brand logo

1998 ශ්‍රී ලංකා සංචාරය හාස්‍යජනකයි

17 February 2021

ආවේ මෙරට 50 වැනි නිදහස් දිනය සමරන්න බ්‍රිතානයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු 1998 වර්ෂයේදී තමා ශ්‍රී ලංකාවේ කළ සංචාරය අතරතුර මුහුණ දීමට සිදුවූ හාස්‍යජනක සිදුවීම් රැසක් සිහිපත් කර ඇත. එක්සත් රාජධානියේ එක්ස්ප්‍රස් (Express) පුවත්පත අතීතය සිහිපත් කරමින් පළකර ඇති වාර්තාවකට අනුව චාල්ස් කුමරු එම සංචාරයේ නිරතව ඇත්තේ ශ්‍රී ලංකාවට නිදහස ලැබී වසර 50 ක් සපිරීම හේතුවෙන් සංවිධානය කළ උත්සවයකට සහභාගීවීම සඳහා ලද නිල ආරාධනයකට අනුවය. සිවිල් යුද්ධයේ උච්චතම අවස්ථාව කෙසේ වෙතත් එවකට ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය උච්චතම අවස්ථාවේ පැවැති අතර චාල්ස් කුමරුගේ ආරක්ෂක උපදේශකයන් මෙම සංචාරයෙන් වළකින ලෙසද කුමරුට උපදෙස් ලබාදී ඇත. කෙසේ වෙතත් එම උපදෙස්වලට කන් නොදෙමින් මෙරටට පැමිණි චාල්ස් කුමරු රටට ඇතුළු වන තැන සිටම ඔහුට සිනහව වළකා ගැනීමට නොහැකිව ඇතැයි එක්ස්ප්‍රස් වාර්තාවේ දැක්වේ. කාලතුවක්කු වෙඩි මුරයේ ගිනි පුපුරකින් ගුවන් පථය ආසන්නයේ තණ බිස්ස ගිනි අරන් ආචාර දැක්වීමට වල් බල්ලෙකුත් ඇවිත් කුමරු රටට ගොඩබසින ලද අවස්ථාවේ හමුදාව විසින් උත්තමාචාර ලෙස කාලතුවක්කු වෙඩි මුර තබා ඇති අතර එහිදී විසිවුණු ගිනි පුපුරු හේතුවෙන් ගුවන් තොටුපොළේ ගුවන් පථය ආසන්නයේ තණබිස්සට ගිනි ඇවිළී තිබේ. එම ගින්න නිවීමට ගිනි නිවන රථ පැමිණෙමින් තිබියදී සංවිධානය කර තිබූ තවත් හමුදා පෙළපාළියකට ආචාර දක්වමින් කුමරු ගමන් කර ඇත. එහිදී කොහේදෝ සිට පැමිණි වල් බල්ලෙක් (අයාලේ යන සුනඛයෙක්) කුමරුගේ ආචාර දැක්වීමේ ගමනට එක්වී ඇති අතර එම ගමන අවසන් කරන තුරු සුනඛයා කුමරු අසලින් ඉවත් වී නැත. එම අවස්ථාවේ මෙරට හමුදා තූර්ය වාදක කණ්ඩායම ලිබර්ටි බෙල් (Liberty Bell) නමැති සංගීත ඛණ්ඩය වාදනය කර ඇත්තේ වරද්ද වරද්දාය. තමා මෙම සියලු ජවනිකා ‘මුව අයාගෙන’ නරඹමින් සිටි බව කුමරු ප්‍රකාශ කර ඇත. එල්ටීටීඊ ත්‍රස්ත ප්‍රහාරය නිසා දළදා මාලිගාව වෙනුවට පිරිමි යට ඇඳුම් නිෂ්පාදනාගාරයක් පෙන්නලා මෙම සංචාරයේදී කුමරු දළදා මාලිගාවේ සංචාරයක නිරත වීමටද නියමිතව තිබූ නමුත් එම සතියේදීම එල්ටීටීඊ ත්‍රස්තයන් විසින් ඊට බෝම්බ ප්‍රහාර එල්ල කර තිබිණි. එම නිසා එම පූජනීය ස්ථානයේ සිදුකරන සංචාරය වෙනුවට සංවිධායකයන් විසින් මෙරට පිහිටි මාර්ක්ස් ඇන්ඩ් ස්පෙන්සර් නමැති පිරිමි යට ඇඳුම් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් නැරඹීමට කුමරුව රැගෙන ගොස් තිබිණි. නයන තරංග ගමගේ  
 

More News..