brand logo

20 ගැන කමිටු වාර්තාව ජනපති හා අගමැතිට

15 September 2020

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අධ්‍යයනය කිරීමට පත්කළ කමිටු වාර්තා අද (15) ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට භාරදීමට නියමිතව තිබේ. එම කමිටු වාර්තාව හෙට (16) දිනයේ අමාත්‍ය මණ්ඩල රැස්වීමට ද, ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 9 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කළේය.
 

More News..