brand logo

වැදි කෙල්ලෙක් කුඩු ගහලා

15 October 2021

සිවිල් ආරක්ෂකයකු ඇතුළු 7ක් එක්ක වැදි තරුණිය කැලේ මැද මත් වෙයි

දිඹුලාගල බිම්පොකුණ ප්‍රදේශයේ කැලෑවක ඊයේ (14 වැනිදා) උදෑසන හෙරොයින් පානය කරමින් සිටි අවුරුදු 20ක ආදිවාසී තරුණියක් සහ සිවිල් ආරක්ෂක භටයකු ඇතුළු හත්දෙනකු අත්අඩංගුවට ගත් බව අරලගංවිල පොලිසිය කියයි. අරලගංවිල දූෂණ මර්දන අංශයට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී ඔවුන් සතුව තිබූ හෙරොයින් ග්‍රෑම් දහඅටයි මිලිග්‍රෑම් විස්සක් සොයාගත් බව ද පරීක්ෂණ සිදු සිදුකරන අරලගංවිල පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් දලුකානේ පදිංචි අවුරුදු විස්සක් වයසැති ආදිවාසී කාන්තාව මීට පෙර අවස්ථා තුනකදීම හෙරොයින් ළඟ තබාගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දඬුවම් ලබා ඇති තරුණියක බවද පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවටට ගත් සැකකාර සිවිල් ආරක්ෂක භටයා මනම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිට රිදිපොකුණ සිවිල් ආරක්ෂක බළකා මූලස්ථානයට අනුයුක්තව සේවය කරන අයකු බවද පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් අනිත් සැකකරුවන්,වෙහෙරගම,බිම්පොකුණ, 8 කනුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලිසිය පවසයි. මෙම සැකකරුවන් වයස අවුරුදු විස්සත් තිහත් වයසේ පසුවන තරුණ තරුණයන් බවත් ඔවුන් හෙරොයින්වලට දැඩි ලෙස ඇබ්බැහි වූවන් සහ ජාවාරමක් වශයෙන්, සිදුකරන අයවලුන්ය. සැකකරුවන් 14 වැනිදා පොලොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ද අරලගංවිල පොලිසිය පවසයි. නිමල් ජයරත්න - මනම්පිටිය
 

More News..