් එහෙයින් ජනාධිපතිවරයාගේ ප්‍රධානම කාර්‍යය වන්නේ ජාතියේ සමගිය හා එක්සත් බව රැක දීමයි. බලයෙන් මත් වූ සමහරුන් කටයුතු අවුල් කරන්න පුළුවන්. 17 වැනි සංශෝධනය බිහි වුණේත් රාජ්‍ය බලතල අයුතු ලෙස යොදාගනිමින් වයඹ මැතිවරණය සේම ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු වල යෙදීම නිසයි. හිටපු කථානායක වරයා මෙසේද සඳහන් කර ඇත. ''ඊයේ ඡන්ද විමසීමේදී රජයේ මන්ත්‍රීවරුන් 148ක් හා පිටස්තරින් (විපක්ෂයෙන්) ලබාගත් ඡන්ද 8 ක්ද සමඟ 3/2 ඉක්ම වූ 156 ජනවරමක් ලබාගෙන තිබෙනවා. ඒ නිසා එම ඡන්ද ලබාගත් ආකාරය හා ක්‍රමවේදය ගැන කතා කිරීම අපට අවශ්‍ය වන්නේ නැහැ. නීත්‍යානුකූල බලය ලැබී තිබෙනවා.'' ජනතාව ඉදිරියේ දී ඒ ගැන අදහස් ප්‍රකාශ කරාවි. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය දේශපාලන ව්‍යාපාරයක් නොවේ. අපේ ප්‍රධාන පරමාර්ථය වන්නේ ගෞරවනීය මාදුළුවාවේ සෝභිත හිමිපාණන් පැතූ යුක්තිගරුක නීතිගරුක සමාජයක ජීවත්වීමේ අයිතිය අප රටේ ජනතාවට ලබා දීමය. අපට ආණ්ඩු අපහසුතාවයට පත් කරන්න හෝ රට අවුල් කරන්න අවශ්‍යතාවයක් නෑ. නමුත් ජනතාවට හා නූපන් පරපුරට ප්‍රජාතන්ත්‍රවාදය රජයන සාමකාමී සමෘධිමත් රටක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැගීම අපගේ යුතුකමක්. "ජනාධිපතිතුමාට අර්ථයෙන් ධර්මයෙන් නිතරම අනුශාසනා කරන හිමිපාණන් වහන්සේලා, කතෝලික, ක්‍රිස්තියානි, හා අන්‍යාගමික පූජකතුමන්ලා ප්‍රසිද්ධියේ විරුද්ධ වුවත් එම විරෝධතාවයට කිසිම සැලකිල්ලක් නොදක්වා ද්විත්ව පුරවැසියන්ට රටේ ඕනෑම ඉහළ පදවියක් දැරීමේ අවස්ථාව දැන් ලබා දී තිබෙනවා." ''පසුගිය රජය පැවති කාළයේත්, ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ (OPA) වෘත්තීයවේදීන් හා ප්‍රජා නායකයින් මෙන්ම විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්වරු වැනි දේශපාලන ගැති නොවන අත්දැකීම්ලත් පුද්ගලයන් කොමිෂන් සභා සඳහා පත් වුණා.'' යනුවෙන් හිටපු කතා නායක වරයා අදහස් දක්වා ඇත.
 

More News..