brand logo

20 සම්මත නොවුනහොත් ජවිපෙන් ජනාධිපතිවරණයට අපෙක්ෂකයෙක්

18 February 2019

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව තුළ සම්මත නොවුනහොත් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණ තරග වදින බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ප්‍රකාශ කරයි. ඊයේ(17) දින පොළොන්නරුව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්ප්‍රකාශ කළ අතර තමන්ගේ ප්‍රධාන අරමුණ වන්නේ ඒකාධිපති බලතල සහිත විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම වන බව විජිත හේරත් මහතා මෙහිදී වැඩි දුරටත් සඳහන් කළේය. මාර්තු 5 වන දා දක්වා ඒ සඳහා ආණ්ඩුවට කල් ඇති බවත් එසේ නොවුනහොත් පුද්ගලික මන්ත්‍රී පනත් කෙටුම් පතක් ලෙස එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ඔහු සඳහන් කළේය. 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට උපරිමයෙන් කැපවෙන බවත් එයට තුනෙන් දෙකක ඡන්දයක් පාර්ලිමේන්තුව නොලැබෙන්නේ නම් නිසැකයෙන්ම රටේ විවිධ කේෂ්‍ත්‍රවල පුද්ගලයින් එකතු කර ගත් පුළුල් පෙරමුණකින් ජනාධිපතිවරණයට අපෙක්ෂකයෙක් ඉදිරිපත් කරන බව ද විජිත හේරත් මහතා සඳහන් කළේය.  
 

More News..