brand logo

20ට ඡන්දය දුන්නේ බැසිල් නිසා බව රිෂාර්ඩ්ගේ මන්ත්‍රී කියයි

25 October 2020

විසිවන ව්‍යවස්ථා සංශෝධනයට ආදාලව පාර්ලිමේන්තු ඡන්ද විමසන අවස්ථාවේදී ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට මැතිවරණ සඳහා ඉදිරිපත්වීමට අවස්ථාව ලැබෙන සංශෝදනයට පක්ෂව තමා ඡන්දය භාවිත කලේ බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් බව රිෂාඩ් බද්යුද්දීන් මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මක්කල් කොන්ග්‍රසයේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී එස් එම් එම් මුෂාරෆ් මහතා සඳහන් කරනවා. ඔහු මේ බව කියා සිටියේ පෞගලික රුපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්‌ වෙමිනි. වැඩි දුරටත් අදහස් දක්වන මන්ත්‍රී මුෂාරෆ් සඳහන් කරන්නේ බැසිල් රාජපක්ෂ යනු රාජපක්ෂ පවුලේ සිටින සියලු ජන කොටස් සමග සංහිඳියාවෙන් කටයුතු කරන පුද්ගලයකු බවයි එමෙන්ම බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු පැමිණීමෙන් කිසිවෙකුට හානියක් නොවන බව තමා සිතන බවත් එහෙයින් ඡන්දය ප්‍රකාශ කළ බවත් ඔහු පවසයි. ද්විත්ව පුරවැසි වගන්තිය සඳහා විපක්ෂය ඡන්දයක් ඉල්ලූ අවස්ථාවේ ආණ්ඩුවේ ඇතැම් කණ්ඩායම් එය එකතු වී එය පරාජය කළහොත් බැසිල් රාජපක්ෂට අහසුතාවක් ඇති වනු ඇතැයි සිතා සුළු ජනතාව වෙනුවෙන් තමා තීන්දුවක් ගත් බව ඔහු එහිදී වැඩි දුරටත් සඳහන් කර ඇත.
 

More News..