brand logo

අපි ටිකක්වත් දැනගෙන හිටියේ නැහැ ශ්‍රී ලංකාවේ අලුත් පන්දු යවන්නන් ගැන

14 February 2019

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි. තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් නායක දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දුවට පහරදීම සදහා දකුණු අප්‍රිකාවට ආරාධනා කර සිටියා. ඒ අනුව දකුණු අප්‍රිකානුවන් පළමු ඉනිම සදහා සියලුදෙනා දැවී ලකුණු 235ක් ලබාගත්තා. දකුණු අප්‍රිකාව වෙනුවෙන් ක්වන්ටන් ඩි කොක් ලකුණු 80ක් ලබාගත්තා. ඉන් අනතුරුව පිළිතුරු පළමු ඉනිම සදහා පන්දුවට පහරදීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවන් ඊයේ දිනය නිමා වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 45ක් ලබාගෙන සිටියා. ඊයේ දිනයේ තරගය නිමාවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ක්වන්ටන් ඩි කොක් මෙලෙස කියා සිටියා, "අපි ටිකක්වත් දැනගෙන හිටියේ නැහැ ශ්‍රී ලංකාවේ අලුත් පන්දු යවන්නන් ගැන. මම හිතන්නේ එයාලා අපේ ආරක්ෂාකාරී ඉරියව් ගැන දැනගත්තා. සුරංග ලක්මාල්ට එරෙහිව අපේ කණ්ඩායමේ හොද සැළසුමක් තිබෙනවා. ඒත් මේ අලුත් ක්‍රීඩකයන් දෙදෙනා ගැන මීට පෙර දැනගෙන හිටියේ නැහැ. එයාලගේ පන්දු යැවීම ඉතාමත් හොදයි. එයාලා තමන්ගේ ලෙන්ත් එක දිගේ හොදින් පන්දු යවනවා. ඒ වගේම තමන්ව කණ්ඩායමට ගත්තු එකට හරියන්න එයාලා හොදින් ඒ කාර්ය කරනවා, ඒ නිසා අපිට හුගක් මහන්සි වෙන්න සිද්ධ වෙනවා." ක්වන්ටන් ඩි කොක් දැවී ගියේ කසුන් රජිත විසින් යවන ලද පන්දුවකට එල්ල කළ පහරක් නිරෝෂන් දික්වැල්ලට උඩපන්දුවක් ලබාදෙමින්. https://youtu.be/Yg62RgH9xog https://twitter.com/OfficialCSA/status/1095683948544434176
 

More News..