brand logo

චන්දිමාල් පස්වැනි තැනට

20 February 2019

එක්දින සහ ටෙස්ට් තරගවලින් තාවකාලික ඉවත්ව යළි සිය රිද්මය සකස් කර ගැනීම වෙනුවෙන් දේශීය සීමිත පන්දුවාර තරග සදහා පිවිසුනු දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා ක්‍රිකට් පන්දුවාර විස්ස දේශීය තරගවලදී යළි සිය දක්ෂතා අතරට පැමිණෙමින් සිටිනවා. එන්.සී.සී කණ්ඩායම නියෝජනය කරමින් ඊයේ (19) සැරසන් කණ්ඩායමට එරෙහිව ශතකයක් ද වාර්තා කිරීමට චන්දිමාල් සමත් වුණා. එන්.සී.සී. කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි චන්දිමාල් පන්දු 62කදී හයේ පහර හා හතරේ පහර හය බැගින් වාර්තා කළා. ‌මෙවර තරගාවලියේදී මේ දක්වා වාර්තා වූ දෙවැනි ශතකය මෙය වනවා. එන්.සී.සී. පිටියේ පැවැති තරගයේදී මුලින්ම පන්දුවට පහරදුන් එන්.සී.සී. කණ්ඩායම කඩුලු පහට ලකුණු 196ක් රැස්කිරීමට සමත්වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සැරසන් කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 149/9ක් පමණයි. චන්දිමාල් මේ දක්වා එම තරගාවලියේදී තරග 4කට ක්‍රීඩා කර තිබෙනවා. එහිදී ඔහු 1,41*,18,101* ලෙස ලකුණු රැස්කර ගැනීමට සමත්වුණා. ඒ අනුව ඔහු ලකුණු 161ක් රැස්කරමින් වැඩිම ලකුණු රැස්කළ ක්‍රීඩකයන් අතර පස්වැනි ස්ථානයේ පසුවනවා. තරග හතරකදී එක් ශතකයක්, ඒක් අර්ධ ශතකයක් සමගින් ලකුණු 234ක් රැස්කරගෙන ඇති සදීර සමරවික්‍රම වැඩිම ලකුණු රැස්කළ ක්‍රීඩකයන් අතර පෙරමුණේ සිටිනවා. ඔහුට අමතරව ෂෙහාන් ජයසූරියද තරග 4කදී ලකුණු 209ක් රැස්කරගෙන තිබෙනවා.
 

More News..