brand logo

මහේල සංගා ක්‍රීඩා ඇමති හමුවෙයි

21 February 2019

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයන් වන කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා. මෙම හමුවේදි ඔහු සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව පිළිබඳව සංගා, මහේල හා හිටපු නායක අරවින්ද ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කරන බවයි. එම යෝජනා කුමන පාර්ශ්වයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයන් ජයගත්තත් ඔවුන් සමග ඉදිරියට ගෙන යන බවද අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා. එසේම එම යෝජනා සති තුනක් තුළ කැබිනට් මණ්ඩලයටත් ලබන මැයි මාසයේදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවටත් අමාත්‍යවරයා සහතික වී ඇති බවට තොරතුරු වාර්තා වනවා.
 

More News..