brand logo

20 ට ඡන්දේ නොදී ඉන්න විමල්ලා ගත්ත තීරණේ වෙනස් කරයි

22 October 2020

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළබඳ අද(22) පාර්ලිමේන්තුවේ ඡන්දය විමසන අවස්තාවේදී ද්විත්ව පුරවැසිභාවය පිළබඳ වගන්තියට ඡන්දය නොදී සිටීමට ගෙන තිබූණු තීරණය ජනාධිපතිතුමාගේ ඉල්ලීම මත වෙනස් කර ගත් බව ඇමැති විමල් වීරවංශ පවසයි. විමල් වීරවංශ, උදය ගම්මන්පිළ, වාසුදේව නානායක්කාර, තිස්ස විතාරන, වීරසුමන වීරසිංහ යන මහත්තුරුන් විසින් මීට සුලු වෙලාවකට පෙර පැවැත් වූ විශේෂ මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව පැවැසීය. යෝජිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මත බේදයට තුඩු දුන් විගණන කොමිසම පිළිබද වගන්තිය, හදිසි පනත් පිළබඳ වගන්තිය, අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව පිළිබඳ වගන්තිය පිළිබඳ කාරණා එකග විය හැකි අයුරින් වෙනස් වූ නමුත් ද්විත්ව රටවැසි භාවය පිළබඳ වගන්තිය ගැන ප්‍රශ්නයක් තිබූ බවත් ඒ නිසා 20 සංශෝධනයට සමස්තයක් වශයෙන් ඡන්දය දුන්නත් ද්විත්ව පුරවැසි භාවය පිළබඳ වගන්තිය කාරක සභා අවස්ථාවේදී ඡන්ද විමසීමට භාජනය වන විට ඊට සහය නොදී නිශ්ක්‍රීවය සිටීමට මින් පෙර තීන්දු කර සිටි බවත් ඇමැතිවරයා මෙහිදී හෙළි කළේය. මේ ආකාරයෙන් නිශ්ක්‍රීයව සිටීමට සූදානමින් සිටි මැති ඇමැතිවරුන් ලෙස වාර්තා වන්නේ වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වීරසුමන වීරසිංහ, විජේදාස රාජපක්ෂ, තිස්ස විතාරණ, විදුර වික්‍රමනායක, ගෙවිදු කුමරණතුංගයි. අසංක නවරත්න යන පිරිසයි. මෙම තීරණය මත පදනම්ව සිටියදී ජනාධිපතිතුමන් මෙම පිරිසට සාකච්ඡාවකට පැමිණීමටආරාධනා කළ බවත් ඒ අනුව මොවුන් ඊයේ(21) ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කළ බවත එහිදී ජනාධිපතිවරයා බොහෝ හැගීම්බරව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට මේ ද්විත්ව පුරවැසි භාවය ගෙන ආවේ තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැලක් වීමට බව හැගීම්බරව පැවැසූ බවත් ඇමැතිවරයා පැවැසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද කීය ‘‘ ඒ සාකච්ඡාවේදී එතුමා පැහැදිලිව කිව්වා. ලබන වසර ඇතුළත ගෙන එනු ලබන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේදී ඒ ද්විත්ව රට වැසියටන්ට පාර්ලිමේන්තුවට ඒ වගේම විධායක මට්ටටම් තනතුරු දරන්න තියෙන අයිතිය අහිමි වන ආකාරයේ වගන්තියක් නිසැක වශයෙන්ම ඇතුළත් කරනවා ඒ කාරණය වර්තමාන අධිකරණ ඇමැති අලි ශබ්රි මහත්තයා මගින් අද පාර්ලිමේන්තුවේදී කරන පිළිතුරු දීමේ කතාවෙදී ඒ බව සනාථ කරමින් ප්‍රකාශයක් සිදු කරනවා ඒ ගැන විශ්වාසය තියලා මේ වෙලාවේ අපිට කරුණා කරලා මේ ව්‍යවස්ථා සංශෝධනයට බෙදීමක් ඇති කරගැනීමෙන් වලකින්න කියලා. ජනාධිපතිතුමන් කෙරෙහි තියෙන විශ්වාසයත් ඒ වගේම එතුමා දීපු වචනය ක්‍රියාත්මක කරන නායකයෙක් කියන අවබෝධයත් මත අපි සාමූහිකව තීරනේ කළා ද්විත්ව රට වැසි භාවය පිළිබද ප්‍රතිපත්තිමය විරසක භාවය එලෙසින්ම තබා 2021 වසරේදී සම්මත කිරීමට බලාපොරොත්තු වන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරනවා කියලා එතුමා දුන්න ප්‍රතිඥාව පිළි අරගෙන කාරක සභා අවස්තාවේ ඒ වගන්තිය පිළිබඳ ඡන්ද විමසීමේදී නිෂ්ක්‍රීයව සිටීමට අප පෙරදී ගනු ලැබූ තීරණය අවලංගු කරලා ආණ්ඩු පක්ෂය තුළ බෙදීමක් ඇති නොවන ආකාරයට කටයුතු කළ යුතුයි කියන නිගමනයට අපි සාමූහිකව ආවා. https://youtu.be/8MmRB3cUi8c
 

More News..