brand logo

19න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් පළමු තරගයේදීම පෙරළියක්

15 January 2022

දුනිත් වෙල්ලාලගේ ලකුණු 27කට කඩුලු 5ක් දවා ගනී

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් වුණි. ඒ ස්කොට්ලන්ත කණ්ඩායම ලකුණු 40කින් පරාජයට පත් කරමිනි. බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ගයානාහිදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 45යි පන්දු 2ක් අවසානයේදී සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 218කි. ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු දෙක ලකුණු 60කදී බිඳ වැටීමත් සමග ‍ඉනිමේ කඩාවැටීමක් සිදුවු අතර ලකුණු 99ක් ලෙස සටහන් වනවිට කඩුලු 6ක් ශ්‍රී ලංකා ඉනිමේ බිඳ වැටී තිබුණි. කෙසේවෙතත්, 7 වන කඩුල්ල සඳහා රවීන් ද සිල්වා සහ සකුණ ලියනගේ එක්ව ලකුණු 77ක සබඳතාවයක් ගොඩනගමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළට ඔසවා තැබීය. සකුණ ලියනගේ පන්දු 85කදී ලකුණු 85ක් රැස් කළ අතර ඔහුගේ ඉනිම හයේ පහර 4කින් සහ හතරේ පහර 3කින් වර්ණවත් වුණි. ලකුණු 219ක ඉලක්කය හඹායාම සඳහා පිටියට පිවිසි ස්කොට්ලන්ත කණ්ඩායමට පන්දුවාර 48යි පන්දු 4ක් අවසානයේදී සියලුදෙනා දැවී රැස් කරගැනීමට හැකි වුයේ ලකුණු 178ක් පමණයි. පන්දු යැවීමේදී නායක දුනිත් වෙල්ලාලගේ ලකුණු 27කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුණි.
 

More News..